ep 81

633 100 3
                                    

Ep 81
මගේ හිතට ගොඩක්ම ශොක් වෙන දේ උනේ සුකිරිට ලැබුන වීඩියෝවක
ම්ම සුන්බුන් හාරගෙන එද්දී දකපු ඇදුම් බගෙට ගැලවිලා තිබුන සුදු මහත ස්ත්‍රී කවන්දය
අපේ දුවට පියානෝ උගන්වපු හෙඩ් මැඩම්ගෙ බව දැනගත්තාම
"හප්පේ මගේ පුන්න සෝමයා නොහිටියනම් මම ත් මේ වගේම මැරිලා ඉදී "අපේ අම්මා විඩියෝව බලලා බය උනා

සූකිරි අම්මගෙනුත් දුවගෙනුත් කට උත්තර ගැනීම එයාගෙ බලය යොදවලා නැවැත්තුවා
අපි දෙන්නා වීඩියෝ කොල් එකකින් කට උත්තර දුන්නා
සූකිරි මීඩියාවලින් අපිත් එතැන හිටියා කියන එක වසන් කරා
මොකද ඒකෙන් අනවශ්‍ය ප්‍රචාරයක් ලැබිලා අපි යන හැම තැනම ඕක කතා කරනවා

අපි ට්‍රිප් එක ගියත් අම්මාව ගෙදර යවන්න උනා..සිද්ද උන දේ දැන ගත්ත ගමන් තාත්තයි නන්ගීදෙන්නා අමාගෙ ජීවිතේ මම නිසා අනතුරේ වැටෙනවා කියලා එක දිගට් බනින්න ගත්තා
අනෙක මායි සුකිරී සිද්ද උන භයානක දේ දුව ඉස්සරහා කතා කරනේ නැ කියලා තීරණය කරලා තිබුනත් අපේ අම්මා විනෝදාන්ශෙ වගේ ඒකම කියවන්න ගන්නවා
මටත් දැනුන විදියට මොකෙක් හරි දඩයක් කාරයෙක් මගේ පුන්චි පවුල පස්සේ පන්නනවා
එකා මොකාද කියන එක තේරුම් ගන්න සූකිරි මටයි දුවටයි නොපෙන්නෙන ගොඩක් වැඩ කරනවා මහන්සි වෙලා ...එත් මම් ඇහුවහම එහෙම දෙයක් නෑ..කලින් සුදු උන සිද්දි එකකට එකක් සම්බන්ද නැති කෝඉන්සිඩන්ස් කියලා අමතක කරන්න කියනවා
එයා කැමති නෑ මම්වත් දුවවත් බයවෙලා දුක් වෙලා ඉන්නවට
ඒ. වගේ අවධානමක් තියෙහ්ද්දි අම්මා අපිත් එක්ක තියාගන්න එක කොමටත් හොද නෑ
අම්මා යන්න අබේ කියලා දගලද්දි අපිට සිද්ද උනා එයාව බලෙන්ම ගෙදර යවන්න

අපේ දුව දිගටම අමුතු අත් දැකීම් වලට මුහුන දීපු නිසාද මන්දා දැන් මොනව උනත් එයා කලබල වෙන්නේ නෑ
අනෙක සූකිරි එයාට නිතර කියල දෙනවා කරදර මොනතරම් තිබුනත් ඒවා මැදින් එයාගෙ වැඩේ හරියට කරගෙන යන්න
සුකිරි කියන්නේ එයත් පොඩි කාලෙ මෙවගේ පරිසරයකමයි හැදුනේ
එයගෙ තාත්ත එයාට් මොනතරම් හතුරු කම් කරත් පොඩි කාලෙදි..වෙනස් වෙන අවදනම් සහිත පරිසරයක ස්තිරව ජීවත් වෙන්න ඉගැන්නුවලු...මම් මේවා මේ තරම් හිතට ගන්නේ මම ගොඩක් සැහැල්ලු නිස්කලන්ක පරිසරයක හැදුන නිසලු
ඒ වගේම සූකිරි කියනවා මට ව්ඩා හොදට දුව අමාරු තත්තව් වලට මුහුන දෙනවලු...පොඩි ,ලමයින්ට වැඩිහිටියන්ට වඩා හොදට අලුත් පරිසරයට හුරුවෙල ඔරොත්තු දීමේ හැකියාව ඇති කරගන්න පුලිවන්ලු
ඒකට ඉන්ග්‍රීසිහෙන් කියනේ ඇඩප්ටේශන් ඇන්ඩ් රෙසිලියන්ස් ෆො වල්නරබල් කන්ඩිශන් කියලලු
මොනව උනත් මට තියෙන්නේ මගේ අම්මගෙ ජාන ..ඒ නිසා මමත් එයා වගේ කලබල වෙනවා ඒක නවත්තගන්න බෑ

HatharawaramWhere stories live. Discover now