149 කොටස

10.1K 1.5K 238
                                    

" සිරී~ වට් ටයිම් ඉස් ඉට් නව්..??"

" ඉට්ස් ෆෝ ෆිෆ්ටීන්.."

මම දඩාස් ගාලා ඇඳෙන් බිමට වැටුණා.. හත්දෙයියනේ ඉස්කෝලෙ යන්න ඕන..!! ඊයෙ මහ රෑ වෙනකල් පිස්සු කෙලලා නිදාගද්දිම දොළහට කිට්ටු වුණා.. මට අද හොඳටම නින්ද ගියානෙ..

ආහ්.. නෑ.. නෑනෙ..!!

ශිට් ශිට්!! මම මොන රෙද්දකටද මෙච්චර මල පාන්දර ඇහැරෙන්නෙ.. ඉස්කෝලෙට පයින් යන්න විනාඩි විස්සනෙ.. පහමාරට ඇඳගන්න ගත්තත් ඇති.. ඒත් උයන්න එපැයි.. උයන්න ගියාම මල කරදරේ.. මම හිතාගෙන ඉන්නෙ මාසෙකට විතර පොල් එකසැරේ ගාලා ෆ්‍රිජ් එකේ දාගන්න.. ඇයි මගුල ගාන්න ගියාම මම එපෑ හිරමනේ උඩ නැගගෙන නටන්න.. පොල් ගාන්නෙ දවල්ට උයන්න.. උදේට මම කන්නෙ එලවලු එක්ක අහිංසක කෑම එකක්..

මම නැගිටලා ඇඳ හදලා ගිහින් කණ්ණාඩියට මූණ ඔබාගත්තා.. රෑ පුරාම අඬලා අඬලා ඇස් දෙක යට රතු වෙලා ගොරකා ලොඩි දෙකක් වගේ.. දැක්කහම මටම බය හිතෙනවා.. මෙහෙම ඉස්කෝලෙ ගිහින් කොහොමද එසෙම්බ්ලි එකේ කතාකරන්නෙ.. අද හොඳට ඉස්කෝලෙ පලයන් වරදයා.. උඹ ඉස්කෝලෙ හෙඩා වෙලා මේ ඇඳුම ඇඳගෙන ඉරි බ්ලෙසර් එක දාලා ඉස්කෝලෙ යන්නෙ.. සුදු බ්ලෙසර් එක දාලා ඉස්කෝලෙ යන්නෙ.. වැල් වැල් බැජ් එක ගහන්නෙ මුළු ජීවිත කාලෙටම මෙච්චරයි.. දැන් ඉතින් ඊළඟ හෙඩා මල්ලිට සේරම භාරදෙන්න වෙනවා.. අපි ඉස්කෝලෙ හැමදාම නවතින්න ඇවිල්ලා නෑනෙ.. 

ඉතින් මේ ගෙවිලා යන්නෙ මගේ ඉස්කෝලෙ ජීවිතේ ශිශ්‍ය නායකයෙක් විදියට ගෙවෙන අවසාන සතිය.. තව ටික දවසකින් මම මෙඩිකල් කොලේජ් යාවි.. මතක් වෙද්දිත් ඇඟේ සමනල්ලු නටනවා වගේ.. ඇස් දෙක එක්කම මගේ කම්මුල් දෙකත් රතු වුණා.. දෙයියනේ කියලා මගේ කොන්ඩෙ වවාගන්න පුළුවන්.. 

මම කුස්සියට ගිහින් ෆ්‍රිජ් එක ඇරගෙන එහෙමම බිමින් ඉඳගත්තා.. මොනවද ඉතින් උයන්නෙ.. මම තනියමනෙ ඉන්නෙ.. මටනම් මොක ඉව්වත් එකයි.. ඒත් බෑ ආච්චිඅම්මට පොරොන්දු වුණා වෙලාවට කනවා කියලා.. මම කැරට් බ්‍රොකලි ගෝවා වගයක් අරගෙන එළීයෙන් තිබ්බා..

උදේ පාන්දර බත් කන්න තියනවනම් කොච්චර හොඳද.. ඒත් මේ ඉන්ස්ට්‍රක්ටර් අයියා හැමදාම කෝච්ට කියලා මගේ කෑම පුරුදු හොඳ නෑ කියලා බන්නවනවා.. මම ඔය වේළුවාගෙන් ආයෙ බැනුම් අහන්නෙ නෑ.. ඊයෙ වුණත් ඉන්ටර්වීව් එකේ කිව්වෙ කොච්චර තඩි පච ගොඩක්ද.. මගේ කෝච් මට හුඟක් ආදරෙන් සලකනවා.. ගතිගුණ හරිම හොඳයි.. සොෆ්ට් හාටඩ් මනුස්සයෙක්..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now