ep 59

785 124 2
                                    

Ep 59
විනෝද් මේ උබ කියපන්...අපිව එලෙව්ව උන්ගෙ කකුල් දෙක ලගට ආයෙ යන්න ඕනිද?...ඩස්පිය බැරෑරු ප්‍රශනයක් වගේ කට උල් කරගෙන ඇහුවා
එහෙම කියන්න එපා මොනව උනත් ඒ මගෙ තාත්තා....තාත්තා ...මම උත්තර දෙන්න කලින් සමනලී එයාගෙ කතාවක් පටන් ගත්තා
ඔවු ඉතින් කොනව කරන්නද...අනික තාත්තා ලග නෑ කියලා අපි මැරෙන්නෙ නෑනෙ....දැන් බලපන් මගෙ තාත්තා මැරුනෙ පොඩිකාලෙ ...ඒත් මම් මේ ඉන්නේ යහතින්
මැරිච්ච තාත්තෙක් ලග නෑ කියලා හිත හදාගන්න එකයි ජීවත්වෙන තාත්තෙක්ගෙන් ඈත් වෙලාජීවත් වෙන එකයි දෙකක්...මගේ දුක දන්නේ මම් විතරයි
හරි හරි දැන් උබලා දෙන්නා රන්ඩු වෙන්න එපා අපි යමු සමනලීගෙ තාත්තා බලන්න...හින්නනා ආරවුල සමතකරන නිල්ලදරීවගේ ඉස්සරහට පැන්නා
අපෝ හවස් වරුවත් ඉවරයි...මට එපwඑල ගෙwඅල් ගනෙ යනැක...මුන් තුන්දෙනා විතරක් ගියොත් හොදයි
ඒත් ඩස්පියා අපිහැමෝම බලෙන්ම ඇදගෙන එක්කගියා

සමනලී කලිසමකුයි ශර්ට් එකකකුයි ඇදගත්තා...කොන්ඩෙ කැප් එකකින් වහ ගත්තා...පුලුවන් තරම් පිරිමියෙක් වගේ පේන්න ...සූකිරි එයාගෙ හොන්කොන් බොරු රැවුල් කලෙක්ශන් එකෙන් රැවුලකුත් ඇලෙවුවා...ටිඅකක් පිරිමි පාටයි..ඒත් පෞර්ශය මදි බයාදු නියාලු නෝන්ජල් පිරිමියෙක් වගේ
"යකෝ පිරිමියෙක් වගේ ඇනදට වැඩක් නෑ ඒ වගේ හැසිරියන්...ගෑනියෙක් විදියට උරහිස් අකුලන් ඉන්න එප...පපුව ඉස්සරහට දාපන් " මාලුන්ට දුවන්න උගන්වනවා වගේ සූකිරි සමනලීට පිරිනිකම උගන්වනවා
"අයියෝ බෑ අනා...මගෙ පපුව ඉස්සරහට දැම්මාම තන්දෙක තවත් ලොකු වෙලා පේනවා...ඒක හරියන්නේ නෑ බේයිබී..මට මේ පිරිමි ඇදුම් බොරු රැවුල් හෙන අවහිරයක් බන්"
එයා ලෝකෙට පේන්න මොනතරම් උජාරුවට ගෑනියෙක් වගේ හිටියත්..එයාගෙ ගෙදරට යද්දි එයාගෙ ලින්ගික අනන්‍යතාව ගැන එයා බයයි
කතාව ඉයෙ ලෝචි බලන්න ගියා වග්ම තමයි ...ඊටත් වඩා ගරා වැටුන පුන්චිම පුන්චි ගෙයක්

ඉස්සරහ දිරච්ච ගෝනි පඩන්ගුවලින් හදපු බූරු ඇදක කලු දිරාගිය නාකි මහල්ලෙක් ගොරොද්දෙ ඇද ඇද නිදි
මිනිගෙ ඇද ලග බාගෙට පිරිච්ච බලත් කෙල පඩික්කමයි...බුලත් වට්ටියයි
ඇද යට හිටිය ශරීරෙම කුනු උන නකුටු බල්ලා...තමන්ගේ අඩවියට පැමිනි අමුත්තන්ට විරෝදය දැක්වීමට විරූපී දත් ඉදිරියට නෙරවන් බුරාගෙන පැන්නා
බල්ලාගේ හදිසි බිරීමෙන් ඇද උඩ හිටි නාකියා උඩගිහින් බිම වැටුනා
මේතරම් වෙලා ගොරොද්දේ ඇද ඇද හිටි සෙම රැල්ල හිරවීම නිසා නාකි මිහා මහා කැස්සක් සමග අවදිවී
දුර්වල වී යන ඇස් වලින් නාදුනන මිනිස් රූප හදුනා ගන්න මහන්සිඋනා
"උබලා කවුද....පලයල්ලා...මොන බැන්කුවෙන් ආවත් මම මෙගේ ගේ අයිති කරගන්නෙ දෙන්නෙ නෑ...උබල මේකට මොකට උගස් සල්ලි දුන්නද....මගේ ලොකු එකා ඔක්කොගෙන්ම කුඩු ගහලා..ආ ගිය අතක් නෑ...උගේ ගැර්නී දරුවයි වැටිලා ඉන්නේ මෙතන...ඔහෙලට ඕනෙනම් ඌව හොයාගෙන ගිහින් අල්ලා හිරේ දානවා...නාකි මාව ගෙදරින් එලවලා දාන්න ඔහෙලට බෑ...මට යන්න තැනකුත් නෑ"
මහල්ලා හීනෙන් බය වෙලාද....නැත්ත. හිතේ තෙරපෙන අසරන කම එකවරම වාන් කැඩී දෝරේ යනවද?
මොනදේ උනත් මිනිහා අග්ගිස්ස්ටම නට්ටන් වෙලා
සමනලී වගේ රත්ට්ගරන් කොල්ලෙක් ගැනි වගේ කියලා ගෙදරින් එලවලා...පිරිමිකම බෙරෙන ලොකු පුතාව උඩදාලා තියාගත්තා...අන්තිමට ඌ කෙලින්න්න පුලුවන් හැම විදියටම කෙලවලා ගෙදරිනුත් පැනලා ගිහින්...මට නම් දුක හිතුනෙ නෑ...මල පැන්නා
තාත්තේ බැන්කුවකින් නෙමෙයි...මම ....පොඩි පුතා...තාත්තා බලන්න ආවා...සමනලී ඇස් දෙකෙන් කදුලු බේරෙද්දි වෙවුලන කටහඩකින් කියුවා. මට ඌ ගැන පුදුම දුකක් හිතුනා ...මේ තරම් නරක විදියට සලකපු තාත්තටත්. තාම ආදරෙන් කතා කරන්න ඌට මොනතරම් ශ්‍රේශ්ඨ හදවතක් ඇතිද?
මට ඇති පොඩි කොල්ලෙක් නෑ...හිටපු ලොකු එකත් ගෙදර නෑ
පෙනුමට මිනිහා සමනලීව මුලු හිතෙන්ම ඩිලීට් කරලා...නමවත් රීසයිකල් බින් එකේ ඉතුරු නොකරම
තාත්තා...මාව පොඩ්ඩක්වත් මතක නැද්ද..මම පොඩි පුතා
හින්නා මිනිහගෙ ජරා ඇද ගාව දනගගෙන ඔලුවට අත තියලා ඇහුවා
කාලෙකට කලින් ඉතුරු උන පුන්චි මතක පුන්ජයක් පනගහලා දගල්ලා හිත් විලේ උඩට එන්න හදනවා. නාකියා ඒ මතකය ප්‍රසාරනය කරනවා
"උබ...නරි පනුවා...අයෙ ආවද..මම උබට...එන්න එපා කියුවා නේ....තිරිසනා"
සමනලී ගැස්සිලා ගිහින් බිම ඉනදා වුනා...කොයිම වෙලාවකවත් ඌ හිතන්න නැතුව ඇති ඒවගේ ලොකු ප්‍රහාරයක් එල්ලවෙයි කියලා...නාකියා නෙලාගෙන තියෙන්නෙ ඌ වපුරපු අස්ස්වැන්න..කුරුරු හිතේ දරු සෙනහස හොයනවට වඩා හොදයි කාන්තාරෙ මැහ්දෙ හිම කදු හොයනවා
තාත්තා...මම තාත්තා එක්ක තරහ නෑ...බලලා යන්න ආවේ
මොනව බලන්නද...උබ ආවෙ මට ලැජ්ජා කරන්න...උබේ අම්මට වැදූගෙයි සන්නිය හැදුනෙ උබ නිසා...උබට තියෙන්නෙ බෝදිලිමා ආත්මයක්...පිල්ලුවක්...පලයන් නාකිමාව විනාශ නොකර
ඩස්පියාගේ ඉවසීම පෙනගෙන එන අයුරු මට පෙනුනා. සූකිරි ඩස්පියාව උරහිසෙන් අල්ලගෙන පිටිපස්සට අදිනවා.
ඩස්පියට හිතට දුක ඇති...විහිලුවට අපි ලගම යාලුවො සමනලීට මොනවත් කියුවොත් ඇරෙන්න ඩස්පියා කැමති නෑ කිසිම කෙනෙක් සමනලීට අපහාස කරනවට...ඌ ඒ වෙලාවට යකෙක් වෙනවා..
ඒත් මෙතැන ගහ බැනගෙන විසදන්න ප්‍රශනයක් නෑ..ඒකයි සූකිරි ඩස්පියාව ඇදගෙන එලියට යන්නේ
""අනේ තාත්තේ එකම එක පාරක් ...මට පුතේ කියන්නකෝ...මාත් එක්ක තරහ ගන්න එපා තාත්තේ...මට සමාවෙන්න මට තාත්තට ඕනෙ විදියෙ පිරිමි පුතෙක් වෙන්න බැරි උනාට " සමනලී මිනිහගෙ කකුල් දෙක ලග වැද වැටිලා අඩ අඩ ඉ ල්ලනවා...ඒකනම් මට හෙනම අවුල් මම කැමති නෑ සමනලී කාලගවත් ඒ තරම් සෙකන්ඩ් වෙනවට...දෙන්නම් මටත් නාකියට හොම්බට හැටක් ඇනලා සමනලීවත් උසාගෙන යන්න හිතෙනවා
ශ්‍රී මහ බෝධ්හියට වෙන භාරත් බොරු...මායි උබේ අම්මයි උබ ඉපදෙන්න ඉද්දි අලුත් හාල් වලින් කිරිආහාර හදන් ගියේ බාර වෙන්න...මට තවත් හොද පිරිමි පුතෙල් ලැබෙන්න...ඇතෙක් වගේ බයක් හැකක් නැතුව තනිපන්ගලමේ ඕන තැනක යන්න...කොතක් වගේ ගමටම පේන්න උජාරුවට ඉන්න...සිහයෙක් වගේ ගමම හොල්ලගෙන ඉන්න පුලුවන් පුතෙක්...නොකකින් තුක්...මට ලැබුනෙ ...ගෑනු බාගයක්...කිසිමතැනකට ගෙනියන්න බෑ..අපේ මූනෙ දැලි ගානන් ඉපදිච්ච අජාසත්තයෙක් ...තෝ නිසා මම ලෙජ්ජ වෙන තරමක්
"තාත්තා...මාත් එක්ක තරහ උනාට කමක් නෑ...මේ සල්ලි තියාගන්න...සින්නවෙන ඉඩම ගොඩගන්න...ගේ හදාගන්න ...තත්තට බෙහෙත් ගන්න "
සමනලී සාක්කුවෙන් සල්ලි මිටියක් දික්කරා

HatharawaramWhere stories live. Discover now