ep 35

749 131 2
                                    

Ep 35
මේ කතාව හතරවරම් නේද?
කෝ එතකොට ඉතිරි තුන
විනෝද් උබ හෙන ගුණමකුවෙක්
නිකමටවත් බැලුවද අනික් උන් තුන්දෙනා
උන්නද මලාද කියලවත්
ගමෙන් ආවා ආවමයි නිකන් වත් ආයෙ ගියේ නෑ
උබ වෙනස් වෙලා
මම වෙලාවකට මම ගැනම එහෙම හිතෙනවා
ගෙදරයි මමයි යාකරන පෙකණිවැල
සතියෙකට සැරයක් දෙන කෝල් එක
නන්ගිට මාසෙකට සැරයක් යවන රුපියල් 5000
ඉදලා හිටලා මොනවා හරි ගොඩක් වැදගත් දෙයක් උනොත්
ෆොටෝ එකක් ගහලා නගිට වට්ස් ඇප් කරනවා
මම මැරිලා නෑ කියලා ඔප්පුකරලා පෙන්වන්න ගෙදර උන්ට
කෝල් එකේ ලොකු දේවල් කතාකරේ නෑ
මම හොදින් ඉන්නවා කියනවා
අරුන් තුන්දෙනා ගැන මුකුත් ආරන්චි තියෙනවද අහනවා
විශේශයක් නෑ
අම්මාගේ එකම උත්තරේ
හින්නගේ අම්මයි නන්ගී ගමන් ගියාලු
සමනලී ඩස්පියා ගැන කිසිම තොරතුරක් නෑ
උන් එකෙක්ගෙවත් ෆෝන් වැඩ නෑ
ෆේස් බුක් වලත් මුකුත්ම නෑ
නිකන්ම උන් තුන්දෙනාම අතුරුදහන් වෙලා ගිහින්
සූකිරි ගැනනම් නිවුස් නැති දවසක් නැති තරම්
පත්තර කාරයොත් හැම උත්සවේකදිම සූකිරී නිර්වාණිගේ ෆොටෝ දානවාමයි
අගමැති මාමාන්ඩියා සූකිරිට අලුත් අමාත්‍යන්ශ එල්ලනවා දවසින් දවස
සූකිරියා දවසින් දවස ලස්ස්නවෙන්නේ දකින දකින පාරට මගේ ඇහැට කදුලක් එකතුකරනවා
මම්ත් මගේ අලුත් ජීවිතේට හුරු වෙලා
ඉගනගන්නවා වැඩකරනවා...ගිහාන් අයියා එක්ක පතෝලවෙගේ මෙලෝ රහක් නැතුව එකට ඉන්නවා
රැග් එකෙන් බේරෙන්න ඕනි නිසාමම ලෙක්චර් ක්ලාස් එකෙන් පිටවෙද්දිම මමත් එලියට පැනලා එනවා
නිතරම සිකියුරිටලා ඉන්න ප්‍රදාන පාරවල් වල තෙල් බැමි මග ඇරලා ඉක්මනින් කැම්පස එකෙන් එලියට පනිනවා
සින්නෙක්ට අහිවෙනේ ගොඩක් වෙලාවට ලයිබ්‍රි යන්න උනොත් තමයි
ඒ නිසා මම නොගින්ම බැරි වෙලාවට ලයිබ්‍රි දුවන්නත් අනිත් හැම වෙලේම ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු හොයනත් පුරුදු උනා
එදා මගේකරුමෙටම දීපු එසයිග්මන්ට් එක කරන්න ලයිබ්‍රි එකේ තිබුන පොත් තුන හතරක් බලන්නම ඕනි උනා
අපේ උන් ගාල වගේ ලයිබ්‍රි එකට රින්ගන අස්සෙම මමත් ඇෆිය හයිලයිට් නොවෙන්න ලයිබ්‍රි එකට ගියේ
මම ඉස්සර ඉදලාම පොත් වලට ආස කෙනෙක් නෙමයි
රාක්ක වල ගොඩගහලා තියෙන පොත් කදු දැක්කාම මම ගල් ගැහිලා ගියා
හැමෝම එහේ මෙහේ දුව දුව තරගෙට පොත් එකතු කරනවා
පොතක කොපීස් ගනන අඩු නිසා මුලින්ම යන උන් ටික පොත් ගත්තාම අනික් උන්ට පොත් නැතුව යනවා
මම යනකොට කෙල්ලො පොත් අරන් ඒවා හන්ගලත් ඉවරයි
ඒ නිසා මම ඒවගේ වෙන ලේකකයො ලියපු පොත් තියෙද කියල බල බල බුක් රැක් එකෙන් රැක් එකට ගියා
එක රැක් එකක පොත් එකින් එක අයින් කර කර බලද්දි
රාක්කේ එහා පැත්තේ හෙන රාක්ශ හිනාවක් දාගෙන ඉන්නවා බෝල්ට් කාරයා
මම එක පාරට උගේ මූම දැකලා ශොක් උනා

HatharawaramWhere stories live. Discover now