ep 39

743 152 13
                                    

Ep 39
"නොදකින් පෙරේතයා ඉන්න හැටි විතරක්...අශ්වය මැරිච්ච කවුද බෝයි වගේ....අපේ දවසත් මූසල වෙනවා ...උබේ හතරැස් මූණ දැක්කාම"
"මට අයියා නැතුව පාලුයි බන්...යන්න කියලා කිවුවට...ගියාට පස්සෙයි දුක....ලග ඉන්නකන් තේරුනේ නෑ කොයිතරම් වටිනවද කියලා...මම මැරිලා ගිහිපු අතීතෙ සූකිරි එක්ක හිටපු දවස් ගැන හූල්ල හූල්ල හිටියා...මට මම ලගම හිටපු රත්තරන් මිනිහගෙ ආදරේ මග ඇරුනා...."
"යකෝ උබෙ නාකි මනමාලයා උබට ආදරේ කරානම් කොහොමද අර ගෑනියෙක් එක්ක ඉදලා හම්පඩ ගැහුන මිනිහෙක් එක්ක ගියේ"
"එහෙම කියන්න එපා බන්...උබට තේරෙන්නේ නෑ....එයාට එහෙම නොකර බැරි උනා"
"අනේ පින්සිද්දවෙයි අර දෙකයි පනහෙ හින්දි කතාවල වගේ බොලද වදන් දිදී හොටු පෙර පෙර අඩ අඩා ඉන්නෙනෙ නැතුව ෆයිනල් ප්‍රසන්ටේශන් එකට ලෑස්ති වෙයන් "
"මම වෙන බෝඩිමක් හොයාගන්න ඕනි බන්...අර ඇනෙක්ස් එක මට ලොකු වැඩී...පාලුත් වැඩී"
"මේ...හදිස්සියෙ බෝඩින් හොයන්න දගලන්න එපා....එහෙම උනොත් අපි පහුගිය මාස 6ම කරපුවා අපරාදෙ වෙනවා...හරියට තීසිස් එක ඉවර කරන්න ඕනෙ....
ප්‍රසන්ටේශන් එක දොබෙන් දෙන්න ඕනි...වරෙන් මගේ බෝඩිමට ඒකෙ ඉදන් වැඩ කරමු"
"අපෝ බන් ඒකෙ උබටත් ඉඩමදිනෙ ...මමත් ඇවිත් සක්ක ගැහුවාම.... ඇට අස්සේ පනුවො දානවා වගේ...පැක් වෙලා ඉන්න වෙන්නේ "
"නෑ බන් මගෙ බෝඩිමට එහා පැත්තෙ ඇනෙක්ස් එක හිස් උනා....යමන් අපි දෙන්නම ඒකට....ඒකෙ ඉඩතියෙනවා නියමෙට"
බෝල්ට්ගෙ වදේ නිසායි....අයියා නැති පාලුව නිසයි මම බෝල්ට් කරපු යෝජනාවට එකග උනා
ඒ ඇනෙක්ස් එකේ එක බෙඩ් රූම් එකයි තිබුනේ
හැබැයි ඇදන් දෙක බිත්ති අයින් වලට කරලා වෙන් වෙන් ව තිබුනේ

එක අතකින් ගිහාන් අයියා යන්න ගියේ හොදම කාලෙ
මොකද අපේ අවසන් ප්‍රසන්ටේශන් එකයි උපාධි නිබන්දනේ අවසන් කරලා දෙන එකායි දෙකම තිබුනේ මේ දවස් වල
නිබන්දනය කියන්නේ එකතරා විදියක බන්දනයක් තමයි...යකා බැදගත්තා වගේ වැඩ කරන්න එපැයි ඒ මගුල ඉවර කරන්න
අනේ මන්ද එක අතකින් අපි මේව බෙල්ල කඩා ගෙන පිටු ගනන් ලියුවට මෙලෝ බල්ලෙක් කියවන්නේ නෑ...අවුරුදු ගානක් ගියාම මේ ලියපුව ලයිබ්‍රියෙ ඉන්න කාවන්ට රසවත් දිවා ආහාරයක් වේවි එච්චරයි
කැම්පස් එකේ ලයිබ්‍රි කබඩ් වලට කෑගන්න පුලුවන් නම් කෑ ගහලා කියාවි ලන්කාවෙ මොනතරම් අලුත් දේවල් හොයාගන්නවද...කොයිතරම් දැනුම කැටිවෙලා තියෙනවද කියාලා...ඒත් කවුරුත් ඒවා ප්‍රයෝජනයට නොගෙන ...බොරුවට බනිනවා අපි කිසිම අලුත් දෙයක් හොයාගන්නේ නැති මොඩයො රැලක්....අපි බටහිර පෝසතුන්ගේ දැනුමේ වහල්ලු....සුද්දො හොයලා එවන දැනුම එහෙම්මමම කට පාඩම් කරන මැටි ගිරවු
අලුත් දැනුම හොයන බුද්දිමතුන්ගෙ අඩුවක් අපිට නෑ
අපිට තියෙන්නේ හොයාගත්ත දැනුම ප්‍රයෝජනයට ගන්න රජයක් නැති එක
මොන්ගල් දේශපාලකයො උන්ගේ වාසියට ඔහේ මෝඩ තීරනගන්නවා අපේ විද්‍යත්මක හොයා ගැනීම නිකන් මලකඩ කනවා
කොහොම උනත් මම තීසිස් එක හරිඅයටම ලියන්න ඕනි
ඒ නිසා මට මැරීගෙන නිදි මරාගෙන වැඩ කරන්න උනා
බෝල්ට් මාව වැඩ වලටම පොලබවපු නිසා දුක ගැන හිත හිතා ඉන්න වෙලාවක් තිබුනේ නෑ
අනෙක බෝල්ට් ජීවිතේ ගැන බරට හිතන්නේ නෑ කුරුලු පිහාටුවක් වගේ සහැල්ලුවෙන් ඉන්නේ
ලොකු හැගීම් වලින් බර වෙනවට වඩා එවෙලාවෙ එවෙලාවෙ තියෙන වැඩේ හරිඅයට කරන්නයි එයාට ඕනි උනේ

HatharawaramWhere stories live. Discover now