137 කොටස

12.6K 1.5K 914
                                    

" කව්ද බොලේ ඩ්‍රෙසින් රූම් එක අස්සෙ බෝනික්කො හැංගුවෙ.. අඩේ.."

" ෆාතිමාවත් මෙච්චර හැඩට නෑ බං.. සිරාවටම.."

" අනේ හු#තො පලයන් මගෙන් කුණුහර්ප අහගන්නැතුව.."

මම දමලා ගහලා ඇවිත් ඩ්‍රෙසින් රූම් එකේ පැත්තකි කකුල් දෙකත් දිගෑරගෙන වාඩිවුණා.. මීට වැඩිය හොඳයි රෙද්ද නැතුව තර්ස්ටන් වටරවුමෙ දුවලා එනවා.. අපරාදෙනෙ මම අන්දරේගෙ ගෑණි වෙන්න බාරගත්තෙ..  වරදයා උඹ හැමදාම ඉල්ලගෙනම කනවා.. නොදකින් නොදකින්.. මිනිහත් ඕඩියන්ස් එකේ ඉන්නව නේද.. ආධ්‍ය අයියෙ මාව හොස්පිට්ල් ගෙනිහින් දාන්නකො..

" ටසිරි භල්ලො.. මේ උඹද.."

කොහේදෝ මන්දා අස්සක ඉඳලා සෙනුකයා සරමකුයි උරහිස ගාවින් පැත්තෙන් ගැටගහන බැනියමකුයි ඇඳගෙන මාව හොයාගෙන ඇවිල්ලා මගේ මූණටම පාත් වුණාම මම පිටිපස්සට වුණා.. සැක්.. මම නිකන් ප්‍රදර්ශන භාණ්ඩෙ වගේ යන යන එකා දෙපාර දෙපාර හැරිලා බලනවා..

" කෝමතේ මගේ සෙස්සි කුක්කුදෙක.."

සෙනුකයා මගේ පපුව හරියන් අල්ලලා අත එහාට ගත්තා..

" උඹනම් ආයෙ ගෑණුන්ට අඳින්න තියාගන්න එපා.. මම එහෙම වුණොත් උඹව කරකාර බැඳගන්නවා මගේ මිනිහට ඕන කුදයක් ගහගනින් කියලා.."

" දෙයියනේ මේ පෞකාරිව.."

" නැතුව මේ පෞකාරයා ඔයා වෙනුවෙන් ඕනම දෙයක්.."

මම පොඩ්ඩක් ගස්සලා කල්ලා අහක බලාගත්තම සෙනුකයා දෙකට තුනට නැමිලා හිනාවුණා.. අපේ ඩ්‍රාමා එකේ උන්ට සාපේක්ශව ඉතින් මම කොටයිනෙ පොඩ්ඩක්.. පොඩ්ඩක් කිව්වෙ pod+duck.. ඔය එක එක පොල් කෑඳැත්තො මම කොටයි කියලා අපහස කළාට මමත් උසයි.. දැන් ආශි දොඩම් ගෙඩිය වගේ කොච්චර කොටද.. එහෙම බලද්දි මම හෙන උසයි..

" වරෙන් බොගෙ කොණ්ඩෙ මල ගහන්න.."

සෙනුකයා මගේ කොණ්ඩෙ තිබ්බ මල ගලවලා ගත්තා.. හොඳවෙලාවට රෙද්දට යටින් ජීන් එකක් අඳින්න කිව්වෙ.. නැත්නම් මම ස්ටේජ් එක මැද්දෙම රෙද්ද කඩාගත්තොත් මොන දෙයියට කියන්නද.. අන්දරේ මාව උස්සලා පොලොවෙ ගහවි.. අන්තිමට වෙන එකක් නටලා අතිගරු ජනාධිපතිතුමත් බයවෙලා සභාවත් බයවෙලා මගේ මිනිහත් බයවෙලා ඉස්කෝලෙ විනයභාර සර්ට හාට් ඇටෑක් එකක්වත් හැදුණොත් එහෙම.. ඒ අස්සෙ මට නිකම් පළවෙනි පාරට මනමාලියෙක්ට ඇඳපු එකෙක්ට වගේ හැගීමකුත් එනවා.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now