82 කොටස

13.7K 1.7K 347
                                    

" අප්පේ.. එහෙනම් මේ පුතාට හරි පාලු ඇති මයෙ හිතේ ගෙදර.."

මම අපේ ගෙදර සක්කිලි පූසවත් අත් දෙකෙන් බදාගෙන ඉස්තෝප්පුවට එද්දි රධ්‍ය අයියා අපේආච්චි ගාවින් ඉඳගෙන හෙන පච වගයක් හලනවා.. අපේ ආච්චිටත් ඉතින් මේ ගහක් ගලක් වගේ ඉන්න සුදුමහත්තයව අමතකවෙලා වෙන පුතෙක් ලොකු වෙලානෙ.. අම්මා මිදුලෙ වේලෙන්න දාපු මිරිස් පැදුරක් තුනී කරනවා.. මාමා ඔංචිල්ලාවෙ ඉඳගෙන බුලත් කොළයක් අතේ තියාගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා.. මේකා බුලත් කොළයක් අරගෙන ගුරුකමක්වත් කරනවද.. කන්නෙ නැතුව මක් කරනවද.. මම පූසව අත් දෙකෙන් උස්සලා වටයක් කැරකිලා ඔංචිල්ලාව පැත්තට ඇවිදගෙන ගියා..

" ඕ සාකි සාකී රේ සාකි සාකී
ආ පාසආ රාහ් නා ජේ කොයී ඛාවායිශ් බාකී..
ඕ..සාකි  සාකී රේ සාකි සාකී.."

මාමා උඩ ගිහින් බිම වැටිලා ඉක්මනට අපේ අම්මා දිහා බැලුවා..

" සුදුමහත්තයා උඹ මගෙන් කනවා.."

" ඇයි මම ඔයාගෙන් කන්නෙ.. මම සිංදුවක් කිව්වෙ.."

රධ්‍ය අයියත් මගේ දිහා බලලා ලාවට හිනාවුණා.. අනේ මාමෙ අපි අහගෙනනෙ ඉඳියෙ.. වෙලේ පැලට වෙලා කැඩුව මල් වට්ටියෙ තරම.. ආදරෙයි ආදරෙයි කියලා දෙපාරකුත් කිව්වා.. මාව කාන්තාර ඔටුවෙක් වගේ පේනවද දන්නෑ..

" උඹ මොකටද අහක ඉන්න මං ගාවට ඇවිත් සිංදු කියන්නෙ.."

" මම ගුණදාස කපුගේ නෙ.."

" ම්ම් ගුණදාස කපුගේට සෙම් අමාරුව හැදිලා වගේ.. අහකට පලයං.. මට මේක පදින්න දීලා.."

මාමා ඔංචිල්ලව අත් දෙකින් අල්ලගෙන එකපාරක් පැද්දුනා.. මේ ඔංචිල්ලාව ගලවලා දැම්මනම් හරි.. මාර මගුලක්නෙ.. මේ එදර සේරම ගෑණූ ලමිස්සියො වගේ මේකම බදාගෙන ඉන්නවා.. හරිනම් මේක මගේ.. මටනෙ මේක හදලා දුන්නෙ.. මේ කඹෙන් හරකෙක් බැන්දනම් මීට වඩා හොඳයි..

" ඕ සාකි සාකි රේ සාකි-"

" මොන හ්-හත්තක් පිපිලා මේ කොල්ලො.. අඩේ අර.."

මාමා නැහැදිච්ච කුණුහර්පයක් කියන්නත් ගිහින් අපේ අම්මා හැරිලා බැලුව නිසා ඒක හත්තකට පෙරලලා කොහොඹ ගහ මුල කඩි ගුලක් මට අත දික් කල්ලා පෙන්නුවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now