ep 126

491 96 0
                                    

Ep 126
"හරිම කියුට් මචන්....දැක්කත් හිත පිරෙනවා.....ඩස්පියමයි ඕයි....අනා...මගෙ උම්මා කැටේ"
"තොට මොන්ගල්ද?....මටනම් මේ පොඩි උන්දෙන්නගෙ එහෙම ගෝරිලි මූනක් පෙන්නෙ නෑ...ටිකක් විතර සචිනි නන්ගි වගේ"
"ආආ...පල පල හැලිවදුර යන්න...උබ මගේ ඩස්පිට අනම් මනන් ගෝරිලි කතා කියන්න එපා....කොහොමත් මට පොඩි උන් ගෙ මූන බලපු ගමන් උගේ තාත්තා කවුද කියලා කියන්න පුලුවන්...මැඩොක් ඉපදුන දවසෙම හින්න ෆොටෝ එක එව්ව ගමන් මම කියුවා...මේ තියෙන්නෙ විනෝචයගෙ චිම්පන්සි මූන එහෙමම....මම කියුවෙ බොරුද ඌ උඅබ වගේමයි...පෙනුම විතරක් නෙමෙයි අලිගුත්තේරු වැඩත්...හින්නගෙන් අනික් පොඩි කෙල්ලො දෙන්නා සාන්තව ඉද්දී අරූ මුලු පැරීයම පෙරලන්න හදනවා""
"දැන් කවද්ද එන්නේ ....ඔයාලගෙ චූටි පැටවු බලන්න"
"අනේ මට හිතාගන්න බෑ මම අම්ම කෙනෙක් උනා කියලා....මේ උබලා මීට පස්සේ පුරුශ ලින්ග පද දාලා මට කතා කරන්න බෑ...මට තනිකරම දරුවන්ගෙ අම්මා වෙන්න ඕනි....පහුගිය දව්ස් ටිකේ මම ප්‍රෙග්නන්ට් අම්මලා යන ක්ලාස් එකකට ගියා බබාල වඩාගන්න ඉනගන ගන්න...දරුවන්ට කවන්න...දැන් හොදට පුලුවන් මට බබාල බලා ගන්න ....මම ලන්කාවෙ විදියට ලමයි හදන්නේ ...ඔය හින්නලා වගේ ප්‍රන්ශ සැම්පලේට මම ලමයි හදන්නෙ නෑ"
සමනලීගේ ප්‍රාර්තනා බලාපොරොත්තු අහස උසට...ඒත් ඒවා කඩන් වැටෙයිද මට බයයි
පහුගිය දවස් දෙකේ බෝල්ට් ගෙන් තිලෝකගෙන් ලැබුනේ හොද ප්‍රතිචාර නෙමෙයි
තිලෝකා දවසේ වැඩි හරියක්ම අඩනවා
අපි කවුරු හරි බබාලා ලගට යනවටත් තරහයි
කටු බැලලි පැටවු ලගට යනකොට වගේ ඔරවනවා
බෝල්ට්ට හැරුනම වෙන කාටවත් බබාලා අල්ලන්නවත් දුන්නෙ නෑ
මේ තත්වය ගැන බෝල්ට් එක්ක කතා කරද්දී ඌ කියන්නේ
අඩන අම්මකෙනෙක්ගෙන් දරුවො උදුරන් යන එක ආනන්තරීය පාපකර්මයක්
ඒකට ඌන්සම්පූර්නයෙන්ම විරුද්දයි ලූ
මමයි සූකිරී පොඩි අඩියක් ගහලා හීන් සැරේ බෝල්ට් එක්ක මේක ගැන කතා කරන්න හැදුවා
"විනෝද් උබ මට ලින්ගික අල්ලස් දෙන්න හද්නවාද....මේතරම් කල් උබේ මූන බැලුවත් මට පුම්බපු උබ මගේ ලග ඇවිතැතිල්ලෙන්නේ මගෙන් දරුවො ගන්න පර්මිශන් ගන්නද....ඒකනම් හරියන්නෙ නෑ....අපි ඉක්මනින්ම දරුවො අරන් ගමට යනවා....අපේ අප්පච්චි අකැමැති උනොත් අපිව භ්හාරගන්න පුලුවන් තරම් ඉක්මනට ගෙයක් අරන් ඒකට ගිහින්...ඉක්මනටම ප්‍රන්ශෙ යනවා"
මගෙයි සූකිරිගෙයි ඇගේ ලේ වතුර කරමින් ඩස්පියයි සමනලී ලන්කාවට ආවා
සමනලී කියුව වගේම ඔසරියක් ඇදලා ශානත දානත අම්මා කෙනෙක් වගේම ඇවිල්ලා
ඩස්පියත් කොන්ඩ රැගුල් කපලා හොද තාත්ත කෙනෙක් වගේ ඇද පැලදගෙන ඇවිත්
මොන බෝම්බයක් ගේ ඇතුලෙ පිපිරෙයිද දන්නෙ නෑ
මම උදෙන්ම පිවිතුරුයි දුවයි ආයා එක්ක ගිහාන් අයියල්ගෙ ගෙදර යැවුවා
උදෙශ් අයියට්ත් කතා කරලා කියුවා මම එක්කන් එන්න කියනකන් ලමයින්ව තියාගන්න කියලා
අපි දෙන්න හිටියේ ගිරයට අහු උන පුවක් ගෙඩි වගේ
බෝල්ටවත් ඕනෙ ඩස්පියයි සමනලිවත් ඕනි කාගෙ පැත්ත ගන්නද කියලා හරියටම හිතාගන්න බෑ
හැමදාම සමනලී හරි ඩස්පියා හරි දකිද්දී උඩ පනින හිත
අද දවසේ හේ බාලා ගිහින් උකටලී වෙලා

HatharawaramWhere stories live. Discover now