31 කොටස

19K 2K 182
                                    

" අඩේ නෆ්‍රාස්.."

" මගේ බොක්ක කූල් වෙලා ඉන්නෙ බං.."

මමයි නෆ්‍රාසුයි හිටියේ අපේ හවුස් එකේ ෆ්ලැග් දෙකත් දෙපැත්තට අල්ලගෙ පපුව ඉස්සරහට දාගෙන හවුස් ප්ලේසස් එනවුන්ස් කරන්න ඉන්න ප්‍රින්සිපල් දිහා බලාගෙන.. ස්කොඩ් එකෙන් පස්සෙ ස්කූල් යුනිෆෝම් දාපු ඔක්කොම ලමයි ග්‍රවුන්ඩ් එකට ඇවිත් තමන්ගෙ හවුසස් පිටිපස්සෙන් පෝලිමට පිටිපස්සට බිම තණකොළ වල වාඩිවෙලා හිටගෙන ඉදි හවුස් කැප්ටන්ලා විතරක් නැගිටගෙන ඉදියා.. මම වෙවුනලනවා වගේ.. ඒ අස්සෙ චූ බරකුත් ඇවිල්ල කකුල් දෙකත් ගිටාර් ගහනවා වගේ.. රධ්‍ය අයියා ප්‍රින්සිපල්ට පිටිපස්සෙන් හිටගෙන කලබල වෙලා ඉන්න මගේ දිහා මෙලෝ හැගීමක් නැතුව බලාගෙන ඉදියා.. මේකත් මාව බයකරනවා.. අපි එක නෙමේද.. දෙයියනේ මට ඇඩෙන්න වගේ.. කොල්ලෙක් තමා.. ඒ වුනාට පහුගිය මහන්සියයි කරපු කැපකිරීමුයි මතක් වෙද්දි එක නොවුනොත් දරාගන්න බැරි වෙයි කියලා මම හෙනම අවුලෙන් හිටියේ..

ප්‍රින්සිපල් පොඩි කතාවක් කල්ලා ෆයිනල් රිසල්ට්ස් තියන කොලේ අතට අරගෙන ඉස්සරහා බලාගෙන හිනාවුනා.. ඊටපස්සෙ මයික් එකට මූණ ලංකල්ලා රිසල්ට්ස් කියන්න ලෑස්තිවුනා.. මුළු ග්‍රවුන්ඩ් එකම මීයට පිම්බා වගේ සයිලන්ට්.. මොකෙක්වත් ආසාවට බෝතලයක්වත් බිම වැට්ටුවේ නෑ.. හවස පහමාරයි වෙලාව.. කළුවරත් වැටීගෙන එනවා.. මගේ අතේ තිබ්බ ෆ්ලැග් එක හුළං පාරවල් වලට එහෙට මෙහෙට වැනෙද්දි මම ඒක තදින් අල්ලගෙන හිටියා.. බ්ලෙසර් එකේ එල්ලෙන මෙඩ්ල් එකට එක වැදෙනවා හීනි සීනු සද්ද වගේ..

" Fifth place goes to.."

ප්‍රින්සිපල් පොඩ්ඩක් වෙලා ඕඩියන්ස් එක දිහා බලාගෙන ඉදියා.. පස්වෙනියා වෙන්න මොකෙක්වත් බලාගෙන හිටියේ නෑනෙ.. හැමෝම ඇස් ලොකු කරගෙන අල්ලගත්ත හුස්ම පහළ නොදාම ඉදියා.. අනේ දෙයියනේ ඇෆ්‍රොඩයිට් වෙන්න නම් එපා.. එපා.. 

" The house Poseidon.."

ප්‍රින්සිපල් සර් කියද්දි ඒ හවුස් එකේ ඔක්කොම උන් එකාට එකා බදාගත්තා.. දැන් තමා කාලගෝට්ටිය පටන්ගත්තේ.. උන්ට දුක ඇති.. මොනව කරන්නද..

" Forth place goes to.."

" The house Ares.."

" Third place goes to.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now