60 කොටස

17.6K 1.8K 333
                                    

" සුදුමහත්තයා.. උඹ ඕවට ගියාට කමක් නෑ.. ලකුණූ එහෙම අඩුකරගෙන මෙතන මට එක එකාගෙන් කතා අහගන්න ලෑස්ති කරනවා නෙමේ.."

" හරි හරි අනේ එකදවසනෙ.. ඉවරයි.. ආයෙ යන්නෙ නෑ.."

" ආයෙ යන්නෙ නෑ තමයි.. එක දවසකවත් ගෙදර නෑ.. හැමදාම මොකක් හරි මගුලක්.."

" අනේ මේ අර රධ්‍ය අයියත් කවදාවත් ඉස්කෝලෙ ඉදපු එකෙක් නෙමේ ඌ හැමදාම හිටියෙ කැඩෙට් කෑම්ප් වල.. කෝ ඉතින් අයිලන්ඩ් රෑන්ක් එකකුත් දැම්මෙ.."

" උඹට ඉතින් එච්චර එකක් කරගන්න බැරි වග මම දන්නවනෙ.. ඒ ළමයි ඒවට ගියාට උනන්දු වෙනවා ඇති.."

" ආපෝ මොන මගුලක්ද මේ.. බනිනවා බනිනවා.. මම යනවා යන්න.. දොරවල් වහන් ඉන්න හොදේ.. රෑට ලොකු අම්මලගෙ ගෙදර යනව නේ.."

" ම්ම්.."

මම පුප්පගෙන ගිහින් අම්මට වැන්දහම අම්මත් පුප්පගෙන මට බුදුසරණයි කිව්වා.. ඊටපස්සෙ මම උදේ පාන්දර පහට පුප්පගෙනම එළියට බැහැලා හෝල්ට් එකට ආවා.. මොන ලබ්බකට උදේම එන්න කියනවද මන්දා.. සීතලයිත් එක්කන්.. බෑග් එකත් ටොන් එකක් විතර බරයි.. මම හෝල්ට් එකට ඇවිත් විනාඩි දහයකින් විතර අපේ අම්මගෙ වීර පුතා උගේ අයියත් එක්ක ඇවිත් මාවත් දාගෙන ඉස්කෝලෙට එන්න ආවා.. 

" ගුඩ්මෝනින් ආධ්‍ය අයියෙ.."
" ඒයි මේහ් ගුඩ්මෝනින්.."

මම දෙන්නටම ගුඩ්මෝනින් කියලා ආධ්‍ය අයියට හිනාවුනා.. 

" අම්මෝ හුග කාලෙකින් දැක්කෙ.. ගුඩ් මෝනින්.."

" ඔයාට මාව මතක් වුනාද අයියෝ.."

මම ආධ්‍ය අයියගෙන් අහද්දි මගේ එහාපැත්තෙ ඉදගෙන හිටපු රධ්‍ය අයියා මං දිහා රවලා බැලුවා.. මොකද දන්නෑ රවන්නෙ.. නෑනෙ.. රවන්න විතරනේ දන්නෙ..

" මතක් වුනා නේන්නම්.."

" ඔහ්.. ශෝක්නෙ.."

" ම්ම්.. මතක් නොවී තියෙන්න බෑනෙ අපේ ගෙදර ඉන්න ඔයාගෙ හැපීකව්වගෙ ඇග පුරාම හූරලානෙ බළල් පැටියෙක්.. බළල් පැටියෙක්ද ඩ්‍රැකියුලෙක්ද මන්දා.."

" ඈ සිරාවට.. හැපීකව්වා..??? ඒ අයියෙ ඔයා කිව්වෙ හැපීකව්වා කියලද.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now