13 කොටස

23.5K 2.2K 510
                                    

මම ඔෆිස් එක පැත්තට යද්දී ප්‍රින්සිපල් සර් කතාකරන්න ලෑස්තිවෙනවා.. සර්ට පිටිපස්ස්සෙන් රධ්‍ය අයියයි අයුක අයියයි සයෝන් අයියයි කියාන් අයියයි අභිරු අයියයි පේලියට හිටගෙන හිටියා.. ඒ තමා සම්පූර්ණ ටොප්බෝඩ් එක.. ඔය එකෙක්වත් මට පේන්න බෑ.. 

( පැටලෙනවා වගේනම් මම පොඩි අදහසක් ගන්න මෙතනින් බෝඩ් එකේ නම් ටික දාන්නම්..
අයුක - හෙඩ් ප්‍රිෆෙක්ට්
කියාන් - ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට්
සයෝන් - ගේම්ස් කැප්ටන්
රධ්‍ය - ඩිපියුටි ගේම්ස් කැප්ටන්
අභිරු - ඩිපියුටි ගේම්ස් කැප්ටන් )

මම හිමින් සැරේ කට්ටිය අස්සෙන් රිංගගෙන ගිහින් අපේ හවුස් එකේ උන් ඉන්න තැනින් හිටගත්තා.. මට එහාපැත්තෙ මතීශලා හිටියේ උන්ගෙ හවුස් එකත් එක්ක.. ඒ එක්කම ප්‍රින්සිපල් සර් ප්‍රයිමරි එකේ ස්පොර්ට්ස් මීට් එක ගැන හෙන දේශනයක් දීලා ඒකෙ වැඩසටහන් මාලාව කියෙව්වා.. ප්‍රයිමරි එකට කලින් ස්පෝර්ට්ස් මීට් තියෙලා ඉවරකරනවා.. නැත්නම් ළමයි පන්දාහක් එකපාර ස්ටේඩියම් දාලා කරන්න බෑ.. අමාරුයි.. ඊටපස්සෙ ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙයි ඕගනයිසින් කමිටි වල උන්ගෙයි මීඩියා ස'කල් එකෙයි පණ යනවා වැඩ ටික ඕගනයිස් කරගන්න බැරුව..

ප්‍රින්සිපල් සර් කට්ටඩියා වගේ කියවගෙන කියවගෙන යද්දි මට යන්න ගියපු ඈනුමකුත් නතර කරගෙන මම වටපිට බල බල හිටියා.. ඕවා අහන් ඉන්න ඕන නෑ අනේ.. තව ටිකකින් මට ප්‍රින්ට් කරපු කොලයක් අතටම හම්බෙනවානෙ.. ඒ එක්කම මම දැක්කෙ අපේ ඉස්කෝලෙ ඩිපියුටි ගේම්ස් කැප්ටන් ගස් වැද්දා මගේ දිහා කන්න වගේ බලාගෙන රවනවා..

මම හූනා කිව්වා වගේ කියන්නෙ මූ දවසක රවලා පොට්ට වෙනවා එක ඇහැක්.. හරි කලින් රැව්වා කමක් නෑ කියමුකො මගෙත් කුපාඩි වැඩවල සීමාවක් නෑනෙ.. ඒවුනාට දැන් රවන්න ඕන නෑනෙ.. මුගෙත් තියන කැටයම්.. අනේ ඉතින් මේකට මැරෙන්න ඉන්න කෙල්ලොත් ඉන්නවනෙ එහා වැටේ.. ගෑනුන්නට මොලේ නෑ කියන්නෙ නිකන්ද මං අහන්නෙ.. 

මමත් සෙකන්ඩ් වෙන්න ඕන නැති නිසා ඌ රැව්ව එකට රිප්ලයි එකක් දැම්මා.. මෙන්න මේකා ආයෙත්ම රවාපි.. මම හිමිහිට මගෙ කලිසමේ සිපර් එක දිහා බැලුවේ ඒකවත් ඇරිලද දන්නෙ නෑනෙ.. ඒවුනාට ඔලුව පහත් කල්ල බලද්දි තමා මීටර් වුනේ.. බොටමෙ කොයින්ද සිපර්.. මම ආයෙම ඌ දිහා බැලුවාම ඌ ඇස් කරකලා අහක බලාගත්තා.. මොන මගුලක්ද.. ඔය සේරමත් අස්සෙ මම සෙනුකයා ඉන්න පැත්ත බැලුවහම මූ පැණි හිනාවකුත් දාගෙන අයුක අයියා දිහා බලාගෙන ඉන්නවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now