ep 99

578 95 3
                                    

Ep 99
"ඉන්දියාවෙ හිටිය මිනිහා කොහොමද ඕයි අපේ ගෙදර මිදුලෙන් මතු උනේ"

"මිදුලෙන් නෙමෙයි රූෆ් ටොප් එකෙන්"

"අඩේ...අපේ රූෆ් ටොප් එකට හෙලිකොප්ටර් එකක් බෑවද?....නැත්තන් ඔයා පැරශුට් එකකින් පැන්නද?"

"නෑ...මම පාරදිගේ ඇවිදගෙන ඇවිත් පිටිපස්සේ වතුර පයිප්ප දෙගේ වහලට නැග්ගේ"

"ඕයි මාර මිනිහෙක්නේ කීයටද ඔයා ආවේ"

"දැන් දව්ස් ඔඅහ හයක් වෙනවා."

"ඔයා ඉන්දියා ගිහිල්ලත් ඒ වගේ කාලයක්නෙ වෙන්නෙ...අනේ අයනව බොරු නොකිය"

"මම ඉන්දියාවෙ බිය දවසේ ඉදලා වහල උඩ ජීවත් උනේ....මගේ මහා භාරතය අපේ වහල උඩ"

"ඒතරන්කල් මොනවද හලෝ ඒකෙ උඩ කරේ...මීයො ඇල්ලුවද"

"මීයො නෙමෙයි කොටි වලස්සු ඇල්ලුවෙ"

"පිස්සු කියවබවා"

"පිස්සු නෙමෙයි....මම වහල උඩ ඉඩහ්න් ඔයා මරන්න එවන එවන එකාව මෙරුව"

"අහ්හා ඒක තමයි මට දැනුනා දිගටම වහල උඩ මොකෙක් හරි ඉන්න බව...මම කීප සැරයක් චෙක් කරා...පොලීසියෙනුත් ඇවිත් බැලුවා...අන්තිමේ මම හිතුවා අර නයා කාලා මැරුන මිනිහා වහලෙ උඩ හිටියා කියලා"

"ඔවූ ඌත් වහල උඩට ආවා මැරෙන්න කලින්"

"අනේ මන්දා දැන් බ්ලබකොට මම නොදැන මගේ වහල උඩ බස් එකක් පිරෙන්න සෙනග ඉදලානේ"

"ඔයා පොලීසිය එක්ක එද්දි මම හිටියේ...රූෆ් ටොප් එකේ තියෙන ඉස්ටෝරු කාමරේ යට තියෙන රහස් කාමරේ""

"අපේ වහලේ රහස් කාමරයක් තියෙනවද...මම පොඩි කාලේ ෆේමස් ෆයු කියවනකොට රහස් කාමර ගෙන කියවල තිබුනට කවදාවත් හිතුවෙ නෑ රහස් කාමරයක් තියෙන ගෙදරක ගීවත් වෙන්න ලෙබෙයි කියලා"
"අපෝ ඒක ඇතුලෙ ඉන්න මීයෝ අයින් කරලා ඒ කාමරේ ඒසී කරන්න ඕනි මෙලෝ යකෙක්ට ඉන්න බෑ දවල්ට කොන්ක්‍රීට් රත්වෙද්දී...පෝරනුව වගේ"

"ඉතින් එච්චර දුක් විද විද...මොකටද ඒක අස්සේ හිටියේ...මායි දූයි උබ නැතුව කොයිතරම් පාලුවෙන්ද හිටුයේ නිකමට හරි කියුවනම් අපි දෙන්නත් එනවා ඒ කාමරේට...යන්කෝ ඒක බලන්න"

HatharawaramWhere stories live. Discover now