ep 109

512 93 0
                                    

Ep 109

වෙසක් පොහොය කියන්නේ පවුක් විදියට සමරන්න පුලුවන් හොදම උත්සවයක්
ගිය අවුරුදුවල ගේ පිටිපස්සේ උන පදුරෙන් ලීපතුරු කපලා මම බැදපු කූඩුව
රැලි කපලා කොල අලවලා ලස්ස්න කරේ සූකිරි
දුවගෙ කැමැත්තට...පාට පාට ඩිමයි කොලයි බිස්ටල් බෝඩ් කොලයි කපලා පොඩි පොඩි බකට් හදලා ඒවයෙ ඉටිපන්දම් ගහලා ගේවටෙටේම සැරසුවා
පාරදෙගේ කොල්ලො එකතුවෙලා ගහපු පහන් වැටේ පහන් පත්තු කරන්න අපි තුන්දෙනත් ගියා
ඒකෙන් අපි අපේ ගෙවල් වටේම හිටපු අය හොදට අදුනගත්තා
එලිවෙනකන්ම නිවෙන පහන් වලට තෙල් දදා...අපේ ගෙවල් තිබුන බ්ලොක් එක වටේම ගියා
කොලබ හිටියට මට ඉස්සර ගමේ හිටියා වගේම දැනුනා
අපේ සෙට් එකත් ඉස්සර වෙසක් දවසට ගෙදරක නෑ...දවසෙම මොන මොනව හරි වැඩ
ඩස්පියට ඕනි උනේ හැම අවුරුද්දෙම වැඩින දන්සැල් ගානකින් කාපු එකාවෙන්න
ඒ නිසා දන්සැල දහය දොලහකට ගිහින් හැමතැනින්ම පොඩ්ඩ පොඩ්ස කාලා එනවා
අපි තින්දෙනත් කැලනි පන්සලේ සත්බුදු පූජාවට යනවා
බෝහග ලගම තැනක තුන්දෙනාම වාඩිවෙලා වැදගෙන ඉන්නවා
පූජාව සන්විදානය කරන අය පූජාවෙදි කියන කවි ගාතා පොත් දෙනවනේ
අපි ඒවා බලාගෙන කවි කියන්නම හිටපු දහම්පාසල් ලමයි කියන තාලෙටම අපිත් කියනවා
වේවා....පිටිටයි...පතමූ....වදිමූ...එක එක කවි වල තියෙන අන්තිම කෑල්ල විතරක් දුව හයියෙන් කියනවා
එහෙම නැත්තන් වටේ තියන බෝකොල ගෙනත් අපි ඉස්සරහ හොඩගනවා
පූජාකරපු නෙලුම්මල්...පිච්චෙන කපුරු හදුන්කූරු ...උනුවෙන ගිතෙල් පොල්තෙල් ඔක්කොම සුවද මිශ්‍රවෙලා
හිත සන්සුන්කරන ප්‍රසන්න සුවදක් මුලු මලුවෙම පැතිරිලා
සූකිරිගෙ කටහඩ ලස්ස්නයි කවි කියන කොට
ගාතානම් එයාට හාමුදුරු කෙනෙක් වගේම කියන්න පුලුවන්
මම ආසම මම කියනවට වඩා එයා කියන එක අහගෙන බුදුහාමුදුරුවන්ගෙ රූපේ හිතේ මවාගෙන වදින්න
එතකොට ඔක්කොම ප්‍රශ්සන් අමතක වෙනවා
ඒත් මේ අගමැති පට්ටම ලැබුන විතරයි ඔක්කොටම කන කොකා හැඩුවා
දැන් එයාට මේ පෝයත් දේශපාලන මාකටින් කරන තව එක දවසක් විතරයි

කඩෙන් ගෙනාපු වෙසක් කූඩු 1000කින් මුලු සූරියගහ මන්දිරේම සරසන්න ඉවෙන්ට් මැනේජ්මට් ආයතයකට කොන්තරාත්තුවක් දීලා
ඒක මහ ආටිෆිශ්ල් වෙසක් එකක් අපිට අපිම වෙලා බොරු රගපෑම් නැතුව වෙසක් වත් සමරන්න නෑ
මමයි දුවයි උදේම අපේ ගෙදර ගියා...ඒකියන්නේ සූකිරිගෙ බන්ගලාව
ඒක කලින් දව්ස් කීපෙම මම වැඩට කීප දෙනෙක් දාලා හොදට සුද්ද කරලා තිබුනේ
මම යි දුවයි වෙසක් කූඩුවක් හැදුවා
දුව හිටිය නිසා පාලු නැති උනත් සූකිරි නැති අඩුව මට තදින්ම දැනුනා
මම උන බට පලද්දී එයා පාලාපු උනබට සුද්ද කරා
ඒත් අද ඒවා ඔක්කොම මට තනියෙම කරන්න වෙලා
ලොකු සතුටක් නැතුව චාරිත්‍රෙටයි දුවට දුක හිතෙන නිසයි වෙසක් කූඩුවක් හැදුවේ
මට විකාර ලෝකෙන් ඈත්වෙලා හිටියනම් හොදයි කියලා හිතුන නිසා
දූවත් ලේස්ති කරගෙන අවිස්සාවේල්ල පහුවෙලා තිබුන පොඩි වන්සෙනසුනකට ගියා
එහෙ ගොඩක් සෙනග නෑ....අපි දෙන්නා සෙනසුනේ බාවනා කුටිවලට යන පඩිපෙල් පිහිදුවා
දුව කූඩැල්ලෝ කයි කියන එකයි මට තිබුන බය
ඒත් එයා වෙන කෙල්ලෝ වගේ කූඩැල්ලන්ග බය නෑ
උන් ඔට්ටපාලු රබර් කෑලි වගේ මැන මැන චූටි කකුල් දිගේ යද්දී එයා උනව චුන්ගම් බෝල වගේ රවුම් කරලා ඇගිලි දෙක මැද්දේ තියලා වීසි කරා
"ඒයි පොඩ්ඩි පෝය දවසේ උන්ට රිද්දන්න එපා...කූඩැල්ලෝ ඉන්න නිසා අපි යන්"
"එපා තාත්ති මම මේකට ආසයි...මම එයාලා ව රිද්දන්නේ නැතුව කොලේක තියලා වීසි කරන්නම්...දෙන් අපි පඩි 281ක් පිහිදුවා...තව කොයිතරම් තියෙයිද තාත්තී"
මම දුවත් එක්ක පඩි ගන්න කරා
ඒක එයාට ගනන් කරන්න කියලා දෙන්න හොද වෙලාව
ඒ නිසා මම අතුගානගමන් ගන්න ටික්කකුත් දූට කියල දුන්නා
"තත්තී මෙතැන පඩි 726 තියේ නේද?....මේවා හදන්න ගොඩක් කල් යන්න ඇතිනේ"

HatharawaramWhere stories live. Discover now