ep 73

632 114 1
                                    

Ep 73
එයා පොඩී තමයි

ඒත් පොඩි කාලෙම පුරුදු උනොත් තමයි ලොකුවෙනකොට ප්‍රොෆෙශනල් වෙන්න පුලුවන්

සූකිරිගෙ කැමැත්තක් නැතත් මගේ උවමනාවටයි ඒක කරේ

මගේ විතරක් නෙමෙයි දුවත් හරි කැමතී

යන්තන් අවුරුදු 4 ක් වෙන ලමයෙකුට දවසකට පැය තුන ගානේ සතියක දවස් තුනක් පියානෝ ප්‍රැක්ටිස් වැඩි නැද්ද?..ගිහාන් අයියා මට කෝල් කරපු වෙලාවෙ ඇහුවා

අපි කොහොමත් බබාව මොන්ටිසෝරි යවන්නෙ නෑ...එයා පියානෝ, සිමින්, බැලේ, එලකියුශන් ක්ලාස් වලට ගියාම ඇති ...ලමය කැමතී එයාට කැපෑසිටි එකත් තියෙනවා ඒ නිසා කරපු දෙන්....මම හිටියේ ඒ මතේ...

මටත් ටිකක් ගොඩේ ඉදලා කොලබ ආපු ගෑනුන්ට තිහෙන හීන මානෙම තිබුනා...කලම්බු පොශ් සොසයිටි එකේ හයි ක්ලාස් පීපල් කියලා පෙන්වන්න...තමන්ගෙ හොඩේ ගතිය ගන්ගන්න අනවශ්‍ය තර්ගකාරී මානසිකත්වයෙන් කටයුතු කරන්න

සාමාන්‍ය ගම්වල ලමයි නොකරන ස්කොශ්, රොබට් සයන්ස්, චෙලෝ වාදනය, ඔපෙරා, ඇක්‍රොබැක්ට්, ප්‍රන්ශ භාශාව වගේ ක්ලාස් වලට යවන්න...වාසනාවට ඒවගේම කැපෑසිටි එකක් තියෙන පොඩි එකෙකුත් ඉන්නවානම් වැඩේ තවත් ලේසී. ඒත් පස්සේ බැලුවම පැයට රුපියල් හයදාහක් විතර දීලා කරලා තියෙන්නේ අපි ගමේදි සතයක් වත් නොගෙව කැලේ කොලේ සෙල්ලම් කරලා ගමේ ලමාසමිතියේ බක්තිගීත කියලා දහම්පාසලේ නාට්ටි පෙන්නනලා නොමිලේම ලබාගත්ත කුසලතාම තමයි.

එදත් මම දුව රුසියන් පියෝනෝ ටීචගෙ ගෙදර එක්කගෙන ගියේ ෆුට් බයිසිකලෙන්. ..
ඇගේ මසලස් බහින නිසා සූකිරි එක්ක හෝම් ජිම් එකේ ටක් ටක් ගාලා බාර් එකසසයිස් ටික කරාට කාඩියැක් කෙරෙන්නෙම නෑ. ඒ නිසා මට දැනෙනවා බොඩි එක බල්ක් වෙනවා..වේයිට් ගේයින් නිසා...කොටින්ම කියුවොත් ටිකක් බර වැඩි වේගෙන එනවා...ඒ නිසා පාක් එකේ සයිකල් ට්‍රැක් එකේ බයිසිකල් පදින්න ගත්තා...වැඩ දෙක තුනක්ම වෙන්න ඕනෙ නිසා මම දූවත් දාගෙන බයිසිකලෙන් පියානෝ ක්ලාස් දාලා එයා ක්ලාස් ඉවරවෙනකන් බයිසිකල් පැදලා ..ක්ලාස් ඉවර උනාම දූවත් දාගෙන ගෙදර එනවා

HatharawaramWhere stories live. Discover now