ep 93

622 94 0
                                    

Ep 93
අපි ආයෙ ගමේ ගියේ අපි දෙන්නටම හිතට වෙවේකයක් ඕනෙ උන නිසාවගේම
මට ලොකු උවමනාවක් තිබුනා
දුවට අබ ගහ පෙන්වන්නත්
අබගහට දුව පෙන්වන්නත්
මම් අබ ගහ ගැන කියපු කතන්දර අහලා දුවට ඒකෙ අට්ටලයක් හදන්න ඕනෙමලු
මටත් කාලෙකින් අබ ගහ දකින්නෙ නැතුව පොඩි දුකක් හිතේ තිබුනා
ඒවගේම මටයි සූකිරිටයි ඕනෙ අපි දෙන්නා ගිය හැම තැනකම දෝනිවත් එක්කගෙන යන්න

"තාත්ති එහා විශාලයි...මෙයා යෝධයෙක්ද?"
"ඔවු එයා ලෝකෙ ඉන්න ලොකුම අබගහ"
"මෙයා මාත් එක්ක යාලුවෙයිද"
"ඉන්න බලන්න මොකද කියන්නේ...මිස්ටර් අබේ ඔයා මගේ දුවට කැමතිද" මම අබ ගහට කන තියලා අහගෙන හිටියා
"ආ..හරි...මම කියන්නම්...තෑන්ක්ස් අබේ....ඔවු දුව එයා ඔයාට කැමතීලු ...ඒවගේම ඔයාට එයගෙ අතුවලට නගින්නත් අවසර දුන්නා "

"අනේ ඔයා නම් ශෝයි..අප්පච්චී තාත්තී වගේම මම ඔයාට ආදරෙයි"
අබගහේ තාම පරන අට්ටාලේ තියෙනවා
මම දුවත් කරේ තියන් ගහට නගිද්දී..සූකිරි පිටිපසේන් නැග්ගෙ දුවගෙ ආරක්ශාවට
"තත්තී...මේකෙ උස"
"දෝනිට බයයිද?"
"නෑ තාත්තී...අපි තව උඩට යන්....මේකනම් හෙවන් එක වගේ...මම යන්නෙත් අර ස්කූල් එකට ඒකත් ලස්ස්නයි"
"දෝනි තව උඩට යන්නෙ නැතුව ඉමු රත්තරන්...අච්චි දැක්කොත් අපි තුන්දෙනාටම බනී"
"තාත්ති ගිය උඩම තැන කොතනද"

"අර තියෙන්නේ ඒ දෙබල ලගටම ගිහින් තියෙනවා"

"ඕඕ ඒකනම් උසම උසයිනේ...ස්පයිඩර් මෑන්ටත් යන්න බෑ...තත්ති තරම් උඩට" දුවගෙ ලෝකෙ ඉන්න ලොකුම වීරයො දෙන්නා අපි දෙන්නා
"දැන් ඒ තරම් උඩට යන්න බෑ සුදූ,...ඉස්සර තාත්ති ගොඩක් කෙට්ටුයි රිලවෙක් වගේ...ඒනිසා ගහේ උඩටම යනවා...දෙන් අපි දෙන්නම ගොඩක් බර වැඩි වෙලා ඒ නිසා ඒතරම් උඩට යන්න බෑ...දෝනි තව ටිකක්න්ලොකු උනාම තනියෙම එතැනට යන්න...එතැනට නෙමෙයි එතැනෙන් තව උඩට යන්න"
"දැන් යන්නම්"
"තාම බෑ පැටික්කී ඔයාගෙ අතපය හයිය මදි...තව ටිකක් බයි කාලා ස්ට්‍රෝන්ග් ගර්ල් කෙනෙක් වෙන්න"
සූකිරි අට්ටාලෙ උත් උඩ තිබුන මහත දෙබලක දූව තියලා එයාට අපේ අතීතෙ ගැන කියලා දෙන අතරෙ....මම ඉදිච්ච අබ තියෙද බැලුවා ...ලාකහ පාට උන අබ ගෙඩි අතරේ
මගේ අබ ගහ අහරිම හොෆ්හයි...මම එන ගොඩක් දව්ස් වලට එයා මටම දෙන්න රස අබ හන්ගගෙන ඉන්නවා
""දෝනි දන්නවද අප්පච්චි...තාත්තිට මුලින්ම ආදරෙයි කියුවෙ මෙතැනදි ""
"ඒක මෙයත් අහගෙන ඉන්න ඇති" දුව ලැජ්ජාවෙන් වගේ සූකිර්ගෙ කනට කරලා කියනවා
"ඔවු එයා අහන් හිටියට කමක් නෑ...එයා කාටවත් කියන්නේ නෑනෙ...එයා අප්පචිගෙයි තාතිගෙයි හොදම යාලුවා"
"ඇයි දෝනිගේ"
"ඔවු ඔවු එයා කියනවා දැන් අපි දෙන්නා නෙමෙයිලු එයාගෙ හොදම යාලුවො එයාට වෙන කෙනෙක් ඉන්නවලු හොදම යාලුවෙක් "
"අයියෝ..ඇයි එයා එහෙම කරේ මගේ තත්තී අප්පච්චී තමයිනේ හොදම්...."
"නැ එයා කියන්නේ දැන් එයගෙ හොදම යාලුවා අපේ දෝනිලු"
"උම්ම්ම් උම්ම්මා....අනේ අපිට මෙයාව ගෙදර ගෙනියන්න පුලුවන් උනානම්"
"මෙයා දැන් වය්සයි වෙන කොහෙවත් යන්න බෑ...අපි සැරින් සැරේ ඇවිත් මෙයාව බලලා යමු"
"අම්මෝ අල්ප්පච්චිගෙයි දුවගෙයි කතාව...මාව මතක නෑ නෙ..."
"ඒවනම් හරිම රසයි මී පැනි වගේ...මෙයානම් හොදම හොද යාලුවෙක්"
දෝනි අබ කන ගමන් අබ ගහ එක්ක කතාකරනවා
මට ඕනි උනේ දුවත් අපි ඉස්කොලෙ ගිය කලෙ වගේම අපරිසරයට ආදරේකරනන පරිසරය ගැන සන්වේදී දරුවෙක් කර්න්න
හවස අපි අම්මා හදලා දීපු කෑමත් පිටේ එල්ලගෙන යන බෑග් එකක දාගෙන දෝනිව කොට්ටයක් බයිසිකල් පොල්ලේ බැදලා වාඩි කරගෙන කලපුවයි මුහුදයි බලන්න බයිසිකලෙන් ගියා
මේ පාර දිගේ මම දගකාර කොල්ලෙක් වගේ වෙට්ටු දදා බයිසිකලෙන් වැඩ දදා ගියා...ඒ දව්ස්ව්ල සහැල්ලු සතුටක් හිතේතිබුනා
ඊට පස්සේ සූකිරි එක්ක ජෝඩු දාලා පෙම්වතුන් වගේ මේ පාරවල් දිගේ ගියා ඒ දව්ස් වල ප්‍රේමයනෙ මත් උන අමුතු සතුටක් හිතේ තිබුනා
දැන් මම තත්ත කෙනෙක් වගේ දූව තියන මේ පාරදිගේ එනවා වගකීමයි දරු සෙනෙහෙයි හිතේ තියෙන නිසා මට ආයෙමත් මේ පාරා වෙනදටත් වැඩිය ලස්ස්නට පේනවා....බලාපොරොත්තු පිරිච්ච පාරක්
පවුලක් උනාම මූනු බුම්මගෙන ගේ ඇතුලටම රින්ගලා ටීවී ෆෝන් බල බලා ඉන්නනෙ නැතුව මේ වගේ පරිසරේ ඇවිදින්න ඕනි
එතකොට දෙන්නා දෙමහල්ලො දරු මල්ල අතරේ සෙනේවන්තකන් වැඩි වෙනවා
අපේ සීයා ඉස්සර මාව මුහුදුවෙරලට යනගම්න් කියපු දෙයක් මට මතක් උනා
"ඒයි කම්මැලියා..පුලුවන්නම් මායී චූටි මැනිකෙයි අල්ලනවා"
කාලෙකින් බහිසිකල් පැදපු නැති නිසා සූකිරි හෙමින් ගාටන හැටි දැකලා මම කෑ ගැහුවා
එයා අපේ පස්සෙන් වේගෙන් බයිසිකලේ පැදගෙන එනවා මයිකල් ශූමාකර් කාර් එක පදිනවා වගේ
"තාත්තී හයියෙන්...තව හයියෙන්...අප්පච්චි අපිව අල්ලයි යමූ වේගෙන් යමූ"
දෝනි මගෙ අතට ටටින් පිටිපස්ස බල බල කෑගහනවා
අපි හොදට හිනාවෙවී බයිසිකල් පැද්දා

HatharawaramWhere stories live. Discover now