ep 121

511 94 1
                                    

Ep 121
"හොද ළමයි ඉන්නවදෝ"
"ඉන්නෝ"
"ආඅ...එහෙනම් එන්ඩෝ....හොද ළමයි විතරක් එන්ඩෝ"
"ඒයි පිවිතුරු ඔයා හැන්ගිලා ඉන්නේ ඇයි ...සූකිරි මාමා කතා කලානේ හොද ළමයිට...ඔයා මෙතැන හිටියොත් හිතයි නරක ළමයෙක් කියලා ...දුවලා යන්න"
සූකිරි එයාගෙ වැඩ ඉවරවෙලා එද්දි මොනවා හරි අරගෙන එනවා ...කෑගහගෙන
එයා මොනවද ගෙනාවෙ කියලා බලන්න මමත් හැමදාම පොඩි එකෙක් වගේ දුවලා යනවා
එයා ගෙනාපු දෙයක් දූට දීලා මට කිස් එකක් දෙනවා
මම කොහොමත් යන්නේ ඒක බලාගෙන
මමත් එහෙමයි කෑ ගහගෙන ගෙට එන්නේ
ඒවෙලාවට සූක්ක්‍රි ඇවිත් මාව බදාගත්තෙ නැතොත් මට ෆ්හුක හිතෙනවා
එයා. ආව ගන්න ගත්තෙ නෑ කියලා හිතෙනවා
ඒ නිසා මගේ වාහනේ සද්දෙ ඇහෙද්දි එයා ගේ ඇතුලෙ මොන වැඩෙර් කර කර හිටියත් ඉස්සරහට දුවලා එනවා
සූකිරි අද ලොකූ ෆෙරොරෙචර් පෙට්ටි දෙකක් ගෙනල්ලා
එකක රත්තරන් පාට චොකලට් බෝල 100ක් විතර තියෙනවා
සූකිරි එකක් දෝනිට දීලා අනෙක පිවිතුරුට දුන්න
කොල්ලා පට්ට හැපි එකේ චොකලට් පෙට්ටිය අරන් බදාගත්තා
ටික වෙලාවක් කල්පනා කර කර ඉදලා පැනලා දිවුවා
"මහ නරකයි....ඒකට තෑන්ක්ස් කරෙත් නෑ...මේ කොල්ලා මැනස් කියලා නාමයක්වත් දන්නේ නෑ වගේ"
මම පිවිතුරුගෙ හැසිරීම විවේචනය කලා
"කොහෙට හරි ගිහින් ඇරලා බලනවා ඇති අනේ පොඩි දරුවෙක්නේ"
"එහෙම කියන්න එපා...බලන්නකෝ අපේ දෝනි...තියෙන ඔක්කොම චොකලට් ගෙදර ඉන්න ගානට බෙදලා හැමෝටම සමානව බෙදලයි එයා ක නේ ...මම දැක්කා ආයගෙ කොටස කුස්සියට ගිහින් දීලා ආවා...තිලෝකටත් දුන්නා...පස්සෙ එයා දෙකක් විතරක් කාලා එයාගෙ කොටසින් ඉතිරු උන ටිඅක ෆ්‍රිජ් එකට දැම්මා පස්සෙ කන්න "

"දෝනි එහෙම කරන්නේ ඔයාවගේ සැර තාත්තියෙක් ලග ඉදගෙන අරක කරන්න මේක කරන්න එපා කිය කිය පොෆි කාලෙ ඉදලාම කෑගහනවනේ....ඒ දරුවට එහෙම කියලා දෙන්න කවුරුත් නැති නිසා ඒකා ඔය විදියට හැදිලා ඇති"
"උන්ගෙ තාත්තා ට හදන්න බැරිනම් අපිවත් හදන්න...දෙයක් දුන්නම තෑන්ක්ස් කරන්න උගන්වන්න ඕනි...දීපු එක ආයෙ අරන් තෑන්ක්ස් කියුවොත් විතරයි දෙන්නේ කියමු"
"එපා හලෝ පොඩි එකාව බය කරන්න ඌ කොහොමත් බයෙන් ඉන්නෙර්...ඔයින් පස්සේ ඌ ඔයා දැක්කත් දුවයි"
"දෝනී මල්ලිව ඉන්නෙ කොහෙද බලන්න...ගේ පිටිපසේ...සූකිරි එන්න හොයන්න.... මූ මොන අස්සක රින්ගිවද දන්නෙ ර්නෑ "
අපි කෑගහ ගහ වත්ත වටේ බැලුවා
යටට ඇදපු ගල් ශෝට විතරයි ඇගේ
"තාත්තී මෙහෙට එන්ඩෝ
මෙන්න මල්ලිය ඉන්නෝ ""
දුව කෑගහපු නිසා අපි ගේ පිටිපස්සට ගියා
අපේ කුස්සියෙ පිටිපස්සේ මිටි බිත්ති තියෙන පොඩි කාමරයක් තියෙනවා
ඒක ස්ලැබ් එක වහලේ කොනකට කවර් වෙලා ගුහාවක් වගේ හදලා
පිවුතුරු රිලා පැටියෙක් වගේ ගුහාව අස්සට වෙලා චොකලට් බෝල කාගෙන කාගෙන යනවා
වහලෙ ඉදන් රත්තරන් පාට කොල බිම හැමතැනම වැටිලා
"පේනවනේ හැටි මූ නම් මොනිස් පැටියෙක් නෙමෙයි රිලා පැටියෙක් " මම ඒක දැකලා හොදටම තරහ ගියා
සූකිරි එයා ඇදගෙන හිටපු සුදු සරමයි ශර්ට් එකයි ගලවලා මගේ අතට දීලා අඩියෙන් දෙකෙන් වහල උඩට නැග්ගා ජනේලේ දිගේ
පොඩි එකා ගුහාවෙන් එලියට ඇවිත් වහල දිගේ දු අන්න යද්දී සූකිරි එයාගෙ දිග ශක්තිමත් අතින්
පිවිතුරුව අල්ලා ගත්තා ...පා වෙලා යන බර නැති වරා මලක් වගේ
සූකිරි වහලේ ඉදලා කෙලින්ම බිමට පැන්නේ කොල්ලකිහිල්ලෙ ගහගෙන
පොඩි එකාගෙ අතේ තිබුන පෙට්ටියෙන් ඉතුරු ච්කලට් බෝල හැම තැනම විසි උනා
කොල්ලා කෑගහලා අඩන්න බැරි තරමට බය වෙලා
"දන්නේ නැද්ද මොනව හරි ...කවුරු හරි දුන්නොත් තෑන්ක්ස් කියන්න...මොකද මෙහෙම පෙරේත වැඩ කරන්නේ " මම සැරට ඇහුවා
"අනේ මාමේ ගහන්න එපා...අපිට මේවගේ රස චොකලට් ලැබෙන්නෙ කලාතුරකින්...අවුරුද්දට නත්තලට චොකලට් බෙදනවා ගල් කොරියෙ මහත්තයා...ඒත් ඒවා දීපු ගමන් ගල්කොරියෙ අයියාලා අපිට ගහලා අපේ චොකලට් උදුරගන්නවා....ඒ අය එක්ක අම්මාට රන්ඩු වෙන්න බෑ ...ඒ නිසා මම දුවලා ගිහින් කවුරුත් නැති තැනක හැන්ගිලා කනවා
ඒක ඇහුව ගමන් මෙච්චර වෙලා බුබුලු දදා තිබන
තර්හා අනුකම්පාවෙන් පිරුනා
පොඩි උන්ගේ හැසිරීම උන් ජීවත්වෙන සමාජෙ හැදියාව පෙනවන කැඩපතක්
පොඩි එකෙක් ගෙන් මීට වඩා හොද දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ
එයාට නරක විදියට සලකලා තියෙන තරමට
ඩ්ගිගින් දිගටම කුරිරු විදියට සැලකුවාහම මේ අහින්සකයා
කවද හරි දවසක මිනිස්සු දාස් ගනනක් මරන
සොත්ති උපාලි කෙනෙක් වම්බොට්ටෙක්...මාකදුරෙ මදූශ් කෙනෙක්
නිර්මානය වේවි
"චන්ඩියා...මෙහේ කවිරුත්ම එන්නෙනෑ හරිද ඔයාගෙ දේවල් හොරකන් කරගෙන යන්න....මේ අක්කි එයාගෙ ඕනම දෙයක් දෙනවා ඔයාට සෙල්ලම් කරන්න...ඒනිසා කිසිම දෙයක් හොරා කන්න ඕනෙ නෑ..හොදට් වාඩිවෙලා කන්න"
සූකිරි කිහිල්ලෙ ගහගෙන හිටපු කොල්ලගෙ ඔලුව අතගානගමන් කියනවා
සූකිරිගෙ සරමෙ කොටසකින් මම පොඩිඑකා මඩ නාලා වගේ කට පුරා තවරගෙන හිගපු චොකලට් තලි පිදුවා
පොඩි එකා එයාගෙ අතීතෙ උන භය හිතෙන දේවල් නිසා
බයාදුවෙලා බයගුලි වෙලා ඉන්නවා
"ආඅ මල්ලි මෙන්න වැටුන චොකල්ට් බෝල්ස් ඔක්කොම මම ඇහිලුවා...ඔයා කලින් කියුවනම් චොකලට් ඔක්කොම ඔයාට දෙනවා...මට ගෙට ගියාම මගේ ඉතුරු කොටස දෙන්නම් ඒක ෆ්‍රිජ් එකේ "
අපේ දෝනිත් මල්ලිව නලව ගන්න ආදරෙන් කියුවා
"එන්නකෝ පුන්චි සුරන්ගනාවි...වාඩි වෙන්න මේ බකුව උඩින්...ම්ම්ම් මල්ලිට පේන්න හොද වැදගත් නෝනා කෙනෙක් වගේ චොකලට් කන්න...අන්න හරි...කෝ දෙන් මේ පුන්ච් මහත්තයත් අක්කි වගේම ලස්ස්නට කන්න...හෝවු හෝවු බබබෝ හදිස්සි නැ...හෙමින් හෙමෙඉන් ගලවන්න ඔය රත්තරන් කොලේ ගැල වෙන්නෙනැතිවෙන්න...හරිහට හරි...වෙරි ගුඩ්...එක්සලන්ට් කොල්ලා"
සූකිරි මහත්තයෙක් වගේ චොකලට කන හැටි පිවිතුරුට කියලා දෙනවා
කොල්ලගෙත් බය ටිකක් අඩුවෙලා දුව පෙන්නපු විදියට් කෑවා
"කෝ එන්ඩෝ දෙන්නම මම දෙපැත්තට වඩාගන්නම්...මගේ කෙල්ල මේ පෙත්තට පනින්න...ආ..කෝ කොල්ලා මේ පැත්තට...හරි...දැන් අපි තුන්දෙනාම වොශ් දානව....තාත්තියෝ අපිට ටවල් තුනක් ගෙන්ඩෝ"
ලමයි දෙන්නවා ඉනේ දෙපැත්තෙන් එල්ලගෙන සූකිරි ගේ ඇතුලට යද්දී
මමත් එයාගෙ ගලවපු සරම අරගෙන එයා පස්සෙන් වැටූනා
තිලෝකාගෙ කාමරේ ලොකු කර්ටන් අතරින් රූපයක් එහේ මෙහේ වෙනවා පෙනුනා
එයා අපි දිහා බලන් හිටියද මට නිකමට හිතුනා

HatharawaramWhere stories live. Discover now