70 කොටස

20.3K 1.8K 240
                                    

" කොල්ලො.."

" ඕ මාමෙ.."

" ගෙදර පලයන්කො මගුල.. උඹට කොළඹ ඉඳලා එපාවෙන්නෙ නැද්ද මං අහන්නෙ.. "

" එන්නම් එන්නම්.. ආවට ඉතින් මාමා නෑනෙ ගෙදර.."

" මම නැතිවුණාට උඹ වරෙන්කො.."

" එනවා අයියෝ.. ලබන සතියේ විතර එන්න හිතාගෙන ඉන්නෙ.. ඕක කියන්නද මේ තකහනියක් පාන්දර කෝල් කලේ.."

" ඒකටයි තව වැඩක් කියන්නයි තමා.. මම මේ උඹට ගන්නෙත් තඩි ගලක් උඩ නැගගෙන.. පිං දීපන් අපි වගේ මාමලා ලබන්නත්-"

" ආ ඇති ඇති අපො.. ගත්ත එක කියපංකො මාමෙ.. වෙන ලබ්බවල් කියවන්නෙ.."

" මම ට්‍රාන්සර් එනවා.. ආයෙම නාරාහෙන්පිට කෑම්ප් එකට.."

" අඩේ සිරාද.. මරුනෙ මාමෙ.. මම හිතුවෙ මාමා ආයෙ ජීවිතේට කොළඹ එන එකක් නෑමයි කියලා.."

" එන්නම නෙමේ හිටියෙ.. ඒ වුණාට මේ ජීවිතේ තේරුමක් නෑ බං.. කැලයක් අස්සට වෙලා.. මෙහේ බලන්න ලෙඩ්ඩු මොකෙක්වත් නෑ.. දවසම නිකන් ඉන්නෙ බිලට් එකට වෙලා.. ඇඳවල් වල මකුණොයි.. සැක් මේ උබනම් කවදාවත් ආමි එකටනම් එන්න එපා.. මේක මහ කරුමක්කාර ජීවිතයක්.."

" මම එන්නෙ නෑ තමයි ඉතින්.. දැන් කවද්ද එන්නෙ.."

" අපිට ප්‍රමෝශන් ඇවිල්ලා  බං.. ඉතින් නාරාහෙන්පිට ආවහම මම එහේ බිලට් එකේ නවතින්නෙ නෑ.. ක්වාටස් නවතිනවා.."

" කොහෙ.. වත්තලද.."

" ම්ම්.. මට අක්කා කිව්වා උඹ බෝඩ් වෙන්න ඉන්න කතාවක්.."

" ඔව් මාමෙ.. ක්ලබ් එකේ වැඩ වලටයි ඉස්කෝලෙ වැඩ වලටයි මෙහෙන් බෝඩ් වෙන්න බැලුවෙ.. ලොකු අම්මලගෙ තැන් වල හැමදාම නිකම් බල්ලො වගේ වැටිලා ඉන්න බෑනෙ.. වැඩ ගොඩක් තියෙනවා කරගන්න.. බෝඩ් වෙන එක හොඳයි කියලා හිතුණා.."

" ඒකතමයි ඒකතමයි.. ඒ වුණාට බෝඩ් වෙන්න ඕන නෑ.. වරෙන් මාත් එක්ක ක්වාටස් නතර වෙන්න.. උඹට ඕවගෙ ඉන්න බෑ.. මම දන්නැද්ද.. බෝඩ් වෙලා උඹ හිතනවා වගේ ආතල් එකේ ඉන්න බෑ බං.. එපාවෙනවා.. මම මේ නාරාහේන්පිට එන වැඩේට කැමති වුනෙත් උඹවත් ඉන්න නිසා.."

" අම්මගෙන් අහුවද මාමා.."

" ඔව් අක්කා කිව්වා උඹෙන් අහන්න කියලා.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now