118 කොටස

12.9K 1.5K 361
                                    

' buzz buzz buzz buzz buzz buzz buzz buzz buzz x 1000 '

" ම්හ්.. ඕක එහාට ගන්නකො අනේ.."

' buzz *beep beep* buzz buzz '

" අයියෙ!!"

මට මලපැනලා මම රධ්‍ය අයියගෙ කකුලකට පයින් ගැහුවා.. කන ගාව තියාගෙන ෆෝන් එක ඔබනවා නිදාගන්නත් නෑ..

" අයියෙ තමා.. මේ බලපිය මගේ ෆෝන් එකේ ඩේටා ඕන් කරන්න බෑ ස්ටක් වෙනවා.."

මට එයා කියපු එක හරියට ඇහුණෙ නැති නිසා ඔලුවෙ ඉඳන් වහගෙන රධ්‍ය අයියගෙ අත අස්සටම ආපහු රිංගගෙන ඇස් දෙක තද කල්ලා පියාගත්තා.. මට මොකුත් ඇහෙන්නෑ මම නිදි..

" මොනවද බං මේ එවලා තියෙන්නෙ.. වහලෙන් පැනලා මැරෙනවා..??"

නින්ද යාගෙන ලාවට ආපු මගේ ඇස් දෙක පොල් ගෙඩි දෙකක් සයිස් එකට ඇරුණා.. රෙදි ලෙප්ට් වෙන්නයි යනෙ පුතේ.. රධ්‍ය අයියා මැසේජස් ටික කියවනවා මගේ.. මම පොරවගෙන ඉඳපු රෙද්ද ගුලි කල්ලා පැත්තකට විසික් කල්ලා රධ්‍ය අයියගෙන් ෆෝන් එක ගන්න අත දික් කලාම රධ්‍ය අයියා ඒක උඩට කල්ලා අල්ලගත්තා..

" මෙහෙට දෙනවා ෆෝන් එක.."

" මම.. මොකක්ද මේ.. අ.. මම තමයි.. බැට්මෑන්..?? ඒ වරද් සිරාවට ඔයාද බැට්මෑන්.."

" ෆෝන් එක දෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!"

" බැට්මෑන් මැරුණෙ වහලෙන් පැනලද වරද්.."

" නෑ ගර්ල්පෙන් එක්ක කෑම්පින් ගිහින් අලියෙක් ගහලා මලේ.. මෙහෙ දීපිය ඕක.."

රධ්‍ය අයියා මාව කොට්ටෙ උඩට තල්ලු කල්ලා ෆෝන් එකත් උස්සගෙන කාමරෙන් එළීයට දුවලා ගියා.. මමත් ඇගේ පැටලිලා තියන ඒවා ගසලා වැටි වැටි උගේ පස්සෙන් දුවගෙන ගියා.. හරිනෙ අමාරුව.. උඹනම් වරද්.. මාමා කියනවා වගේ ඉල්ලගෙන තමා කන්නෙ..

මම සාලෙට යද්දි පිරිතට වැඩම කරපු හාමුදුරුවරු ආපහු පන්සලට වැඩම කල්ලා.. ගෙදර ඉස්සරලා ටෙන්ට් ගහලා දානෙට ලෑස්තිවෙනවා.. මම ගේ එහාට මෙහේට යන මිනිස්සුත් පෙරළගෙන රධ්‍ය අයියා ගිය පැත්තට දුවගෙන යද්දි මේකා මාමගෙ කාමරේට පැනලා දොර වැහුවා.. බ්‍රේක් නැතුව දුවගෙන ආපු මම තව ඩිංගෙන් දොරේ හැප්පිලා මූණ තලාගෙන මැරිලා යනවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now