170 කොටස

14.9K 1.6K 816
                                    

" පුතා ආවද.. අන්න වරද්නම් කාමරේ නිදි.."

" අපේ අම්මා ටිකකින් මෙහේ එනවා කිව්වා දේදුණු අම්මෙ.."

මම බ්ලැන්කට් එක අරැන මූණ වහගත්තා.. දවල්ට කාලා ඇඳට වැටුණා විතරයි මට හොඳටම නින්ද ගියා.. අනික මේ දවස්වල අපේ ගෙවල් වල සෑහෙන්න වැඩ.. පෞකාර පවුලයි.. පෞකාර පවුලෙ උන් කරගහගෙන ඉන්න සුදු පවුලයි.. අපේ නෑදෑයොයි.. යාළුවොයි.. මම දන්න ප්ලෙයර්ස්ලයි.. තව හුඟක් අයයි සේරම කැලිෆෝනියා ඇවිල්ලා ඉන්නෙ.. මගේ ආච්චිඅම්මා කෙල්ලත්.. මොකටද..

අපේ වෙඩිමට තමා..

හැබැයි මමනම් සියලු වැඩකටයුතු වලින් ඈත් කල්ලා පැත්තකට කල්ලා තියලා තියෙන්නෙ මම අසනීප නිසා.. කියන තරන්ම ඉතින් අසනීපයක් නෑ.. සෙනුකයා උදේ වරුවම ආශියි මහීශයි එක්ක මෙහේ ඉඳලා හවස උන්ගෙ කොල්ලො එක්ක බීච් යනවා  කිව්වා.. තව අපේ වෙන්ඩ අප්පොච්චා චමිරු මගෙ යාළු පරෙයියත් මෙහෙ ඇවිල්ලා ඉන්නෙ.. ලිලී එක්ක මේ දවස්වල යුද්ධ අල්ලනවා.. ලිලීගෙ මූඩ් ස්වින්ග්ස් වලට චමිරු හුඟක් දරුණු විදියට මූණ දෙන ගමන් ඉන්නෙ.. පව් අපේ අයියණ්ඩියා.. බැන්ඳහම ඔහොම තමයි ඉතින්.. ලිලීට පොප් කෝන් වල හොට් සෝස් ගාගෙන කන්න ඕන වෙලා උගේ බඩත් දනවා කියලා කිව්වා..

පහුගිය සතියෙම අපේ අම්මයි, බාප්පයි, අසලි අම්මයි, අයියලයි සේරම බිසී.. එකසැරේ වෙඩින් එකකට ලෑස්තිවෙනවා කියන්නෙ ලේසි නෑනෙ.. මුලින්ම වෙඩින් කාඩ්ස් ප්‍රින්ට් කල්ලා හදලා යැව්වා.. එදා කොන්සර්ට් එකට ගිහින් ගෙදර ආවත් හරි මම තාම එළීයටවත් බැස්සෙ නෑ.. ගෙදරින් එළියට බහින්න දෙන්නෙ නෑ මගේ නලමලේ ෆියොන්සෙ.. ගෙදරට ඇවිල්ලා හම්බෙන කෙනෙක් හම්බෙනවා ඇරෙන්න එළියට බැස්සොත් මගෙ අනිත් කකුලත් කඩනවා කිව්වා.. අනේ ඉතින් මම බලන් ඉන්නවා එයැයි කකුල කඩලා යනකල්.. ගිය සතියෙ මගේ ඇඳුම් වලට මෙශර්මන්ට්ස් අරගෙන යන්නත් ගෙදරටමයි ආවෙ.. තව කොණ්ඩෙ හදන්න අරවට මේවට.. මගේ කාමරේ දැන් ඇඳුම් වලිනුයි එක එක බඩු වලිනුයි පිරිලා.. කාමරේ පැත්තක එල්ලලා තියනවා මගේ වෙඩින් එකට අඳින ඩ්‍රෙස් එක.. කළුපාට කවරයක් දාලා.. රධ්‍ය අයියට මම ඒක ඇඳලා පෙන්නුවෙත් නෑ.. බඳින දවසටම පෙන්නනවා කියලා හිතාගෙන ඉන්නෙ.. අපි දෙන්නම අඳින්නෙ නිල්-සුදු මික්ස් වෙලා තියන ඇඳුමක්. රධ්‍ය අයියගෙ බෙස්ට්මන්ට ඉන්නෙ අයුක අයියා.. මට ඉන්නෙ මගේ පෞකාරයා.. උන් දෙන්නා අඳින්නෙ තනි සුදු පාට ඇඳුමක්.. නිල් පාට බෲච් එකක් එක්ක.. කොහොම වුණත් ටික කාලෙකින් හරි වෙඩින් එකට සෑහෙන්න ලෑස්තියක් වුණා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now