102 කොටස

15K 1.5K 290
                                    

" our father..."

ස්කූල් ඔෆ් අවර් ෆාදර්ස් ඇන්තම් එක කියද්දි මම හිටියේ මේන්හෝල් එකේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉස්සරහම ලයින් එකේ කොනේම හිටගෙන.. අවසානෙ මම තනි සුදුපාට බ්ලෙසර් එකත් ඇන්දා.. අළුපාට හෙඩ් ප්‍රිෆෙක්ට් බැජ් එකක් තව අවුරුද්දක් ඉස්කෝලෙ යනවා.. මගේ එහාපැත්තෙ හිටියෙ චමිරු.. ඊට එහාපැත්තෙ න්ෆ්‍රාස්, සෙනුක, ජොනතන්.. මේ අවුරුද්දෙ සීනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ටොප් බෝඩ් එක විදියට සිලෙක්ට් වෙලා හිටියේ අපි.. ජොනතන් කියන්නෙ අපි එක්ක පොඩි කාලෙ ඉඳලා හිටපු පට්ටම හොඳ කොල්ලෙක්.. අපි ඉස්සර ඌට කියන්නෙ දෙවියන්ගෙන් ලැබිච්ච තෑග්ග කියලා.. දවසක් උගෙන් කොමස් හාමුදුරුවො නමේ තේරුම ඇහුවහම ඌ කිව්වෙ ඒකෙ තේරුම දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගලු.. එදා ඉඳන් අපි ඌට විහිළු කරනවා.. ඩයල් එක බර්ගර්.. එච්චර සිංහල කතාකරාන්නත් බෑ.. ඒ වුණාට සුපර් ටැලන්ටඩ්.. අයුක අයියා එහෙම ජොනතන්ට හොඳට එකතුයි.. අයුක අයියා එකතුයි කියන්නෙ ඌ එසේ මෙසේ ඩයල් එකක් වෙන්න බෑ කොහොමත්.. මේ පාර ස්කූල් ක්‍රිකට් ටිම් එකේ කැපා ජොනා.. බිග්මැච් ප්ලේ කරන්න ඉන්නවා..

මම ඉස්සරහා බලාගෙන ඇන්තම් එක කියන අතරේ හිමින් සැරේ චමිරුගෙ බෙල්ල අස්සෙන් සෙනුකයා කොහේද බැලුවා.. සෙනුක උදේ ඇවිල්ලත් හොඳට කතාකලේ නෑ.. ඇස් දෙක රතුම රතු වෙලා ඉදිමිලා.. ඒකට උඩින් ෆවුන්ඩේශන් එකක් ගාගෙන ඇවිල්ලත් තිබ්බෙ.. ඒකා සුදු නිසා පොඩ්ඩක් අඬපු ගමන් මූණ රතු වෙලා ඇස් දෙක වටේ ඉදිමිලා වගේ පේනවා.. සැක් මේ චමිරුවා මැද්දෙන් හිටගෙනනෙ.. නැත්නම් මට නෆ්‍රාස්ට කියලා එතෙන්ට යන්න තිබ්බා.. මම කෝකටත් ඔලුව උස්සලා හෙනකඳයා වගේ ඉන්න ඩිපියුටි හෙඩා දිහා බැලුවහම ඒකා පපුව ඉස්සරහට දාගෙන හරි කෙළින් සීරුවෙන් ඇන්තම් එක කියනවා.. මේ කැඩෙට් කරන් උන්ට වෙලාවකට සමයං තමා.. ඇන්තම් එකේ මියුසික් එක හරියටම අන්තිම තප්පරේ වෙනකල් නතර වෙනකල් කොහේවත්ම බලන්නෙ නෑ.. ඔලුව නමන්නෙවත් මොකුත් නෑ.. හුස්ම හිර කරගෙන පපුව ඉස්සරහට දාගෙන මූණත් පුම්බගෙන ඉන්නවා.. මම ඉතින් හැමදාම දැකලා තියනවනෙ.. බෝයිපෙන් ඉන්නෙත් එහෙමනෙ..

ඇන්තම් එක ඉවරවුණාට පස්සෙ මම ශේප් එකේ ආයෙම චමිරු දිහා බැලුවහම චමිරු මං දිහා ඇහිබැමක් උස්සලා අමුතු විදියට බැලුවා.. මම ඌට රවලා පුටුවෙන් ඉඳගන්න යද්දිම නෆ්‍රාස් මට කතාකලා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now