ep 34

716 132 3
                                    

Ep 34
නයිට් කල්බ් එකකට ගිහින් කාලා නටලා එන එකෙයි
දානෙ ගෙදරකට ගොහින් බන අහලා දානෙ කාල් එන එකයි අහසට පොලොව වගේ වෙනසක් තියෙනවා
මගේ ජීවිතෙත් ඒවගේ
සූකිරි එක්ක ඉන්න ජීවිතේ ෆුල් හැපනින්න් කොයි වෙලෙත් පාටි කෑම සර්ප්‍රයිස් ෆන්
අයියා එක්ක ඉන්නජීවිතේ නිස්කලන්ක ලොකුවෙනසක් නැති එකාකරී
සූකිරි නිතරම මම බලන ෆිල්ම් මම ගහන ගේම මම අහන සින්දු වලට කැමතිඋනා ඒ නිසා අපිදෙනට නිතරම කතාකරන්න දේවල් තිබුනා
ඒත් මමයි ගිහාන් අයියයි අතරෙ ජෙනරේශන් ගැප් එකක් තිබුනා එයා කම්පුටර් ගේම වලට ඇක්ශන් ෆිල්ම් වලට හිපොප් සින්දුවලට ඒතරම් කැමති උනේ නෑ....එයා අහන කන්ට්‍රි මියුසික් මට මහ අදෝනාවල් වගේ..එයා බලන් සම්බාව්‍ය ෆිල්ම් බලන් ඉද්දි මට නින්ද යනවා
සූකිරි එක්ක ඉදපු කාලේ
ගිහාන් අයියා එක්ක එන්න කාලේ
සූකිරී මමයි අතර ගැප් එකක් තිබුනේ නැති තරම්
මට ඌ එක්ක ඕනෙ හුත්තක් කියලා හිනාවෙන්න පුලුවන්කම තිබුනා
ඒත් මම දැන් ගිහාන් අයියා එක්ක කතා කරන්නේ සිරිමත් මගෙ සකිගේ කුමාරෝදය පොතේ තිබුන වචන විතරයි
වැරදිලා හරි මගේ කටින් කුනු හරුපයක් ඩබල් මීනින් වචනයක් පිටෞනොත් ගිහාන් අයියා මම දිහා බලන්නේ බාලාන්ශෙ මිස් වැරද්දක් කරපු වෙලාවට පොඩි උන් දිහා බලනවා වගේ

සූකිරිටයි මටයි ඕනෙම කෑමක් ඕනෙම බීමක් ඔරොත්තු දෙනවා පිටි සීනි මිරිස් ලුනු අදාලම නෑ
ඌරන්ට මොන සෞඛ්‍යද
සයිවර් කඩේද පෙට්ටිකඩේද දිනපැනලද මොනවත් හිතනෙනේ නෑ ගත්තා...දෙන්න එක්ක රන්ඩුවෙවී තරගෙට ගිලගෙන ගිලගෙන ගියා
ගිහාන් අයියා ඕනෙම කෑමක් කන්නේ පස්මහ බැලුම් බලලා ලුනු සීනි නැති මැටිගොඩවල් ...කඩේකට ගියාම කෑමවලට කලින් කඩේ කුස්සියයි කෑම ගේන උනෙගේ අත්පයයි බලලා කන්නේ
පී එච් අයි මහත්තයත් ඔයතරම් චෙක් කරනේ නැතුව ඇති කඩේ

සූකිරි එක්ක කද්දි එයාට මම කවන එකයි මට එයා කවන එකයි එකපාර වෙනදෙයක්
"ඔයි...මෝඩයා....කාක් පැටියා වගේ උගුර පේනකන් කට ඇරන් මම කවන එකම ගිලිනේ ...කවපිය මටත් ලොකු කටක්...මම සාගතෙන් මැරෙයි යකෝ" සූකිරි එහෙම කියද්දි මම ඌට ගිලගන්න බැරි තටම් ලොකූ බත් ගුලියක් අන්නශ්‍රෝතයට යනකන්ම අත දාලා ගිල්ලවනවා

HatharawaramWhere stories live. Discover now