ep 10

1.2K 206 35
                                    

Episod 10
දුබුරු පාට මීමැස්ස්සෝ රැනක් එකපාරට වලාවක් වගේ පිහාබිනවා දැකලා තියේද
රිදී පාට හුරුල්ලෝ අයිනක් බෝලයක් වගේ රවුම් ගැහි ගැහී නිල්පාට මූදේ පීනන්වා දැකලා තියේද
අන්න ඒවගේ අපේ උනුත් මහ රෑනක් වගේ පාර පුරා වේගෙන් බයිසිකල් පැදන් ආවේ
වෙලාවකට පේලියට කරට අත් දාගෙන බයික් එක තනි අතින් බැලන්ස් කරන් එක පෙලට පදිනවා
තව වෙලාවක් ලගින් පදින එකාගෙ බයිකෙට වෙට්ටුවක් දාලා පස්සේ රෝදෙට පයින් ගහනවා
බයිසිමල් තුන හතරක් මැදින් සිග් සැග් හැඩේට වන්ගු දාගෙන යනවා
හූ කියනවා නලා පිබිනවා
ඔක්කොම එකතු වෙලා සින්දු කෑලිකියලා කෑගහනවා
වටේ පිටේ ඉන්න නිදන් ඉන්න බල්ලො බලලු ගෙවල් වල මිනිස්සු ඔක්කොම ඇහැ ඇරවගෙන සුනාමියක් වගේ බයිසිකල් රැල ඉස්සර්හට ඇදෙනවා
වටේ ම ඉන්න බල්ලෝ කලබල වෙලා සමූහ භක්ති ගීයක් වගේ එක හඩට උඩුබුරලනවා බුරනවා

අනික් උන් සතුටෙන් ඉන්න ඇත්තේ
ඒත් මමයි සූකිරී හිටියේ ඒ වගේ දහස් ගුනක සතුටින්
ආදරේ දැනෙන අලුත ඒක හරිම බලවත්
ගින්නක් වගේ ආත්මය අවදිකරනවා
සතුට උතුරනවා
ආදරේ හොදම හරිය ඒක කියන්නේ නැතුව අනික් කෙනාගෙන් හන්ගෙන ඉන්නකොට දැනෙන්නේ
අපි දෙන්න දෙන්නම දන්නවා අපි අපිට ආදරෙයි කියලා
ඒත් තාම අපි ඒක අපිට කියාගෙන නෑ
ඒ නිසා හිත ප්‍රමුදිතවෙලා
මම එයාට වඩා වෙනකෙනෙක්ට ආදරේකරනවා කියලා දැනිලා එයා වෙනස් වෙලාද මන්දා
මාත් එක්ක හිටපු අවුරුදු 5ට එයා කවදාවත්ම මෙහෙම දෙයක් කරල නෑ
ඒත් ඇයි අද එයා මම කියන දේ අහන්නේ නැත්තේ
අපිදෙන්නගේ තිබුනේ ආදරේට වඩා වැඩි සම්බන්දයක්
උබලා බැලුවා නේද් එකපාරට මම මොනවද කියවන විකාර කියලා
ඇත්තටම මම කත කරේ වෙන කවුරුත් ගැන නෙමයි මගේ පුටාර් එක ගැන්
මම ඒක් ආදරෙන් බලාගත්ත නිසා පහුගිය අවුරුදු 5ටම ගමනක් යද්දි පැච් එකක් වත් ගියේ නෑ
ඒත් අපි ආපහු එද්දි මුලින්ම ඩයිනමෝවයි බැටරියයි වැඩ නැතුව ගිය නිසා ලයිට් නැතුව ගියා
අනික් උන්ගේ බයික් වල එලියෙන් තමයි පාර බලාගෙන ආවේ
තවටිකක් දුර එද්දි චේන් එක පැන්නා මහ ජරාම විදියට. කට්ටයක් කඩලත් ගියා
අනිත් උන් ඔක්කොම බයිසිකල් රේස් එකේ සිහියෙන් හිටියේ
හැමෝම අපිව පහුකරන් ගියා
මමයි සූකිරියයි කලුවරේ කැඩුනු පුටාර් එකත් එක්ක තනි උනා
සූකිරි ෆෝන් එකේ ලයිට් එක ගහගෙන මම හදනකන් බලන් හිටියා
මම අඩු පෙට්ටියෙන් චේන් කට්ටයක් අරගෙන ඒක පුරුද්දලා ආයේ චේන් එක හදාගන්න ගේමක් දුන්නා
එතකොට එතැනට එනවා පෙනුනා හදුනන බයිසිකල් ලාම්පු එලියක්
"හින්නා...උබ කොහෙද මේ රෑ වෙලා යන්නේ"
"රෑ වෙලා තමයි යකෝ...උබලට ගානක් නැති උනාට හොදටම් රෑ වෙලා....අන්න උබලගෙ අම්මයි තාත්තයි අපේ ගෙදර දුවන් ආවා....උබ තාම ගෙදර ආවේ නෑ කියලා....යකෝ රෑ වෙනවනම් කියලා යන්න එපැයි....අපිත් බොරුවට බය වෙනවා....ඒ අස්සේ උබ ෆෝන් එක උස්සන්නෙත් නෑ"

HatharawaramWhere stories live. Discover now