ep 114

522 94 3
                                    

Ep 114
""කගෙද ඕයි අර වාහනයක් අපේ ගෙදර ඉස්සරහා නවත්වලා තියෙන්නේ....නිවාඩු දවසටවත් නිදහසේ ඉන්න නෑනේ ""
"දන්නෙ නෑ ...මම නම් කාටවත් එන්න කියුවෙ නෑ....ඔයා මට බනින්නේ මාව මීට් වෙන්න කවුරු හරි ඇවිත් වගේ නේ"
මමයි සූකිරිරී දෙන්නා පන්සලේ ඉදලා එද්දි අපේ ගෙදර ඉස්සරහා බෙන්ස් කාර් එකක් නවත්තලා තිබුනා
""ඕඔ...මේ එන්නේ ප්‍රේම කුරුල්ලෝ දෙන්නා...අපි මේතරම් දුරක් උබලා බලන්න ආවා උබලා රෝන්දෙ ගහනවා""
"ඕයි එනවනම් කියලා එන්න එපැයි....එයා පෝට් එකට එනවනේ එක්ක යන්න"
"මේ දෙන්නා...හරිම බිසී නේ ...අපි පික් කරන්න වෙලාවක් කොහෙන්ද?..ඒ නිසා අපි කාර් එකක් රෙන්ට් කරගෙන ආවා"

හින්නා එලියට ආවේ වදුරු පැටියෙක් වගේ පොඩි එකෙක් ඇගේ එල්ලගෙන
අවුරුදු 4ක් 5ක් විතර වෙන වයසෙ පොඩි එකා කලුයි...කලු කියුවට දුබුරුයි
දැක්කම ආදරයක් හිතෙන්නෙ නැති හෙනම ඇට්ටර පාටයි
අපි නිකන් ලොකු වැරහ්දක කරලා වගේ බුකව ගෙන ඉන්නවා
කිසිම ආදරයක් හිතෙන්නෙ නැති මැරාටි කොල්ලෙක්
"මැඩොක්....මේ විනෝද් අනකල්....කෝ හායි කියන්න"
"හලෝ....මෙයාද මැඩොක්....චන්ඩියා ....අපි වීඩියෝ කෝල් එකක් ගන්න වෙලාවට මෙයාද මේ යද එන්න බෑ කියනේ"
සූකිරි හින්නගෙ අතේ ඉන්න පොඩි එකාගෙ ඔලුව අතගෑවත් මම හියියෙ ගල් වෙලා
මොනව හරි දෙයක් වැරදිලා තියෙනවා
මට හින්නගේ මූන බලන්නත් ලැජ්ජයි වගේ ගතියක් දැනුනා
"ඉතින් ...කෝ තේ එකක් වත් බිවුවද....වරෙන්කො ඉතින් ඇතුලට"
මම රොබෝ කෙනෙක් වගේ කියාගෙන යද්දි

අම්මා අච්නි එක්ක කතා කර කර ඉන්නවා අච්නිගෙ අතේ  අවුරුද්දක විතර පොඩි බබෙක් ....ඒ මදිවට තවත් බැලුමක් පුම්බලා....මේක වදන මැශිමක් වගේ..එකක් බලා අවුරුද්දක් යන්න කලින් තව එකක් බාන්නයි ලෑස්තිය.....මාස හතක අටක බඩත් එක්ක අචිනි සුදු ජම්බෝල ගෙඩියක් වගේ

"ඕඔ...දෙයියනේ මෙයා ගොඩක් ලොකුයිනේ...මට මතක අද ඊයෙ හම්බුනා වගේ"
"අයියට මෙයාගෙ වයස මතක හියින්නේ මොකොමද දැන් අවුරුද්දකින් විතර මාත් එක්ක කතා කරෙත් නෑනෙ ..හින්නා අයියා එක්ක විතරක් පොඩ්ඩක් කතකරලා තියනවනේ"
"අනේ නෑ නන්ගි...මේ ..අගමැති විකාරයක් ඔලුවෙ දාගෙන හිටියනේ....කතාකරන්නවත් වෙලාවක් තිබුනෙ නෑ නෙ හරියට...කෝ බලන්න දු පොඩිත්ත...."

HatharawaramWhere stories live. Discover now