98 කොටස

16.9K 1.6K 854
                                    

" ඌප්ස්.. අයුක අයියා අපිට තරු මිලියන පනහක් දීලා තියෙනවා.. තැන්ක් යූ අයුක අයියා.. ලව් යූ.. උම්ම්ම්වාහ්!!!!!!"

" වත්සල් ගිහින් චේන්ජ් කරගෙන එන්න!!!"

" ලයික් කරා~න්න.. කමෙන්ට් කරා~න්න.. ශෙයා කරා~න්න.. අමතක කරන්න එපා.."

" ඕයි සෙනුකයා.. උඹේ බෝ එකයි මගේ බෝ එකයි මොකක්ද හොයලා දීපන්.."

" කාගෙ වුණත් මොකෝ බං.. ඔන්න ඔහේ ඕන එකක් දීපන්.."

" ප#යො අද ලෑස්තිවෙන්නැද.."

" ඉන්න ශුදුඅයියෙ මම පස්සෙ ඔයාගෙන් තරු ඉල්ලන් ඒකෙබාර් නටන්න එන්නම් හොඳේ.."

සෙනුකයා අයුක අයියගෙ බඩට එකක් ගහගෙන ඩ්‍රෙසින් රූම් එක පැත්තට දුවගෙන ආවා.. ඌ වෙස්ට්කෝට් එකවත් අඳින්නැතුව ඔහේ ශර්ට් එකයි ට්‍ර්වුසර් එකයි ඇඳගෙන ගිහින් අයුක අයියත් එක්ක හුරුතල් වෙනවා.. මරු කන්ඩක්ටර් ඔකෙස්ට්‍රා එකට ඉන්නෙ.. මෙහේ වැඩ කෝටියක් තියාගෙන ඌ ගිහින් ලව් කරන්න..

" ෂනෙරුවා මගේ වෙස්ට්කෝට් එක කෝ බං.."

" ආ මේක ඇඳගනින්.. ගියා ලව් කරන්න ඔක්කොම තියෙද්දි.."

" ශුදුඅයියටයි මටයි ඉරිසියා කරනෙපා.."

මම සෙනුකයගෙ සුදුපාට ශර්ට් එක කලිසමට යට කල්ලා වෙස්ට් කෝට් එක අන්දලා බෝ එක ඌට දාගන්න කියලා ඒකව ඇදගෙන ගිහින් ලස්සන අක්කා කෙනෙක් ළඟ තිබ්බ පුටුව ගාවට තල්ලු කලා.. සෙනුකයා කොලර් එක උඩට උස්සගෙන අක්කට හෙන පැණි හිනාවකුත් දාගෙන බෝ එකත් හද හද ගිහින් පුටුවෙන් වාඩිවුණා මේකප් කරන්න.. ඩ්‍රෙසින් රූම් එක නිකම් කඩිගුල ඇවිස්සිලා වගේ.. ඔකෙස්ට්‍රා එකට ඉන්න සේරම ඒකෙ මේකප් කරනවා, එහෙට දුවනවා, මෙහෙට දුවනවා ඉවරයක් නෑ.. ඉවෙන්ට් එක පටන්ගන්න තිබ්බෙ හරියටම පැය එකහමාරක් වගේ.. අපි ප'ෆෝම් කරන ඉවෙන්ට් තියෙන්නෙ හුඟක් රෑ වෙලා නිසා අපිට මගදි චේන්ජ් කරගන්න පුලුවන් කිව්වා.. අර ලස්සන අක්කා සෙනුකයට ඇස් දෙක වහගන්න කියලා මොනවද බදාම වගයක් ගාන්න ගත්තු නිසා මම එතනින් එන්න ආවා.. රධ්‍ය අයියා අයුක අයියත් එක්ක පැත්තක කතාකර කර ඉන්නවා.. 

" වත්සල් කොහෙද මල්ලි.."

" මේකප් කරනවා අයියෙ.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now