10 කොටස

22.2K 2.2K 444
                                    

" ආ මල්ලේ.."

මම සෙනුකයා එක්ක ‍රධ්‍ය අයියව හම්බෙලා ඇදුම දෙන්න ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට එද්දි එලියට ආවේ කියාන් අයියා.. 

" අයියේ රධ්‍ය අයියා ඉන්නවද..??"

" ඇතුලෙ ඇති බං.. බලහන්.."

කියාගෙන කියාන් අයියා මොකක් හරි වැඩකට යනගමන් වෙන්න ඇති එතනින් ගියා.. මම රූම් එක ඇතුළට යද්දි සයෝන් අයියයි රධ්‍ය අයියයි ලොකු කතාවක.. අයුක අයියා ඉන්නවා පැත්තෙ මේසෙක ඔලුවත් ගහගෙන.. මම ආවා කියලා දැකලත් රධ්‍ය අයියා බලු මැක්කෙක්ක්ට ගනන් ගත්තෙ නැති නිසා මම බෑග් එක පුටුවක් උඩින් තියලා එලියට යන්න එද්දිම අයුක අයියා ඔලුව ඉස්සුවා.. ඒ එක්කම සෙනුකයා රූම් එකෙන් එලියට පැන්නා..

අයුක අයියගෙ මූණෙ හොදට පේන්න පැහැදිලිවම ඇගිලි පහක් හිටලා.. අයුක අයියා ඉස්සෙක් වගේ රෝසපාට හමක් තියෙන එකෙක් නිසා ඌට හචිමක් ගියත් මූන බයහිතෙන විදියට රතුවෙනවා.. ඉතින් ඇගිලි පහ හොදටම පේන්න හිටලා.. අයුක අයියා සෙනුකයව දැක්කා විතරයි පුටුවත් පස්සට පෙරලන් සෙනුකයා පස්සෙන් දිව්වා.. මම නැති ටිකට මොකක් හරි යමක් සිද්දවෙලා තියෙනවා.. නැතුව සෙනුකයා මෙහෙම හැසිරෙන එකෙකුත් නෙමේ.. විශේශෙන්ම අයුක අයියා වගේ එකෙක් මොකෙක්ගෙන්වත් ගුටි කන එකෙකුත් නෙමෙයි.. ඌ හෙන ආඩම්බරෙන් ඉන්න ඩයල් එකක්නෙ..

" වත්සල්.. ඔහොම ඉන්න.. වත්සල්!!!!"

වත්සල් කියන්නෙ සෙනුකයගෙ අනිත් නම.. අපි ඉතින් ඕකෙන් කතාකරන්නෙ නෑ ඌට.. අයුක අයියයි උගෙ යාලුවයි දෙන්නම එකයි... මිනිස්සුන්ට කතාකරන්නෙ වැඩිය පාවිච්චිකරන්නෙ නැතිම නමින්.. පිස්සු පගයො දෙන්නා.. මම අයුක අයියා පස්සෙන් දුවලා යන්න හැදුවත් එකපාරට මොකෙක් හරි මගෙ අතින් අල්ලගත්තා..

" වරද්.. ඔහොම ඉන්න.."

හරිනෙ.. මේ ගස් වැද්දා මට ඉන්න දෙන්නෙම නෑ.. මම අත දිහා බලලා අත ගසලා දෙකක් රැව්වා..

" මොකද..??"

" මම උබට එකක් කියන්නම්.. සෙනුක මල්ලි උබේ යාලුවා වෙන්න ඇති.. ඒ වුනාට හැම එකාගෙන ප්‍රශ්න වලට අතදාන්න යන්න එපා.. උන්දෙන්නා ප්‍රශ්න දාගත්තානම් උන් විසාදගනී.. තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now