ep 72

632 115 1
                                    

Ep 72
අපි නිවෙදකයට වේදිකාව බාර දීලා බැහැගෙන ගියා...සූකිරි මොනතරම් සතුටු උනාද කියුවොත් මාව බදාගෙනම හිටියේ අත් හැරියෙම නෑ...."මට මගේ කොල්ලව ඉබින්න ඕනි දැන්ම"

"එහෙම එපා...නේද සුද්දා...මෙතන පොඩි දරුවොත් ඉන්නවනේ...බැක් ස්ටේජ් එකට ගිහින් ...ඕනෙනම් පොඩි එකක් දීපන්..ගෙදර ගිහින් ලොකුම ලොකු එකක් ඕනි..ඈ" .... සූකිරිගෙ ඇස් දෙකෙන් ආදරේ දෝර ගලනවා

බැක් ස්ටේජ් එකේ මොන කිස්ද...වැල ගෙඩියට වහන කෝදුරුවෝ වගේ කැමරා මයික් උස්සගෙන අපිව වට කරගත්තා

මන්ත්‍රී තුමා මේ ඔබේ මිතුරෙක්ද?...ඔහුගේ කතාව අතිවිශිඨයි...නිවේදකාවක් ඇහුවා
මට ඇස් ඇරන් ඉන්නත් බෑ කැමරාවලින් වැටෙන එලියට

"නෑ ,,,මගේ මිතුරෙක් නෙමෙයි"

"එහෙනම් ඔබතුමාගෙයි මෙතුමගෙයි සමබන්දේ කුමක්ද? "

"ඒකට හරියටම ගැලපෙන වචනයක් අපි දෙන්නා හොයනවා තාම"

"ඒ ගැන තව දුරත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?"

"දැනට මගේ ජීවන සහකරු කියලා ලියාගන්නකෝ"

"ඒ කියුවේ සමලින්ගික සම්බන්දයක්ද?"

"ඒ වචනෙ හරිම අමුයි (row word) නේද ...නැද්ද ඔයිට වඩා ලස්සන වචනයක්. ........................සමරිසි ප්‍රේමයක් වගේ "

ඔහෝ ඒක ප්‍රේමයක් එහෙනම්...ඔබතුමා අදමද ඒ ගැන මාද්‍යට කියන්නේ

අද වැලන්ටයින් නේ ...ඉතින් ආදරේ ගැන කතා කරන්න හොදම දවස...සූකිරි ආයෙමත් සැරයක් මාද්‍යට පේන්න මගේ නලල සිප ගත්තා

""මේ මගේ ජීවන සහකරුවා විනෝද් ..එයා මගේ ජීවන සහකරු වෙන්න ඕනවටත් වඩා සුදුසුයි කියල අද එයා ඔප්පු කරා""

"ඒ කියන්නෙ ඔබතුමා මේ කඩවසම් තරුණයව විවාහ කරගන්නවද?"

"දැනට නම් බෑ...මොකද නීතියෙන් අවසරයක් නෑ...ඒකට...ඒත් නීතියෙ. අවර ලැබුනොත් මුලින්ම විවාහ වෙන ස්මරිසි යුවල තමයි අපි දෙන්නා...ඔයාලා හැමෝටම ඒ පිලිබදව සාක්ශිකරුවන් වෙන්න මම එහ්ඩ්ඩ්ට ආරාධනා කරනවා...මම බලාපොරොත්තු වෙනවා ඒ දවස වැඩි ඈතක නෙමෙයි "

HatharawaramWhere stories live. Discover now