79 කොටස

15.8K 1.6K 228
                                    

" මේ හැබැයි මම තවුසෙට ගහනවා හරිද.."

" කටපියාගෙන ඉන්නකො.."

" Good evening sir..!"

රධ්‍ය අයියා හෙන ලස්සන හිනාවකුත් දාගෙන බැස්කින් රොබින්ස් එකේ අයිස්ක්‍රීම් කවුන්ටර් එකට ගියා.. මම දන්නවා.. මේකා අද ගම කනවා කියලා.. මට හිතාගන්නත් බෑ රධ්‍ය අයියට අද මොනවා වෙලාද කියලා.. ආපු වෙලේ ඉඳලම කෙලින්නෙ පිස්සු විතරයි.. 

මම දවල් වෙන්න අපේ ගෙදර ගිහින් මට උවමනා ඇඳුනුයි තව දේවල් වගේකුයි අරගෙන එහෙමම ගෙදර එන්න ආවා.. අපේ ගෙදර ගැන කියනවනම්.. ඒකෙන් ගන්න දෙයක් නෑ.. අම්මගෙ මල් පාත්ති අස්සට කොළරොඩු  වැටිලා වත්ත අතුගාලා නැතුව පාලුවෙලා ගිහිල්ලා.. අම්මා ගෙදර නැති වෙනකොට ගෙදර හරි පාළු පාටයි.. ආයෙම ඉතින් වත්තෙ මිදුල අතුගාන්න අපේ අම්මා එන්නෙ නෑනෙ..දැන් ගමේ ගෙදර මිදුළ පුරාම මල් වවනවා ඇති.. මම ඒ කාලෙ දිය දඟයා කියලා කාටූන් එකක් බැලුවා පහේදි.. මමයි මාමයි අම්මට කිව්වෙ තුරුලි කියලා.. ඇයි ඉතින් අල්ලන අල්ලන තැන ගස් පැල කරනවනෙ.. තුරුලි සමානයි දේදුණු.. දේදුණු කියන්නෙ අපේ අම්මට.. දෙව්ලි කියන්නෙ අපේ ලොකු අම්මට.. දේව් කියන්නෙ අපේ මාමට.. මගේ නමේ වරද් කෑල්ල තියලා තියෙන්නෙ මාමා.. ෂනෙරු කෑල්ල අපේ ආච්චි.. උද්‍යෝග කෑල්ල අපේ අම්මා.. අමුතු නම් තිබිල්ලක් තමා අපේ ගෙදරත් තිබිලා තියෙන්නෙ..

මොකක් හරි කල්පනා කරන්න ගත්තහම ඉවරවෙන්නෙ වෙන මගුලකින්.. ඉතින් මම අපේ පාලුවට යන්න ගිය ලොකු අම්මලා ඉන්න දීපු ගෙදරට ගිහින් ඇඳුම් වගයක් අරගෙන රධ්‍ය අයියා එක්ක ගමේ එන්න ආවා.. මම කිව්වා හවස වැඩී.. යද්දි රෑ වෙනවා.. හෙට උදේ යමු කියලා.. කොහෙද මේ මනුස්සයට රෑම යන්න ඕන කිව්වනෙ.. අම්මපා අලියෙක්වත් මඟදි හම්බුනොත් උඹ නටපං කියලා මම කැලේ පාරෙන් යාලටවත් වදිනවා.. හැබැයි යාලට වැදලා දිවියෙක්වත් හම්බුණොත් ගෞරවයෙන් බුදුසරණයි තමා.. එක්කො ශේප් එකේ රධ්‍ය අයියගෙ කිට්ටුවට වෙලාම ඉන්න ඕන.. ඒකා අලියොන්ට මතුරන මන්තරයක්වත් දන්නවද දන්නෙ නෑනෙ.. සැඟවුනු කුසලතාවයක් තියද කවුද දන්නෙ.. අලි හීලෑ කරන්න පුලුවන් වග දැනගත්තොත් මම අයියට සර්කස් එකක් දාලා දෙනවා.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now