ep 22

896 146 5
                                    

Ep 22
අවුරුදු 13 ක් පුරුදු උන දෙයක් එකපාරට අතරින එක ලේසි නෑ
ඒත් පටන්ගත්තොත් දෙය්ක් ඒකේ අවසානයක් තියෙනවාමයි
පුන්චිම කාලේ අම්මාගේ අතේ එල්ලිලා යන්න බෑ කියලා අඩාපු අපි
ඉස්කෝලේ දාල යන්න්න බෑ කියලා අඩන දවසක් එනවා
කැතයි කැමැතී කියලා හිතුන හැමදේම ඉස්කෝලේ ලස්සනයි හොදයි කියලා හිතෙන දවසක්
අපිව මරාගෙන කන්න ආපු පූරුවෙ හතුරො කියලා හිතාපු සැරම ගුරුවරයත් බදාගෙන අඩන්න හිතෙන දවසක් එනවා
හොදම යාලුවො නැතුව....අවුරුදු ගානක් පුරුදු උන හොදම තිප්පොලවල් වලට වෙලා ආයේ හිනා වෙන්න වෙන්නේ නෑ කියලා දෙනෙනකොට ඇස් ගෙඩි දෙක පලාගෙන දොබ ගෙඩි වගේ කදුලු කඩා වැටෙනවා
මගේ පුටුවේ වාඩිවෙලා දිරවන්නේම නැති ඉන්ග්‍රීසි පාඩම හරි අහගෙන ඉන්න ආයෙ සැරයක් ඉස්කෝලෙ එන්න දෙනවානම්
කොහොමද හිතන්නේ මගේ නම ගහපු මගේ පුටුවේ මගේ ඩෙස් එකේ මගේ තැන වෙන ලබන වාරෙදි වෙන එකෙක් වාඩි වෙලා ඉදීකියලා
සුදු ඇදුම ඇදන් කිරිකොක්කු වගේ ඉස්කොලෙ ලමයි කියලා එකම වචනෙකින් හදුන්වපු අපි
අදින්පස්සේ විසිරිලා යාවි
හමුදාවෙ කොල්ලෙක්, ගාමට් යන ගෑනියෙක්, බස් කොන්දොස්තර කෙනෙක්, ක්ලාක් ලෝයර් ටීචර් , කුලීකාරයෙක් මේ විදියට එක එක විවිද වර්ගයක පුද්ගලයො වෙයි අදින් පස්සේ

ලොකු ඉස්කෝලවල බයෝ මැත්ස් කරපු අයට මම මේ කියන ෆීලින්ග් එක තේරෙන්නේ නෑ
ඒලෙවෙල් පටන් ගත්ත දවසේම ටියුශන් යන්න පන්ති කට් කරන උන්ට ඉස්කෝලෙ අන්තිම දවසත් තවත් එක කරදරකාරී දවසක් විතරයි
පොත උඩම නිදිය ගෙන පොත අතේ තියන් කොමඩ් එකටත් යන උනට ඒලෙවෙල් කාලේ ඉස්කෝලෙ කිසිම බාහිර වැඩකට සම්බන්ද වෙනවා තියා ඒ ගැන හිතන්නවත් වෙලාවක් නෑ
අන්තිම දව්සේ අවුරුදු ගානක් උගන්නපු ගුරුවරුන්ගේ කකුල් දෙක අල්ලලා වදින වෙලාවෙත් තවත් එක කාබනික පරිවර්තනයක් මතක තියාග්න්න තිබුනා කියලා හිතන ආත්මාර්තකාමී කොල්ලො කෙල්ලො අපේ ගමේ ඉස්කෝලෙ හිටියේ නෑ
පන්ති යන්න සල්ලි බාගේ තිඋනෙ නැති අපේ දුප්පත් ඉස්කෝලේ ප්‍රතිපල 100%ක් ම ගුරුවරුන්ගේ මහන්සියේ ප්‍රතිපල
උබලටම හිතෙනවා ඇති යකෝ මූ වෙනස් උනතරම් කියලා ...පටන්ගන්න කොට ගුරුවරුන්ට කරන්නා පුලුවන් හැම නින්දාවක්ම කරපු එකා කොහොමද මේ එක පාරට ගුරුවරුන්ගේ ගුන වයන්නේ කියලා
ඒත් ඒ උතුම් මිනිස්සුන්ගෙන් වෙන්වෙලා යනදාට දැනෙනවා බැනපු හැම බැනුකම රවපු හැම රැවුමකම ගහ්පු හැම ගුටියකම ආදරේ කවලම් වෙලා තිබුනා...නසන්නට නෙමයි හදන්නයි රෙදෙවුවේ කියලා
ගොඩක් උන්ට ඒලෙවෙල් වලට යද්දි මුලින්ම අයනු ආයනු කියපු ප්‍රාතමිකෙ ගුරුවරු අමතක වෙනවා
ඒත් ඒ ගුරුවරු උගන්නපු අකුරු නැත්තම් ඒ ලෙවෙල් වලදි පූස් කැප් පිරෙනකන් රචන ලියන්නෙ ගනන් හදන්නේ කොහොමද?
ඒ නිසා අපේ උන් රන්චු රන්චු එකේ ඉදලා එකෙන් එක දහතුන වෙනකන් හැම පන්තියට ගිහින් ගුරුවරු හැමෝටම වැනදා
ළමයි ගොඩක් නැති නිසා අපේ හැම ගුරුවරයෙකුටම වෙන වෙනම අපි ගැන මතයි
වදින වදින සර් , මිස් අපි කරපු මොනවා හරි අමතක නොවෙන සිදුවීමක් මතක් කරලා ඔලුව අතගාලා මූන ඉබිනවා...අඩන්න ඉන්න අපේ හන්ගපු කදුලු හැමෝම ඉස්සරහා එලියට පැනලා දෝරේ ගලනවා
එකේ ඉදලා එකින් එක පන්තිවලට යද්දි අපේ මතයන් අතීතයෙන් අතීතයට ගමන් කරනවා...එත්කොට තමයි දැන්නේ අපි කොයිතරම් අපේ පාසල් මාතාවට බැදිලා හිටියද අපේ ඉස්කෝලේ අපේ අම්මා වගේ අපිව බලාගෙන හදාවඩාගෙන ලොකුමහත් කලා නේද කියලා හිතෙනකොට ඉස්කෝලේ බිම ඉබලා වදින්න හිතෙනවා
වැඩිපුරම දුක හිතුනේ ඉකෝන් සර්ටයි ඉතිහාසය මිස්ටයි වදිද්දි ඒ දෙන්නමා ගොඩාක් මහන්සිඋනා පහුගිය කාලෙම අපේ පන්තියෙන් කීප දෙනෙක් හරි කැම්පස් යවන්න
සමනලී දවසේම නැටුම් කාමරේට වෙලා බෙර තම්මැට්ටන් බදාගෙන ඇඩුවා
හැමෝම පොන්නයෙක් වැඩකට නැති නිකමෙක් මානසික ලෙඩෙක් ගෑනු බාගයක් කියලා කොන්කරපු සමනලීට අලුත් ජීවිතයක් දීලා ඉස්කෝලෙ ඉන්ම දීප්තිමත්ම ශිෂ්‍යක් කරේ නැටුම් කාමරෙයි ඒනිසා ඌට නැටුම් කාමරේ අත ඇරලා යනවා කියන එක හෙනම ලොකු අවුලක් වෙන දෙයක්  වෙන්න ඇති
සමනලීට නැටුම් කාමරේ වගේ තමයි හින්නට
චිත්‍ර කාමරේ...ඒක සම්පූර්නයෙනම වැහිලා තිබුනේ හින්නා කරපු චිත්‍ර මූර්ති පිලිම වලින්
අවුරුදු ගානක් යනකන්ම අලුතෙන් එන ළමයි පුදුමවෙයි ඒවා දැකලා...කවද හරි හින්න්නා ඉස්කෝලෙ ලෙජන්ඩ් එකක් වෙයි
චිත්‍ර සර් අවුලෙන් හිටියේ එයාගෙම දරුවෙක් එයාගෙන් වෙන් වෙලා යනවා වගේ
හඩක් නැති මනුස්සයෙක්ට කෑගහලා මොරදීලා හිතේ හැන්ගුන කතාව ලෝකෙට කියන්න චිත්‍ර කාමරේ ලොකු උදවුවක් කරා
තව ටික දවසකින් අපි අදුනන්නේ නැති අලුත් ලමයි අපේ තැන් අල්ලගෙන උන්ගේ තැන් කියලා නම් ගහයි
අලුත ගාන තීන්ත වලට අපි ඩෙස් පුටුවල ලියාපු නම් කතා කවි මැකිලා යාවී
අපේ ගුරුවරු වෙන ඉස්කෝලවලට මාරුවෙලා යයි සමහරු පෙන්ශන් යයි
අපිව අහලාවත් දැකලාවත් නැති ආගන්තුකම ආගන්තුක ගුරුවරු ඉදීවි
පරන පන්තිකාමර කඩලා අලුත් ලස්ස්න බිල්ඩින් හදාවි
අපේ මතකයන් දූවිලි වගේ ගසාගෙන යාවි

HatharawaramWhere stories live. Discover now