ep 03

1.6K 273 11
                                    

3rd Episod
ඒකනම් පුදුමයක් අදහා ගන්න බැරි ප්‍රාතිහාරයක්
අපි හතර දෙනාම ඕලෙවල් පාස්වෙලා තිබුනා
ලොකු ඉස්කෝලවල ඒ 9 ඒවා වැහි වැහැලා තිබුනට
අපේ වගේ ඉස්කෝලවල යන්තන් ගණන් එක්ක 6 යි 4ක් දාගන්නෙත් 50% කටත් අඩුවෙන්
සාමූහික වශයෙන් හතරදෙනාම ඉන්ග්‍රීසි ෆේල්
ගණන් ඩස්පියට සී එකක් අපි තුන්දෙනාටම එස්
ඒ එකක් හරි තිබුනෙ සමනලීටයි හින්නටයි විතරයි
සමනලීට නැටුම් වලට ඒ හින්නට චිත්‍ර වලට ඒ
අනික් උන් තුදෙනාගෙම ගෙවල් වලින් රිසාල්ට් ගැන හෙන හැපි
ඒත් අපේ ගෙදරනම් අම්මා ගෙ කුනු කුනුව ඉවරයක් නෑ

ඔෆිස් එකේ අම්මන්ඩිලගෙ හෙන තරගෙ දරුවන්ගෙ රිසාල්ට් ගැන
ඒ 9 ඒවා වැහි වැපු ඔෆිස් එකේ අඩුම රිසාල්ට මගේ
අම්මා තරගෙට දාපු ජොකිය හරියන්නෙම නෑ ඔය අද්‍යපනේ පස්සේ දුවන තරගෙට
රිසාල්ට් වලින් පස්සේ අම්මා සතියක් ලෙඩ නිවාඩු දාලා ගෙදර හිටියා
ගෑනුන්ගෙ උට්ටලන්පද අහන්න බෑ කියලා
ඒත් එකම ඔෆිස් එකේ වැඩට යන තාත්තා කියුවා
ගෑනු වැඩිපුරම හිනාඋනේ පුතාගෙ රිසාල්ට් දැකලා අපෙ අම්මට උන අරන් කියලලු

ඒ ලෙවල් කාලාස් එකේ දෙවැනි දවස අද
කවුරු කවුරුත් තමන්ට හිතට අල්ලන තැන් බුක් කරන් ඉවරයි
වෙන ඉස්කෝල වල වගේ අපේ පේලි මාරු කරන්නෑ
හැමදාම අපි හිටියෙ අපිට කැමති තැන
මම උදේ යද්දි මගේ පුටුව උඩ වෙනකාගෙද බෑග් එකක්
අපේ ඉස්කෝලෙ ඩයල් එකකගෙ වෙන්න බැරි ජාතියෙ බෑග් එකක්
කලුපාට ලෙදර් බෑග් එකේ කහ නිල් පාට පටි තිබුනා
මොකාගෙ උනත් අදාල නෑ
අපේ කැලේ තියෙන්නේ අපේ නීතිය
පිටින් එන වවුල්ලු අපි වගේම එල්ලිලා ඉන්න ඕනි
මම බෑග් එක අල්ලලා වීසි කරා පන්තියෙ මිටි තාප්පෙන් එලියට
මගේ වසම මම අත්පත් කරගත්තා
මම පිටිපස්ස හැරිලා ඩස්පියාගෙන් ඊයෙ රෑ බලපු ඇක්ශන් ෆිල්ම් එකේ ෆයිට් එකක් ගැන අහ අහ හිටියෙ
"මෙතන මගේ තැන" ටිකල් ගොරෝසු නුපුරුදු කටහඩක්
"උබලාගෙ අප්පගෙ තැනක්ද මේක....කවුද යකෝ මේ අලුත් අයිති කාරයා" මම වාඩිවෙලා හිටපු පුටුවෙ එක තැන කැරකිලා කෙලින් උනා
මට උගේ මූනදිහා ඔරවලා බලන්න ඕනි උනත් උගේ මූනතිබුන මට වඩා අගල් කීපයක් උඩින්
මම 5.9 ක් උසයි ...මගේ උසත් එක්ක බැලුවමා අලුත් එකා 6.1ක් වත් උස ඇති
මගේ ලෑලි පපුවට වදින විදියට උගේ පලල් පපුව සෙට් වෙලා....ඒක මගේ වගේ පිට ලෑලක් නෙමයි හොදට ඇත්ලටික් කරලා හදාගත්ත පිටට නෙරාපු හයිය පපුවක්
කිරි කොකා වගේ සුදු කමීසෙ , අපිලග නැති සෙන්ට් සුවද
මේ වෙලවෙ හැටියට මම ඉන්නෙ තදවෙලා....අලුතෙන් ආපු එකාගෙ ලස්සන කැත ගැන විස්තරකරන්න මට වෙලාවක් නෑ
අනෙක මම බඩුවක් නෙමයිනෙ කොල්ලෙක් ගැන පන කඩාගෙන විස්තර කරන්න
උගෙයි මගෙයි වෙනස මම දුබුරු පාටයි ඌ සිදු පාටයි හරියට වැනිලා චොකලට් අයිස්ක්‍රීම් දෙකක් එක තැන තිවුවා වගේ
අපි හැමදාම කරබලයි පරිප්පුයි පානුයි බතුයි විතරක් ගිලින නිසා අපේ ගොඩක් උන්ට පෝශන ඌනතා
අපේ හම රලුයි වේලිලා
ඒත් අලුත් එකා හොදට කනබොන තැනක එකෙක් වගේ සුදු හම් හොදට තෙල් පාට වැටිලා
"පෙන්නපන් උබේ ඔප්පුව....දෙන්න උබේ තැන" උගේ කමීස කරෙන් ඇල්ලුවෙ ඇගිලි තුඩුවලින් ඉස්සිලා මම ටිකක් ලොක්ක වෙන්න හදන සීන් එකක් තියෙන්නේ
"එනවා ....තමුසෙට ඔප්පුව පෙන්වන්න" දඩාස් ....උගේ යකඩ වගේ අත් වලින් මාවතල්ලු කරපු පාරට පුටු දෙක තුනක් පෙරලන් මම බිම
මාව වැටෙන්න නොදී අල්ලා ගත්තෙ මම ලගට පැනපු හින්නා
හින්නා මගේ අතවැසියා වගේ මාව කෙලින් කරලා...එලියට පැනපු මගේ ශට් කොටෙත් කලිසම අස්සට එබුවා
මගේ තරහ මැක්සා.....මූනරත් වෙලා දාඩියත් දාගෙන....අලුතෙන් ආපු එකෙක්ගෙන් ගුටි කෑවා
වස නෝන්ඩිය
තව පාරක් මූ එක්ක හැපෙන්න ගියානම් මාව බිමට චප්ප වෙයි මම ඌට අත පය දික්කර කර කෑගැහුවත් ටිකක් ඉස්සරහට යන්න බයයි වගේ
මේ වෙලාවටෙනෙ හොදයාලුවො වැදගත්
මම වෙනුවෙන් ඉස්සරහට පැනපු ඩස්පියා මූන පුරවලා පොල් අඩියක් දුන්නා අලුත් එකාට
ඌ නොකවුට්
"අඩෝ අලුති ආවනම් කටයි පුකයි වහන් තියෙන තැනක වාඩි වෙයන්....අපේ උන්ට අතපය දික්කරලා මූන නාලු කරගන්නෙ නැතුව

HatharawaramWhere stories live. Discover now