99 කොටස

13K 1.6K 250
                                    

" අයියෙ මේ අහන්නකො.. එහෙම මොකුත් වෙන්නෙ නෑ.. අපි ගිහින් එයා සීට් එකේ ඉන්නවනම් කතාකරමු.. එච්චරයි.. හරිද.."

" අප්පච්චි මාමව දැක්කද දන්නෙ නෑ වරද්.."

" නෑ නෑ මෙච්චර ගොඩක් අස්සෙ දකින්න විදියක් නෑ.. මට ශුවර්.. ප්ලීස් කලබල වෙන්නෙ නැතුව අපි හොයමුකො.."

රධ්‍ය අයියා ඇවිත් ඩ්‍රෙසින් රූම් එකේ කෑගහලා බම්බුවක් නටපු නිසා පැත්තක හිටිය සෙනුකයත් හොඳටම බය වුණා.. ඊටපස්සෙ රධ්‍ය අයියා ආධ්‍ය අයියා හම්බෙන්න පහළට ගියා.. මේ අප්පච්චි කියන මනුස්සයා එක මොහොතකට හොඳින් කතාකරන්නෙ නෑනෙ.. ආධ්‍ය අයියට කතාකරන්නෙ තමුන්ගෙ අයියා කියලා.. එදා අර ගමේ පන්සලේ ඉද්දිත් ෆෝන් එකෙන් කතාකලේ එහෙමයි.. යකෝ තමන්ගෙ පුතාට මේ මනුස්සයා කතාකරන්න දන්නෙ නෑනෙ..ම්මපා දවසක මට දෙකක් කියන්න හම්බුනොත්නම් කියනවා අප්පච්චිට කන් දෙකේ ඇඟිලි ගහගන්න.. 

මමයි රධ්‍ය අයියයි ආධ්‍ය අයියා ඉඳපු සීට් එක ගාව තිබ්බ එක්සිට් ඩෝ එකෙන් ඇතුළට ගිහින් එයාලා සිට් එකේ ඉන්නවද බැලුවා.. මට කළුවර නිසා එච්චරම පෙනුනෙ නෑ.. අනික රධ්‍ය අයියා මගේ ඉස්සරහා නිසා මගේ දර්ශනපථයම එයා වහගෙන තිබ්බේ.. රධ්‍ය අයියා තප්පර පහක් විතර එහෙට මෙහෙට වෙලා අයියා ඉන්නවද බලලා මාවත් ඇදගෙන එළියට ගියා..

" අයියා සීට් එකේ නෑනෙ.."

" මොකක්..??"

" ඔව්.."

" කෝල් එකක් ගන්න කෝල් එකක්.."

රධ්‍ය අයියා කලබලෙන් ෆෝන් එක අරගෙන දෙපාරක් තුන්පාරක්ම පාස්වර්ඩ් එකත් වරද්දගෙන අයියට කෝල් එකක් ගත්තා..

" ආන්සර් කරන්නෙ නැද්ද.."

" නෑනෙ.. වරද් මොකද කරන්නෙ.."

" අහන්නකො.. ඔයා එළියට ගිහින් බලන්න පාකින් ලොට් එකේ අයියගෙ කාර් එක තියද කියලා.. මම ඇතුළේ ඉන්නවද බලන්නම්.. හරිද.."

" හම්බුණොත් මට කෝල් එකක් දෙන්න ඉක්මනට.."

මම අපේ මාමට කෝල් එකක් අරගෙන ඒක කනේ තියාගෙන කෝකටත් ආයෙම එයාලා හිටි තැනට එබිලා බැලුවා.. ආධ්‍ය අයියත් නෑ මාමත් නෑ.. කොහෙ ගියාද මන්දා.. මට එකපාරට යන්න තැනක් මතක් වෙන්නෙත් නෑ.. මම බැල්කනි වලින් පහලට එබි එබි හොයන්න ඕන හැමතැනම ඒ හරියේ බැලුවා.. මේකත් හෙන විසාලයිනෙ තනි මට හොයන්නත් බෑ.. අන්තිමේ මම කොහොමහරි වොශෲම් එක හොයාගත්තා.. ඒක තිබ්බෙ පහළ.. කවුරුත්ම හිටියෙ නැති නිසා මම ෆෝන් එකත් සාක්කුවේ ගහගෙන සද්දයක් නැතිවෙන්න වොශෲම් එකේ දොර ගාවට ගිහින් අරිනවද නැද්ද කියලා කල්පනා කලා.. මුන් දෙන්නා ඇතුළෙ මොන මගුලක් නටනවද දන්නෙ නෑනෙ හිටියොත්.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now