22 කොටස

21.1K 2.1K 196
                                    

" Hey, hey, hey
Just think, while you've been getting down and out about
The liars and the dirty, dirty cheats of the world
You could've been getting down to this sick beat.."

" සුදුමහත්තයා..."

" My ex-man brought his new girlfriend
She's like "Oh, my God", but I'm just gonna shake
And to the fella over there with the hella good hair
Won't you come on over, baby?
We can shake, shake
Shake
Yeah, yeah.."

" ළමයෝ.."

" 'Cause the players gonna play, play, play, plආව් අම්මේ.. මොකද අප්පා.."

මම ඉදියේ ඉස්තෝප්පුවට වෙලා හෑන්ඩ්ෆ්‍රී දෙකත් කනේ ගහන් හයියෙන්ම සිංදුවක් දාගෙන.. මට හෙන හැපී.. හැපී කව් චීස් එකේ ඉන්න කව්වා වගේ මම ටේලර් ස්විෆ්ට්ගෙ මේල් වර්ශන් එක වෙලා සිංදුවක් කියාගෙන ඉන්නකොට ඔලුව මැද්දටම පොල් ගෙඩියක් වැටුනා වගේ අම්මගෙන් හොද ටොක්කක් කෑවා..

" ගලවනවා ඔය කනේ ගහගෙන ඉන්න මගුල.. කන්න කතාකරනවා කරනවා ඇහෙන්නෙ නෑ.."

" මොකක්ද අප්පා වෙලා තියෙන්නෙ.. එන්නම් එන්නම් ඉතින්.."

" බෙරිහන් දෙනවා ගමටම ඇහෙන්න.. නාන්න ගියත් කනක් ඇහෙන්න නෑ පැය ගානක් ඒකෙ අස්සට වැදිලා බෙරිහන් දෙනවා.. ඇත්තමයි ලමයෝ මම.."

" හයියෝ මෙන්න පටන්ගත්තා බෙරිහන් දෙන්න.. අම්මා තනියම කියෝගෙන එන්න මම කන්න යනවා..You just want attention, you don't want my heart~"

"..Maybe you just hate the thought of me with someone new"

මම අම්මගෙ කම්මුලට තට්ටුවකුත් දාගෙන වටේකුත් කැරකිලා ගේ ඇතුලට ගියා..ම්ම්.. අම්මා කොමඩු ගෙනැල්ලද කොහෙද.. මරු මරු ..

" Watermelon sugar
High~"

මම කාලා බීලා කාමරේට ඇවිත් මේසෙන් වාඩිවුනා.. 'මේව හිතලා බෑනෙ පාඩම් කරන්නෝන..' දැන්හැමදාම මේකම හිතලා හිතලා ඉබේම මට ඒක කටින් කියවෙනවත් එක්කන්.. ඒ වුනාට අද අමුතු කික් එකකුත් තියෙන එකේ විනාඩි පහක් හිතලාම පාඩම් කරනවා..

මම ෆෝන් එක අරගෙන වට්සැප් ලොග් වුනා.. සැක් මේ සෙනුක මොට්ට පරෙයියා.. මට හින්ට් එකට සිංදු කියලා එවනවා.. අපරාදෙ ඌට මම වෙච්ච දේවල් සේරම කිව්වෙ.. මටත් ඉන්න බෑනෙ කට පියාගෙන.. ඒවුනාට කියලා හිත නිදහස් කරගන්නත් ඕනනෙ.. මම ඌට දවල් වෙච්ච සේරම උඩ පැන පැන කියද්දි මේකා අම්බලමේ පිනා වගේ චොක්ලට් එකකුත් කකා අංශු මාත්‍රයක්වත් පුදුම නොවී ඔහේ මගේ දිහා බලාගෙන ඉදියා.. මම පස්සෙයි දන්නෙ ඌත් මේක මුල ඉදලම දැනගෙන ඉදලා කියලා.. පව් රධ්‍ය කාරයත් හැබැයි.. ඔබ නොදනී මුළු ලොවම දනී වගේ ඉන්න ඇති.. කමක් නෑ ඔන්න ඔහේ මම දිගටම හාර්ඩ් ටු ගෙට් රෝල් එක ප්ලේ කරගෙනම ඉන්න ඕන..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now