108 කොටස

13.1K 1.5K 418
                                    

" ෂනෙරු.. ඔයා වැඩක නෙමෙයිනම් ඉන්නෙ පොඩ්ඩක් කතාකරන්න පුළුවන්ද.."

මම හිටියෙ ක්ලබ් එකේ රූටොප් එකේ මම හදාගත්තු තැන..කෝච් පැයක පොඩි ඉන්ටවල් එකක් දීලා තාන්වී අක්කව හොස්පිට්ල් එකෙන් එක්කන් එන්න ගියා.. පොඩි බබාලා දෙන්නට බෙහෙත් විදින දවසලු.. වේළුසුමනයා මට ඔව්වා කියන්නෙ නෑ.. මට තාන්වී අක්කා එක්ක කතාකරනවා විතරයි ලාවට ඇහුණෙ.. නැත්නම් මාන්නක්කාරයා මට අපහාස කරනවා කෝප්ප හෝදනවා කියලා.. ඒ වෙලේ තමා අයුක අයියගෙන් කෝල් එකක් ආවේ.. අයුක අයියා ඉතින් නිතර මට කතාකරන්නෙ නෑනෙ.. තියා අපි කාටවත්ම එහෙම කතාකරන්නෙ නෑ.. විශේශෙන් අපි ගැන දැනගන්න දෙයක් නෑ කොහොමත් සෙනුක දවසේ ක්‍රියාපටිපාටිය පැය විසිහතරෙම අයුක අයියට වාර්තා කරනවා..

" ඕ අයියෙ.. කියන්න.. වැඩක නෙමේ ඉන්නෙ.."

" ක්ලබ් එකේද ඉන්නෙ.."

" ඔව්.. හෙට මැච් එකක් තියෙනවා.. මගෙ පළවෙනි එක නිසා අද රෑ වෙනකල්ම ප්‍රැක්ටිස් දාලා.."

" ආ.. හොඳට ප්ලේ කරන්න ප්‍රැක්ටිස් වෙලා.. කෑම එහෙම වෙලාවට ගන්නවා නේද.."

" ඔව් අයියෙ.. කෑවෙ නැතොත් සෙනුකයා මාව මරනවා කියලා තර්ජනය කල්ලා පිහියක් පෙන්නුවා.."

අයුක අයියා ලාවට හිනාවුණා..

" රධ්‍ය කතාකලේ නෑ නේද මල්ලි.."

" තාම නෑ අයියෙ.. කතාකරන්න පුළුවන් වුණු වෙලාවක එයා ගනීවි කියලා ආධ්‍ය අයියා කිව්වා.."

" දැන් මාස දෙකකටත් කිට්ටු වෙන්න එනවා.. මල්ලිට කතාකළොත් මට කියනවද.."

" හා අයියෙ.. මම කියන්නම්.. ඇයි මොකක් හරි පණිවිඩයක් කියන්නද.."

" විශේශ පණිවිඩයක් නම් නෑ.. ඒත් කතාකරන්න ඕන.. මම මල්ලිට කතාකලේ වෙන දෙයක් ගැන අහන්න.."

" ඒ මොකක්ද අයියෙ.."

මම බංකුවෙ කෙලින් වෙලා ඉඳගෙන පිටිපස්සට හේත්තු වුණා.. හවස හීතල හුළඟ මගේ කොණ්ඩෙ පීපස්සට කරගෙන ගහගෙන යනවා.. හරි සනීපයි.. නිදාගන්න කියපු වෙලාව..

" පෙරේදා සෝශල් එකේ මොකක්ද වුණේ.. වත්සල් චමිරු එක්ක මොකක්ද අර හදාගෙන තියන අලුත් යාළුකම.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now