ep 111

762 103 22
                                    

EP 111
මට ආයෙමත් සූකිරි ගැන දුක හිතෙන මතක හිතට ගලාගෙන එනවා
ප්‍රියන්ජල් හයහමාරට් විතර ෆූඩ් ෆියැන්සා එකට ගිහින් ෆොටෝ දාලා තිබුනා උගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ
සූකිරි එක්ක ගහපු සෙල්ෆ් දෙක තුනක් කපල් එක වගේ ගහලා
සූකිරිත් හොද සතුටෙන් හිනාවෙලා ඉන්නවා
මාරම දුකයි මටනම්
ඌ මහම මහ බල්ලෙක්

මම දුවට පොඩි කෝල් එකක් අරගෙන අද මොකද කරේ කෑවද බිවුවද ඉස්කෝලෙ වැඩ මොනවද දුන්නේ වගේ දෙවල් ටික්ක කතාකරා මොකද එයා බය වෙලා නොකා නොබී හිටියොත් ඉක්මනට ලෙඩ වෙනව
දූට ගොඩක් කල් මම නැතුව හිටියම සාන්කාව වගේ හැදෙනවා
අම්මට්ත් කතකරේ සුකිරි කොනව හරි කියලා ඒ මනුස්සයා කලබල කර්ල ඇති කියලා හිතාගෙන
ඒත් සූකිරි අම්මට කතා කර්ලත් නෑ
සාමාන්‍යන් සූකිරි දව්සකට දෙකකට සැරයක් අපේ අම්මාට කතකරනවා
දැන්. ඌට මම විතරක් නෙමෙයි අපේ අම්මත් එපාවෙලා
ඔක්කොම ප්‍රියන්ජ්ල් කරන විදියටනේ වැඩ
මම හිතේ දුකට නොකාම ඇදට වෙලා කලුවරේම අතීතෙ මතක් කර කර ඉදලා නිදාගත්තා
එක විදියකට බැලුවම මට මේ ගැන ඉස්සරවගේ දුක් වෙන්න දෙයක් නෑ
සූකිරි මැරිලත් නෑ
මගේ වරදක් නිසා එයාට මාව දාලා යන්න්න වෙලත් නෑ
මේක එයගෙ බල කෑදරකමයි කොලු කෑදර මයි හින්දා එයාම අපේ පවුලට අටවපු බෝම්බයක්
එයානම් ප්‍රියන්ජල් එක්ක එයාගෙ හෙට දවසගෙනියයි
ඒත් මට දූව අනාතවෙන්න දෙන්න බෑ
මම දෝනි වෙනුවෙන් අපේ අනගතේ ප්ලෑන් කරන්න ඕනෙ
මම් ලෝය කෙනෙක් මීට් වෙලා ඩිස්කස් කරලා එයාට ඩිවෝස් පේරර් යවනවා
ඒක මට කෙලින් කියන්න බෑ...ඊ මේල එකක් යවලා ලෝයර්ට කියනවා කතාකරගන්න කියලා
ඒකත් මහ විකාරයක්...මුලින්ම බැදපු සමරිසි ජෝඩුවත් අපි මුලින්ම දික්කසාද උන සමරිසි ජෝඩුවත් අපි
එයා කැමතිවෙයි ඒකට එතකොට ප්‍රශනයක් නැතුවම ප්‍රියන්ජල්ව බැදගන්න ඔඋලුවන් එයාට
එයාගෙ අලුත් ජීවිතේට මමවත් දූවත් එයාට ඇනයක් වෙන්නේ නෑ
ඩිවෝස් වෙලා මට මෙහේ ඉදන් පත්තර වලින් ගහන මඩ බල බලා ඉන්න බෑ
නික මට ප්‍රියන්හ්ජල්ව එල්ලගෙන සූකිරි තැන තැන යන හැටි හැමදාම ප්‍රවෘතිවල බලන්නත් බෑ
ඒනිසා මේවා ඔක්කොම දාලා මම දූවත් අරගෙන යනවා ප්‍රන්ශේ
හින්නටයි සමනලීටයි කතා කරන්න ඕනේ
මගේ මෙහේ තියන වත්කම් එකතු කරගෙන ප්‍රන්ශේ හොද බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න ඕනි
දූව ප්‍රන්ශෙ හොද ඉස්කෝලෙකට දාලා පස්සේ එහේ යුනිවසිටි එකට යවනවා
හොදට මහන්සි වෙලා වැඩ කරලා දුවට හොද අනාගතයක් හදලා දෙනවා
කොහොම උනත් මම බෝල්ට්ව හබවෙන්න යන්නෙ නම් නෑ
සූකිරි හිතයි මම එයාගෙන් වෙන් උනේ බෝල්ට් නිසා කියලා
අන්තිමට අපේ සමබදෙ කැඩුන එකේ සම්පූර්න වරද මගේ පිටදායි
සූකිරි මගේ ජීවිතෙන් යන්නේ මගේ ආදරේ කියන හැගීම සම්පූර්නයෙන්ම හූරගෙන
ආයෙමත් කාටවත් ආදරේ කරනෙත් නෑ..
රැවටෙන්නෙත් නෑ
මහවැස්සක්ම්පටන් අරන්
මුහුදේ ඉදලා එන හුලන් දඩස් දඩස් ගාලා මම හිටිය ලොජ් එකේ ජනෙල් වල වදිනවා
ඒ අතරේ හෙන ගහනවා අහස දෙබෑවෙන තරමටම
සීතලයි තනිකමයි මගෙ හිත පාරවයි
ඔය මොනවා කියුවත් මගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් ඉතුරුවෙලා තිබුනා
අන්තිම අන්තිම මොහොතවත් එයා මාව බලන්න එයි කියලා
ලොකු ලොකු සර්ප්‍රයිස් ඕනෙනෑ
නිකම්ම නිකන් බටර් කේක් එකක්වත් අරගෙන එයි කියලා
අඩුම් ගානේ එකම එක හැපඉ බත් ඩේ ස්ටිකර් එකක් වත් එවයි කියලා
එයට මම ඉන්න තැන හොයාගන්න බෑ කියන් එකන්ම් මම පිලිගන්නේ නෑ
මම මෙතැනට එන්නත් කලින් එයට ඔත්තුව ලැබිලා ඇති මම මෙතැනට එනව කියලා
බොරුවට මාව රවට්ටන්න හරි
හිතේ ලොකු ලෙන්ගතු කමක් නැතත් නිකන් වැඩිය අදුනනේ නැතියාලුවෙක් ට උනත් බත් ඩේ එක කියලා හැගීම් විරහිතව යවන ජාතියෙ මැසේජ් එකක් එයිද බලන් හිටියා
නෑ කිසිම දෙයක් නෑ
ෆෝන් එක දිහා බලන් කදුලු පුරවන් ඉදලාම ඇස් රිදෙනවා
රෑ නමයට විතර ෆෝන් එක ඔන්කරේ හිතල හිතලම පිස්සු වැටෙන්න යනවා වගේ දැනුන නිසා
සූකිරිගෙන් මිස් කෝල් බර ගානක්
ආආඅ...බොරු කාරයා...උබ වටේම ඇවිදලා ගෙදර ආවමා මතක් උනා නේ උපන්දිනේ කියලා
අරූ එක්ක සීෆූඩ් කලාඅ තව තව මගුල් නටලා අන්තිමට ගෙදර ඇවිත්
බොරුවට මට කතාකරලා ශේප් කරගන්න හදනවා
මට ඕනෙ නෑ ඔය විදියට රවට්ටන වැඩ
මම ඩෙටා ඕෆ් කරා එයා මැසේජ් එවනවා දැක්කම
ඒපාරයා එයා දිගටම රින්ග්ස් යවනවා
මල වදයක්
ෆෝන් ඕෆ් කරන්න හිතද්දී
අදුනනනෙ නැති නම්බරේ කින් කෝල් එකක් ආවා
මගේ අතින් ඒක වැරදිලා ඉස්සුනා
"හලෝ රත්තරන් හලෝ...කතාකරනකෝ...ෆෝන් එක තියන්න කලින් මේක අහන්න...ෆෝන් එකේ හරි කමක් නෑ ටීවී චැනල් එකක් බලන්න දැන්ම ප්ලීස් බලන්න...වෙනමුකුත්ම ඉ ල්ලාන්නේ නෑ මන්...හොද බබා වගේ ටීවී එක බලන්න"
සූකිරි ෆෝන් එක  තිබ්බා
ඕය තරම් කියපු එක ෆෝන් එකෙන්  ටීවී එක බලන එක හොදයි
බ්‍රේකින් නිවුස්
ඒක දැක්ක ගමන් මගේ කකුල් පන නැති උනා
බෝම්බයක් පුපුරලද
ටෙරරිස්ට් ඇටෑක් එකද්ද?
සූකිරිට හරි අපේ පවුලේ කාට හරි අනතුරක් වෙලදා
ලෝක බෝලේ කැරකිලා ට්‍රම්පට් ගහලා
තිරය මැද්දෙන් ප්‍රවෘති කියන හාදයා මතු උනා
අගමැතිතුමා විසින් සිදුකරන හදිසි නිවේදනය සමග දැන් අපි එකතුවෙමු
මොකා මොනවද මූට මේ මහ රෑ කියන්න තියෙන්නේ
ඉන්දියාව වත් අපිට විරුද්දව යුද්ද ප්‍රකාශ කරලද?
සූකිරි එයාගෙ ඔෆිස් එකේ හවස හරි රෑ හරි වීඩියෝ කරපු එකක් යනව
එයාගෙ පිටිපස්සෙන් ජාතික කොඩිඅයි ජාතික ලාන්චනෙයි පේන්න තියෙනවා

HatharawaramWhere stories live. Discover now