ep 43

867 137 12
                                    

Ep 43
ඒකන්ද දිහා බලාගෙන ඉද්දි හිතේ සතුට උතුරලා ගිහිපු පුන්චි කාලේ මතක් උනා
ඉස්කෝලෙන් ට්‍රිප් එක ඇවිත් මමයි සූකිරී තොටිලි එල්ලපු කෝනේශ්වර්ම් කෝවිල
ත්‍රිකුණාමලේ ටවුන් එකේ මුහුදෙ නාන තැන මම හිටියේ
සූකිරි මැරුණගමන් උගේ මිනිස්සු ආවා
මට එතකොටයි දැනුනේ මම හිටියෙ බයානක පාතාල සමාජිකයො රැලක් මැද්දේ
මාව ආරක්ශාකරන්න හිටපු එකත් මැරිලා
එතැන නායකයා වගේ හිටපු එකා රොශාන්
අපි මීට කලින් කතා කරලා තිබුනා ඉස්සර...මම වස බීපු දවස් වල
"සර් දැන් ඔබතුමා මෙතැන ඉන්න එක හරි නෑ....අපිට අපේ බොස්ගෙන් ඉන්ස්ට්‍රක්ශන් ලැබුනේ...බොස් නැතිඋනගමන් සර්ව පරිස්සමෙන් සර් කියන තැනකට එක්ක යන්න කියලා....බොස් ගෙ ප්‍රොපටීස් ගැන හැමදේම පිලිවෙලක් උන ගමන් මම සර්ට දන්වන්නම්....එතකන් සර්ට ඕනෙනම් ටුවෙන්ටි මිලියන් (කෝටි 2ක්) විතර කෑශ් දෙන්නම් සර්ගෙ මේ දවස් වල වියදමට"
"නෑ මට සල්ලි කිසි දෙයක් එපා මාව ලගම තියෙන ටවුන් එකෙන් දාන්න ඒ ඇති"
"ලගම තියෙන්නේ ත්‍රිකුණාම්ළ ටවුන් එක...එතැන ඉදන් සර් හොකොමද යන්නේ....වෙහිකල් එකක් දෙන්නද....කෝක වෙතත් මේ ක්‍රෙඩිට් කාඩ් එක තියාගන්න...සර්ට ඕනෙනම් මම අපේ උන් සෙට් එකක එවන්නම් සර්ගෙ ආරක්ශාවට"
"තෑන්ක්ස් ...එත් මට කිසි දෙයක් එපා...මට තනියෙම ඉන්න ඕනෙ...මාව කෝනේශ්වරම් යන පාර ලග බීච් එකෙන් දාන්න"
"සර් අපිටත් මාර දුකක් තියෙන්නේ බොස් නැතිඋන එක ගැන....ඒත් දුක් වෙවී ඉන්න බෑ බොස් කියපු වැඩ ගොඩක් තියෙනවා කරන්න...ඒක විතරයි මට බොස් වෙනුවෙන් මට දැන් කරන්න පුලුවන්...මම ඒවා කොහොම හරි කර්නවා....බොස් තියපු විශ්වාසෙ එයා හිටියත් නැතත් මම ඒ විදියටම රකිනවා...ප්ලීස් සර් අනික් දේවල් එපා උනත් මේ ක්‍රෙඩිට් කාඩ් එක විතරක්වත් ගන්න...සර් නිකම්ම් හිස් අතින් යැවුවා කියුවොත් අපේ බොස්ට ගොඩක් දුක හිතෙයි...බොස් ලගින්ම මම ආශ්‍රය කරලා තියෙනවා....බිවුව වෙලාවට...දුරගමන් යද්දි බොස්ට හිතේ තියෙන ඒවා කියවෙනවා...ඒ හැම වෙලේම සර් ගැනමයි කියෙවුවේ...අපේ බොස් සර්ට මාර ආදරයක් තිබුනේ....සර් දනේ නැති උනාට සර්ගෙ කැම්පස් එක ලගට සර්ගෙ බෝඩිම ලගට අපේ උන් දාලා තිබුනේ...සර් හොදිනද ඉන්නේ කියලා බලන්න...සර්ගෙ සෝශල් මීඩියාවල තිබුන ඔක්කොම ෆොටෝ අපේ බොස් එකතු කරලා තිබුනේ...සර් බලන්න බෝඩිම ලගටම ඇවිලත් අපි දවස් ගානක් හරවගෙන ගියා...බොස් හිතුව නිතර සර්ව මුන ගැහෙන එක සර්ට කරදරයක් කියලා ""

HatharawaramWhere stories live. Discover now