61 කොටස

18.5K 1.8K 368
                                    

හයහමාර වෙද්දි හරියටම කෑම්ප් එක පටන් ගත්තා.. අපි විතරක් නෙමේ කෑම්ප් එකට හයසීයක් විතර හිටියා.. ජූනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එක, සීනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එක, ස්ටුවර්ඩ් බෝඩ් එක, ප්‍රයිමරි ප්‍රිෆෙක්ට් බෝඩ් එක ඔක්කොම අද කෑම්ප් එකට ඇවිත් හිටියා.. ඒත් ප්‍රයිමරි එකේ පොඩි මල්ලිලා හවස් වෙද්දි ගෙදර යනවලු... අපිට තමා රෑටත් නවතින්න වුනේ..

මුලින්ම උදේට බුදුන් වැදලා අපිට ආපු ගෙස්ට් කෙනෙක් හෙන විසාල ලෙක්චර් එකක් දුන්නා.. අද කෑම්ප් එකේ අරමුණු මොනවද , දවසේ කාලසටහන මොකක්ද , හැසිරෙන්න ඕන කොහොමද අරවා මේවා හෙන තොගයක්..පැය එකහමාරක් විතරම ආපු ගෙස්ට් ඒවා ගැන කියවද්දි මම ශේප් එකේ කියාන් අයියා එක්ක පිටීමපස්සට වෙලා ඉස්කෝලෙන් අහුලගත්තු සියඹලා වගයක් කකා කියව කියව ඉදියා.. සෙනුකයයි අයුක අයියයි රධ්‍ය අයියයි අපිට එහාපැත්තෙ හරි කෙලින් ඉදගෙන අර ලෙක්චර් එක අහගෙන ඉන්නවා..

" මේක ඇඹුල් වැඩි නැද්ද හලෝ.."

" ඒකතමා උඹට කිව්වෙ අර පහළ ගහේ ඒවා පැණිරසයි.. කොහෙද උඹට මේකම කන්න ඕන වුනානෙ.."

" හරි ඉතින් දැන් තවුසෙ කියන්නෙ මේ තකහනියෙ මට පහළ යන්න කියලද.."

" ඒ වුණාට ගිහින් එන්න තිබ්බෙ නැද්ද..?? ආ?? කියපන් බලන්න.."

" හරි හරි මගුල ඉතින්.. මට බනින්නෙ.. මේ රධ්‍ය අයියෙ මූ මට බනිනවා.."

මම රධ්‍ය අයියගෙ ශර්ට් එකෙන් ඇදලා කියද්දි රධ්‍ය අයියා මටයි කියාන් අයියටයි දෙන්නටම රවලා ආයෙම පහසුවෙන් ඉදගෙන ඉස්සරහා බලාගත්තා.. 

" ප්ස් මෙහ්.. ඔයාටත් සියඹලා ඕනද??"

"...."

" කියනවකො එපාද.."

"...."

" ඒයි රධ්‍ය ශනව් හෙ-ම්ම්ම්.ම්ම්.ම්.ම්ම්"

" කට වහගෙන ඉදපන් වරද්!!"

රධ්‍ය අයියා මගේ හක්ක ගැලවිලා එන්නම කට තද කල්ලා අල්ලලා මට නොමනා විදියට තර්ජනයක් කලා.. 

" මට ගෙදර යන්න ඕන.. කකුල් දෙක රිදෙනවා.."

" බලපන්.. ඈ ෂනෙරු මල්ලෙ.. අර ප්‍රයිමරියෙ පොඩි උනුත් ඉන්නවා යස අගේට හිටගෙන.. උඹට මොකද බැරි එහෙම ඉන්න.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now