ep 115

619 99 9
                                    

Ep 115
ආයෙමත් අතීතෙ දවස් වලට ගියා වගේ දැනුනා
වෙනස්කට තිබුනේ...අපි 4 දෙනාට අමතරව දෝනී මැඩොක් එකට හිටපු එක විතරයි
ඒ දෙන්නා අපේ බැදීම් තවත් වර්නවත් කරා
මැඩොක්ව පන්සලකට එක්කගෙන යන්න ඕනි කියපු නිසා අපි කැල්ණි , බෙල්ලන් විල ගන්ගාරාමෙ අලුත්ගම කන්දෙවිහාරේ ගියා
හින්නාලා කියන විදියට කොල්ලා සින්හල විදියට හැදෙන්න කැමතිම නෑලු...බත් කන්නෙ නෑ...සැරටකන්නෙ නෑ
සින්හල කතා කරන්නේ නෑ
ඒත් අපේ දෝනි එක්ක වැටුනම එයා ඒ හැම දේටම ආසා උනා
ප්‍රන්ශ හුරුවට අක්කී අක්කී කිය කිය පස්සෙන් යද්දි ආසාවෙ බෑ
ඉස්සර වගේ හින්නයි සච්නී ආදරේ කිය කිය මගේ පස්සෙන් නාහෙන් අඩ අඩා එන්නෙ නැති නිසා
සහෝදරයෙක් වගේ මට ඒ දෙන්නව ඇසුරු කරන්න ලේසී
සච්නි අපිට ෆ්‍රෙන්ච් කෑම හැදුවා ආයත් උදවු කරගෙන
චිකන් මැන්ගරීන් එක නම් රසයි...ඒක චිකන් බිත්තර් චීස් ගාලික් සෝස් එක්ක දාලා උයපු කෑමක්
ස්පෙරෙද්‍රේ...ඒකටනම් මට ආස හිතුනේ නෑ...පෝක් අබරලා ගත්ත තලපයක් ඔලිවු ඔයිල් වලින් බැදලා අමු මින්චි කොල එක්ක...කන කොට හෙන වහතු රහක් එනවා
ගෙදරම හදාපු දිග පාන් වර්ගයක් මැදට බේකන් දාලා හදපු සැන්විච්
පාන්පෙති කිරි බිත්තර වල පොගවල සාස් පානක චීස් එක්ක ටෝස්ට් කරල ගත්ත කෑමටත් මම කැමතී
ඒවා චර චර ගාලා කිරි චීස් රසට හැපෙනවා
සූකිරි අපිට ෆරයිඩ් රයිස්, නූඩ්ල්ස් ...කොත්තු හැදුවා...මැඩොක්ට සැර කෑම හුරු කරන්න ඕනි නිසා
මැඩොක්ට සිනහල වචන අල්ලගන්න පොඩි ලමයින්ට ජනකතා කියන සීඩී දාලා දුන්නා
දෝනියත් ලොක්කි වගේ හරි හරියට සිනහල උගනවනවා
"කෙල්ලේ...ඔයා මල්ලිට සින්හල කියලා දිදී විතරක් ඉන්නේ...මල්ලිගෙන් ෆ්‍රෙන්ච් ටිකක් අහගන්න...ඔයා ලොකු වෙලා ප්‍රන්ශෙ යන්න නේද ඉන්නේ"

සූකිරි දෝනිගෙ කොන්ඩ කරල් දෙකෙන් අදින ගමන් කියුවා
මැඩොක් ප්‍රන්ශෙ ළමයි කියන කවියක් කියුවා
අපේ කෙල්ල අගර දගර පොඩි හාමිගෙ වත්ත ලස්ස්නයි කවිය කියුවා
හොද වෙලාවට දෙන්නම දන්නවා ..."ඕල්ඩ් මැක්ඩොනල්ඩ් හැඩ් අ ෆාම් " සින්දුව.
දෙන්නා එක්ක ෆාම් එකේ සතුන් ගෙ නම් කියද්දි අපි හතරදෙනා නම කියන සතා වගේ කෑගහන්න ඕනි
සූකිරී දුවයි පියානෝ ගිටාර් ප්‍රසන්ගයක් තිබ්බා
මටනම් වයලින් එක මතක නෑ
සතියක් දෙකක් පුරුදු උනොත් ආයෙ පුලුවන්
දුවටයි සූකිරිටයි වගේ මට සරස්වතී ආරූඩයක් නෑනේ
ඒක නිසා මට ඉන්ස්ටෘමන්ට් එක අතට ගත්ත. ගමන් කෝඩ්ස් මතක් වෙන්නේ නෑ

HatharawaramWhere stories live. Discover now