ep 33

779 127 3
                                    

Ep 33
යාන්තමට දලු දාලා මල් දාලා ලියලගෙන එන ලපටි පැලයක්
ආයෙ ආයේ අතු සිද දමා මල් පෙති කඩා යනවා වගේ
අමරුවෙන් අලු ගසා දාලා ඇදගෙන යන්න හදන ජීවිතේට
සැරින් සැරේ සූකිරි ඇවිත් බින්දුවටම ඇදදාලා යනවා
බෝඩිම්ට් යන් පාර කලුවරයි
බෝඩිම පේන මායිමේදි මම නතරවුනා
ගිහාන් අයියා හිටියොත් ම්ට තනියෙම මගේ දුක පිට කරන්නව්ත් විදියක් නෑ
මම පාලු බෝක්කුව උඩ වාඩිවෙලා
බෑග්ගෙකත් බදාගෙන උනදේවල් මතක් කර කර හිටියා
සූකිරි එක හෝල්ට් එකක බහින්න ඇති මම වෙන හෝල්ට් එකක බැස්සා
මම යන පාර අන්දකාරයි පාලුයි ඌ යන පාර අලෝකමත් කලබලකාරී
එක පාරක් බස් එකෙන් පැනලා ගිහිපු එකෙක් ආයෙමත් මගේ බස් එකට නග්ගගන්නේ නෑ නෑ නෑ මයි
ආයෙමත් මට කාත්කවුරුත් නැති
හැමෝටම එපා උන අසරනයෙක්
ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙනවා

මමකල්පනා කර කර ඉද්දි මෝටර් බයිසිකලයක් ඇවිත් නැවැත්තුවා බෝක්කුව උඩ
"ඒයි...මෙතන මොකද්ද කරනේ....මම කෝල් කීයක් ගත්තද?"
ගිහාන් අයියා මාව හොයන්න ඇවිත් වද්ද?
මම එයා දිහා බැලුවෙ නෑ කෙලින්
"මාර මිනිහෙක්නේ...මම හවස ඉදලා කෝල් කරනවා ..රෑට ඔයටත් එක්ක කෑම උයන්න ඕනෙද බලන්න...බැරිම තැන මම හෝටලේටත් කතා කලා...එතැනින් ආවා කියලත් ගොඩක් වෙලා නිසයි මේ බලන්න ආවේ"
"අයියේ මට තනියෙම ඉන්න ඕනි.....මට එපාවෙලා ඉන්නේ හැමදේම"
"ඇයි මොකද?....තනි උනා කියලා ප්‍රශන විසදෙන්නේ නෑ...හිතලා හිතලාම තවත් ප්‍රශන අවුල් වෙන එක විතරයි වෙන්නේ...හොදම වැඩේ හිතේ ප්‍රශ්න තියෙනවනම් හිතවත් කෙනෙක්ට කියලා ආතතිය අඩු කරගන්න එකයි"
"අනේ මන්දා අයියේ මගේ ප්‍රශන ඉවර වෙන ඒවා නෙමයි"
"නගිනවා නගිනවා...බයිසිකලේට...මදුරුවො කකා ඔතන හිටියාම තියෙන ප්‍රශ්න වලට තවත් ප්‍රශනයක් එකතුවෙයි ඩෙන්ගුත් හැදිලා...ම්ම්ම්ම්ම් කෝ යන්"
"එපා අයියේ ...මට ටික වෙලවක් ඕනි"
"ඇයි වෙලාවක් ඕනි...උබත් හිතනවද අර කිසි දෙයක් කරගන්න බැරි මෝඩ මිනිස්සු වගේ කාලය ප්‍රශ්න විසදයි කියලා...කාලය විසදන ප්‍රශ්නයක් නෑ බන්...අපීයි ප්‍රශ්න විසද ගන්න ඕනි...කාලයට පුලුවන් නිකම්ම ගෙවිලායන්න විතරයි"
"මම හෙට උදේ එන්නම්"
"මොකද්ද මල්ලී රැයක් නිදි වැරුවාම විසදෙන ප්‍රශ්නේ....ඇවිත් හොදට නිදා ගනින් මම නිදි පෙත්තක් දෙන්නම්...කාලා නිදා ගත්තාම ඕක හරි...අහලා නැද්ද ලස්ස්න වසිලිස්සා පොතේ හැම තැනම වීරයන්ට කියනවා...හොදට නිදියන්න රෑට නැති නුවණ උදේට පහල වෙනවා"

HatharawaramWhere stories live. Discover now