139 කොටස

11K 1.5K 394
                                    

" හත හමාරට මම එනවා.. රෙඩි වෙලා ඉන්න වරද්.."

මම කාමරේ නිදාගෙන ඉද්දි එකපාරටම ෆෝන් එක වයිබ්‍රේට් වුණා.. මම උඩ ගිහින් ඇහැරුණා.. තාම ප්‍රැක්ටිස් ගියපු ඇඳුම් පිටින්මයි.. එහෙමම මහන්සියට වැටිලා නින්ද ගියා.. මේ දවස්වල ඉස්කෝලෙ යන්නෙත් නෑ.. මට මුළු දවසක ප්‍රැක්ටිස්.. වේළුසුමනයා යකෙක්ගෙන් වැඩ ගන්නවා වගේ මාව බන්ඳගෙන වැඩ ගන්නෙ.. ඒ මදිවට ජිම් එකේ ඉන්න ටයිම් එකත් වැඩි කල්ලා.. මට වෙලාවකට කෝචා එක්ක කේන්ති යනවා.. මූ මාව මරවනවනෙ.. මම කෝච්ට හිතින් බැන බැන ෆෝන් එක අරගෙන ස්ක්‍රීන් එක දිහා බැලුවා.. බලද්දි හැපිකව්වෙක් මැසේජ් එකක් එවලා.. 

හත්දෙයියනේ ඩේට් එකකට යන්න හිටියා නේද..

මම එහෙමම පෙරළුණු පාර ඇඳෙන් බිමට පත බෑවුණා.. හොඳ වෙලාවට තාම හතයි.. පැයබාගෙන් ඈස්තිවෙලා ඉන්නත් ඕනනෙ.. මාමා තාම ගෙදර ඇවිල්ලත් නෑ.. මම අල්මාරිය අවුස්සලා අසලි අම්මා බර්ත්ඩේ එකට දුන්නු හුඩී එකයි කලිසමකුයි ඇද්අ උඩට විසික් කලා නානකාමරේට ගියා..

අනිද්දා මම ලංකාවෙන් යන්න ඉන්නෙ.. ආයෙ සතියකින් තමා එන්නෙ.. ටුවර් එක නිසා කෝච් සෑහෙන්න උනන්දු කරවනවා ඒ මැච් එක වින් කරන්නම.. එයා කියන විදියට මේක ලොකු ට'නින් පොයින්ට් එකක් වෙන්න පුළුවන්ලු.. මට එච්චරම ගාණක් නෑ ඔය හෙන විසාල මැචස් ගැන.. මම ඉස්සර බලන්නෙත් ටීවි එකේ.. නැත්නම් ෆෝන් එකේ ලයිව් දෙනකොට.. කව්ද හිතුවෙ ඇත්තටම ගිහින් ප්ලේ කරන්න පුළුවන් වේවි කියලා.. 

මේ ගෙවිලා ගිය කාලෙම මමයි රධ්‍ය අයියයි හිටියේ හෙනට බිසී වෙලා.. අපිට කතාකරන්නවත් ඉස්කෝලෙදි හම්බෙන්න වුණෙත් නෑ.. වාහනේ එනගමන් කතාකරන ටිකක් විතරයි.. එහෙම හරි කමක් නෑ එයා මං ගාව ඉන්නවනෙ.. වචනෙකින්හරි.. ඒකම මට ලොකු දෙයක්.. ආධ්‍ය අයියා මේ දවස්ටිකේ ආයෙම ඉන්නෙ අසනීපෙන්.. එයාට ගිය සතියේ ඉඳන් උණ, බහින්නෙ නැතුව.. ඒ මදිවට අප්පච්චි දන්නෙත් නෑ අයියට උණ කියලා.. මාමා තමයි අයියව හොස්පිට්ල් ඇඩ්මිට් කල්ලා හැමදේම කළේ.. නෙතූ සමයම ඉඳලා හිටලා අයියව බලන්න එනවා.. ඒ ඇරෙන්න අප්පච්චිනම් ඇහින් ඇහැ ඇරලවත් අයියා දිහා බලන පාටක් නෑ කියලා මාමා කිව්වෙ.. අප්පච්චිට කොහොම හරි ඕන ආධ්‍ය අයියව නෙතූගෙ ඇඟේ ගහන්නම විතරයි.. අපේ මාමත් මේ ටිකේ එච්චර හොඳ සිහියකින් නෙමේ ඉන්නෙ.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now