ep 94

588 97 3
                                    

Ep 94
අපි ආයේ කොළබ ඇවිත් පරන විදියට වැඩ පටන්ගත්තා
දුව මොන්ටෙසෝරි යන එක අම්මා එක්කම කරගෙන ගියා
"අන්න උබලා දෙන්නට ලොකු මිස් එන්න කියුවා"
අපේ අම්මා දවසක් හවස අපි ඔක්කොම කෑම කනකොට කියුවා
"ඇයි ද දන්නේ නෑ නේ අම්මේ....අම්මට නොකිය අපිට එන්න කියුවේ"
"ඒක මම දන්නවැයි..ඒ ගෑනි හිතනව ඇති මම..එයා කියන දේවල් තේරුම්ගන්න බැරි තරම් මෝඩ ගෑනියෙක් කියලා"
පහුවෙනිදා මමයි සූකිරී මොන්ටෙසෝරියනවා
පලවෙනි වතාවට අපි දෙන්නා දූගේ පේරන්ට්ස් මීටින් එකකට යන්නේ
ඒ නිසාම දෙන්නම හොදට ඇදන් යන්න ලෑස්තිය
දෙන්නම එකම ජාතියෙ ස්ලිම් ෆිට් නිල් පාට ශර්ට් ඇදලා ..ඒකෙන් යික්ක ඇග පේනවා වැඩිද මන්දා ..මසල්ස් තද වෙලා පේන නිසා
සූකිරි මට රතුපාට ටයි එක දාලා මගේ කොලර් එක හැදුවා
මමත් එයාගෙ ටයි එක දාල පිටිපස්සෙන් එයාගෙ කොලර් එක හැදුවා

ඉස්කෝලෙට ගෙදරින් කවුරු හරි එක්කගෙන එන්න කියනකොට මට මතක් වෙන්නේ මගේ අතීතෙ
අපේ ඉස්කෝලෙන් අම්මා එක්ක එන්න කියන්නේ මම මොනවා හරි කේස් එකක් ෆයිල් කරග්ත්තොත් තමයි
එදාට කකුල් දෙක ගැහි ගැහි ගෙදර යන්නේ
අම්මේ අපේ මිස් ........කියන කොටම අම්මා දනවා මොනව හරි කුපාඩි වැඩක් කරලා තමයි එන්න කියන්නේ
ඒ වෙලාවෙ ඉදලා ස්ටාර්ට් කරන අම්මගේ බැනුම් මැශිම සිද්දිය සිද්ඩවෙලා මාස ගානක් යනකන්ම ඕෆ් කරන්න බැරි වෙනවා
"පොඩ්ඩි මොකක් හරි ජල්තරයක් දාගෙනද දන්නෙ නෑ." මම සූකිරිගෙ බෙල්ට් එකශර්ට් එකේ බොත්තන් කෙලින් හදන ගමන් ඇහුවා
"නෑ අපේ කෙල්ල එහෙම නරක ලමයෙක් නෙමෙයිනේ" එයා මගේ කිහිල්ල යටට පෙෆියුම් ටික්ල හගන ගමන් කියුවා

"මම් හැමතෙනම බැලුවා...ඔයා දාගෙන ඉන්නෙ මගේ සප්ත්තු දෙක ඔය කොනෙන් උල් වෙලා තිබුනේ මගේ දෙක"
"අවුලක් නෑ...ඔයා මගේ දෙකනේ දාගෙන ඉන්නේ"
"ගලවනවා ඕක ...මට මේකෙ ඇගිලි හිරයි වගේ"
"ඕනෙ නෑ ඔහොම යන් ඔයාට ඔයදෙක හොදයි"
"එපා වෙනවා ...මට මගේ කිසිම දෙයක් තියාගන්න බෑනේ."
"" ඒකනේ ආදරේ කියන්නේ.""
"ආදරේ නෙමෙයි කෑදරේ...තමුසෙනම් මට එපාවෙනවා....ඒත් කරන්න දේකුත් නෑනේ" ..මම එයාගෙ කොන්ඩේ ජෙල් ටිකක් ගාලා උඩ අතට උස්සලා හදන ගමන් කියුවා

HatharawaramWhere stories live. Discover now