157 කොටස

12.1K 1.6K 1.5K
                                    

" කෝට් ඉන් අ ලාආආආආආආආආආආආආයි(Caught in a lie)
සුන්ග්‍යොල්හෙත්දොන් නල් චජජ්වෝඕඕ.."(Sungyeolhaetdeon nal chajajwo)

" ඕක නවත්තගනින්කො බං.. හයියෝ මොන කුණුහර්පද උඹ ඔය කියවන්නෙ.."

" ආආර්හ්!! අර අයාන් හැලකිඹුලා ඊයෙ අපේ ගෙදර ඇවිත් මගේ මනුස්සයා අරන් දුන්න ඔක්කොම චොක්ලට් බාස්කට් එකම කාලා ගියා.. ශිබල් ගේසෙක්කියා.. පකින් අයාන්.. ගොං වලාම.. අනේ මට මස්සිනාව මාරු කරගන්න විදියක් නැද්ද දෙයියනෙ.. ශීබාල්!! ඕකට හොඳක් නම් වෙන්න එපා.."

" උඹ හංගලා තියන්න එපැයි.."

" මම ගෙදර හිටියයැ.. නෑනෙ.. අපේ මිනිහා මොකක්ද මීටින් එකකට ගෙදරට ගෙන්නගෙන.. ඌට මාත් එක්ක තරහක් තියනවා.. දවසක් හෙයා ඩ්‍රයර් එකට පව්ඩර් හාලා ගිහින් තිබුණා.. ඉඳපන්කො.. ආයෙ වරෙන්.. මම කරන්න හොඳ වැඩක්.. පෑන් එක රත් කල්ලා මූණෙ තියන්නෙ මූණෙ.."

" හා හා.. එහෙම කරහං.. හොඳයි.."

මම ෆයිල් එකෙන් පවන් ගහගත්තා.. තාම ලෙක්චර් එක පටන්ගත්තෙ නෑ.. හැමතැනම එකා දෙන්නා රවුම් ගැහිලා කියවනවා.. මම හිටියෙ පුරුදු විදියටම මැද්දෙ පේළියෙ කොනේම.. මගෙ එහාපැත්තෙ ආශි..

" සනෙරුමලේ.. අපේ මහීසාගෙ අර මෙව්ව එකත් එනවා සති අන්තිමේ.. දෙයියනේ මට සතුටුයි වගේනෙ.."

" ඇති යාන්තම්.. දෙයියනේ කියලා ඕකිට මිනිහෙක් සෙට් වුණා.. නිවන් ගියා වගේ දැනෙන්නෙ.."

" හුම්.. අද කව්ද ඒයි අර එනවා කිව්ව අලුත් ලෙක්චර්.. මම දන්නෙත් නෑ රුපියලේ ඇවිත් කියනකල්..."

රුපියලේ කියන්නෙ බැච් රෙපා..

" නාකි ගිනිපුග්කාරයෙක් වෙන්නැති බං.. දන්නවනෙ අපිට සෙට් වුණොත් එහෙම එව්වා විතරනෙ.."

" ඒකතමයි හලෝ.. අත මෙහෙට දෙනවකො.."

ආශි මගේ අත ඇදලා අරගෙන බලිකුරුට්ටක් ඇන්දා.. මාත් ඉතින් ඒකි දෙන දස වද සේරම දරාගෙන ඉන්නවා.. දැන් අපි ෆෝත් ඉයර් ෆස්ට් සෙම් එකේ.. අපේ කොලු කෑල්ලට, කෙලි කොල්ලෙක් සෙට් වුණා.. නෑ නෑ එහෙම නෙමේ.. මෙන්න මෙහෙමයි ඔය ප්‍රේම පුරාණය පටන්ගත්තෙ..

අපි දවසක් ගියා සේරම එකතුවෙලා සෙනුකයව බලන්න.. එදා ඉරිදා දවසක්.. මහීශත් ෆ්‍රී නිසා ඒකිත් ආවා.. මමයි, ආශියි, චමිරුවයි, කියාන් අයියයි අපි ඔක්කොම ගියේ.. අපි යද්දි සෙනුකයා ටව්මට ගිහිල්ලා අයිය කෙනෙක් එක්ක.. එක්කෙනෙක් ධනුජ.. අනිකා කවීශ.. ධනුජ කියන්නෙ අර පලවෙනි දවසෙ පොල්කටු හැන්දක් අතේ තියාගෙන හිටියෙ.. අන්න ඒකා.. කවීශ කියන්නෙ ලාවට ට්‍රැක් ඩයල් එක.. උන් දෙන්නා දැන් කැම්පස් අවුට් වෙලා.. සයිට් වල වැඩ කරනවා.. ධනුජ අයියා ඉන්නෙ නුවරමයි තාම.. අපි ගිහින් සෙනුකයා එනකල් උගේ කාමරේට වෙලා පිස්සු කෙල කෙල ඉද්දි, මමයි කියාන් අයියයි පහළට ගියා කන්න මොනවද ෆ්‍රිජ් එකේ තියෙන්නෙ බලන්න.. මහීශා ගේ ඉස්සරහා කෝල් එකක හිටියෙ.. සෙනුකයා ටව්මට ගිහින් පොත් වගේකුත් උස්සගෙන ගෙට ආවහම අපි සිප වැළඳගෙන කැරකිලා ඔක්කොම කරගෙන සාලෙට ගිහින් බලද්දි.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now