ep 79

638 108 8
                                    

Ep 79
සමනලී ඩස්පියයි ප්‍රන්ශෙ ගියා...අපි දෙන්න උන් ඇරලවන්න එයා පෝට් ගියා. ඒක දුක හිතෙන සමු ගැනීමක් ...නිතර වීඩියෝ කෝල් ගන්නවා තමයි අයේ ඉක්මනින්ම හමුවෙනවා තමයි ඒත් හදිස්සියකට ගිහින් මුන ගැහෙන්න විදියක් නෑ කියලා හිතෙනකොට හිතට අවුල්...

ස්මනලී එයා පෝට් එක ඇතුලෙදි දූට බායි කියුවම දුව හයියෙන් අඩන්න ගත්තනේ...එයා සමනලී එක්ක යාලුයිනෙ ගොඩක්...අපිත් ඉක්මනට අයිෆල් ටවවර් එක බලන්න යනවා කියලයි යනතම්

නලව ගත්තේ. පොඩි එකා හිතන්නේ මුලු ප්‍රන්ශෙටම තියෙන්නේ අයිෆල් කුලුන විතරයි කියලයි.
ඊට සති දෙකකට පස්සේ හින්නයි ස්ස්ච්නිත් ප්‍රන්ශෙටම ගියා.

සමනලී අලුතෙන් හදන පල්ලියක චිත්‍ර අදින තරගයක් ගැන හින්නට දන්වලා..ඒ පල්ලියේ අනුග්‍රාහකයෝ කැමතිවෙල හිමගේ චිත්‍ර වලට එයා ඒකෙ වැඩට ගියා.

එයා යන නිසාම සච්නි නන්ගිත් ලන්කාවට ඇනවුම් ගෙනපු ප්‍රන්ශ ක්ලයන්ට් කෙනෙක් එක්ක කතාකරගෙන එහේ ශොපින් අවුට්ලට් වගයක් අරින්න යනවා අලුත්ම බ්‍රෑන්ඩ් එකකින්.

ප්‍රන්ශෙ කියන්නේ ලන්කාව වගේ නෙමෙයි දක්ශයයන්ට සිහින හබා යන්නම හැදුනු රටක් නියම දක්ශ තාවෙයි කැපවීමයි තියෙනවනම් පොඩි සල්ලි ගානක් වියදන් කරලා උනත් පොඩි කාලෙකින් බිලියන ප්‍රතියෙක් වෙන්නම්පිලුවන් රටක්.

උනුත් ගිය එකෙන් මමයි සූකිරී මෙහේ තනි උනා වගේ ගතියක් දැනුනා.
සතියකට සැරයක් වත් කොහේ හරි ගෙදරකට සෙට් වෙලා කයියක් ගහන්න තිබුන චාන්ස් එකත් නැති උනා.

අපේ ජීවිත ආයෙමත් හැල්මෙ ගලන්න ගත්තා

විශේශ සිද්දියකට උනේ අපේ නන්ගිගෙ වැඩින් එක එතිබුනා. ඒකේ නගිගෙ පැත්තෙන් සක්ශියට අස්සන් කරේ සූකිරි. ඒක අපි දෙන්නට වටින දෙයක් මොකද නන්ගි බැදපු පවිල් වලිනුත් අපි දෙන්නා පිලිගැනීකට ලක්වෙනවා කියන එක ඒකෙන් අපිට තේරුනා.

ඇත්තටම සූකිරිට ඕනෙ උනේ නෑ මාව අපේ නෑයන්ගෙන් යාලුවන්ගෙන් ගමේ අයගෙන් කොන්වෙනවා දකින්න. ගමේ අලුත්ම පන්සලේ අලුත්ම දන්හල සූකිරි තනි වියදමෙන් හදපු නිසාත් සූකිරි බලවත් ඇමති කෙනෙක් නිසාත් හාමුදුරුවො සමරිසි ජාතක කියන එක නැවැත්තුවා. නැත්තම් පහුගිය කාලෙම බන පටන් ගන්නෙත් සමරිසි අය අපායෙ යන විදිය විස්තර කරමින් ඉවර වෙන්නෙත් ඒකෙන්.

HatharawaramWhere stories live. Discover now