111 කොටස

12.3K 1.5K 255
                                    

" ෂනෙරුවා.. උඹට කෝල් එකක් බං.. මේ ඇවිත් බලපන්කො.. මම වැඩක්.."

" කවුද බලපන්.."

" දන්නෑ ආ මේ මෙහේ කෝල් කෝඩ් එකක් නෙමේ.. ඇවිත් බලපන් ඔය බළලව අතෑරලා.."

" මොකක්ද කෝඩ් එක.. සික්ස් වන් ද.. උඹේ අයුක අයියා වෙන්නැති.."

" නෑ පගො ඩබල් ෆෝ.."

මම බිමට පාත් වෙලා බඩ අත ගගා හිටිය ඉස්කෝලෙ පොල්සම්බෝල පූසව අතෑරලා සෙනුකයා ළඟ තිබ්බ ෆෝන් එක ආන්සර් කරන්න ගියා.. ඌයි මමයි හිටියෙ ප්‍රිෆෙක්ට්ස් රූම් එකේ.. උදේ පීරියඩ් වල උගන්නනවා ඉස්කෝලෙ කිසිම සද්දයක් නෑ.. මට කරන්න තරම් වැඩකුත් තිබ්බෙ නෑ.. සෙනුකයා නම් බිග්මැච් එක නිසා බිසී.. මා ගිහින් අඳුරන්නැති කෝල් එක ආන්සර් කල්ලා කනේ තියාගත්තා.. දනෙත් නෑ මේවගෙ රටවල් මොනවද කියලා..

" හලෝ.. ෂනෙරු පුතා..??"

මම ටිකක් වෙලා කටහඬ අදුරගන්න බැරුව මොලේ ගැටගහගෙන මෙලෝ සද්දයක් නැතුව හිටියා.. පත්තුවෙන්න හදනවා.. හදනවා.. මේ කතාකරන්නෙ.. දෙයියනේ..

" අම්මා..!!"

" ආ මාව අඳුරගත්තා නේද.."

සෙනුකයා මගෙන් කවුද ඇහුවම මම රධ්‍ය අයියගෙ අම්මා කියලා රූම් එකේ කොනේ පුටුවකින් ඉඳගත්තා..

" මට මතකයිනෙ කටහඬ.. ඒත් මේ වෙලේ කතාකරයි කියලා හිතුවෙ නෑ.. අම්මට කොහොමද.."

" අම්මා හොඳින් ඉන්නවා.. පුතා කොහෙද ඉන්නෙ.."

" මම ඉස්කෝලෙ ඉන්නෙ අම්මා.. තාම උදේනෙ.."

" ආ ඔව්නෙ.. අයියෝ මට අමතක වුණා.. මම එහෙනම් පස්සෙ කතාකරන්නද.."

" එපා එපා.. මම මොකුත් වැඩක නෙමේ ඉන්නෙ.. අම්මා කතාකරන්න.."

" කමක් නෑ නේද.. මේ දවස්වල මොනවද වැඩ.."

" ම්ම්.. ඉන්න බලන්න.. මේ දවස්වල අපේ බැට්ල් එක තියෙනවා.. ඒකට රෙඩි වෙනවා.. එතකොට තව ඉතින් ප්‍රැක්ටිස් යනවා.. ආ මම අර අම්මට එදා කිව්වෙ මැච් එකක් ගැන.. ඒකෙන් අපේ ක්ලබ් එක වින් කලා.. මරු නේද.."

අම්මා හිනාවෙනවා මට ඇහුණා.. ඒ ඇහෙද්දි අම්මා හිනාවෙන හැටි මට මැවිලා පේනවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now