91 කොටස

14K 1.6K 212
                                    

දවස් ඉක්මනට ඉක්මනට ගෙවිලා යනවා වගේ මටනම් දැනෙන්නෙ.. මම එහෙම වෙනවට කැමති නෑ.. තව සති තුනකින් මම රධ්‍ය අයියා නැතුව ඉන්න පුරුදු වෙන්න එපැයි.. ඊයේ අම්මා මාත් එක්ක පැයක් විතර කතාකලා..ක්ලබ් එකේ විස්තර ඇහුවා.. ආච්චිඅම්මත් කතාකලා.. මාමත් එන්නලු ඉන්නෙ ළඟදි.. පවුලෙ පැත්තෙන් ගත්තොත් හැමදේම හොඳින් සිද්ධ වෙනවා.. රධ්‍ය අයියගෙ අප්පච්චි හෙට කොළඹ එනවා.. එයාගෙ අම්මා රට යන්නලුනෙ.. කන්සාල්ටන් කෙනෙක් වෙන්න ඉගනගන්න.. රධ්‍ය අයියනම් කියන්නෙ එයාලා දෙන්නටම අම්මා යන එක ගැනවත් කිසි දුකක් හිතෙන්නෙ නැහැල්ලු.. පොඩි කාලෙ ඉඳන්ම අම්මා ලොකුවට ළඟ නැති නිසා එයාලට දැන් අම්මයි තාත්තයි ගෙදර ඉන්නකොට අමුත්තො දෙන්නෙක් එක්ක ඉන්නවා කියලා වගේලු දැනෙන්නෙ.. ආධ්‍ය අයියත් අප්පච්චි ගැන කියනවට කැමති නෑ එච්චර.. දවසක් මට කෝල් කරද්දි කිව්වනෙ ජීවිතේ කඩාකපල් කරන්න ආපු නරුමයෙක් වගේ අප්පච්චිව පේන්නෙ කියලා..

කොහොමවුණත් මම කැමති නෑ රධ්‍ය අයියයි ආධ්‍ය අයියයි අප්පච්චිට බනිනවට.. එයාල ඉගනගත්තෙ දෙමව්පියොන්ගෙ සල්ලි වලින් නෙ.. අතපය හතර හොඳට හදලා තියෙන්නෙ ඒ මිනිස්සු.. එහෙනම් මම කොච්චර අපේ තාත්තට වෛර කරන්න ඕනද.. මම ජීවිතේටම දැකලා තියෙන්නෙත් එකපාරයි.. ඒකත් ළමයෙක් තමන්ගෙ තාත්තව දකින්න ඕන නරකම විදියට.. ඒත් මගෙ හිතේ වෛරයක් නෑ.. කලකිරීමක් එක්ක තියෙන්නෙ මහ එපාකරපු හැගීමක්.. කොහොම වුණත් අවුරුදු දහ අට වෙනකල්ම තාත්තා මට ඉගනගන්න සල්ලි දුන්නනෙ.. සමහරවිට එහෙම දුන්නෙ උසාවි නියෝගයක් නිසා වෙන්න ඇති.. කමක් නෑ.. එහෙම හරි ඒක දුන්නනෙ වෙලාවට කලාවට..

මම හැමතිස්සෙම නැහුනෙ අනුන්ගෙ හීන මත්තෙ විතරයි.. මම බයෝ කලේ මගේ උවමනාවට නෙමෙයි කොහොමවත්.. ඒ මුලදි.. මම කැමති වුණේ නෑ බයෝ සෙක්ශන් එකේ වාඩිවෙලා පිසික්ස් ගනන් මැද්දෙ හිරවෙලා බයෝ පොත් අස්සෙ අතරමං වෙන්න.. ඒත් දැන් හිතෙනවා.. නෑ එහෙම වුණු එක හොඳයි කියලා.. අම්මගෙ කීමට කළා වුණත් විභහගෙ ඉවරවුණාම හිතෙනවා, මෙඩිසින් බැරිවුණොත් වෙන මොකක් හරි කරගන්න පුලුවන් නෙ කියලා.. දැන් ඉතින් ගිය හකුරට අඬලා වැඩක් නෑනෙ.. මම එක්සෑම් එක ලියලත් ඉවරයි.. රිසාල්ට්ස් ගැනත් මට යාන්තමින් විශ්වාසයක් තියෙනවා.. අඩුම ඒ දෙකයි බී එකක්වත් ඒවි කියලා.. එහෙම ආවත් මට කමක් නෑ.. මට ඒ ඇති.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now