ep 28

661 129 2
                                    

Ep 28
රටේ පාලකයා රටේ ජනතාවගේ කැමත්ත පිලිබිබුකරයි
මෝඩයෙක් රජ උනොත් ඒකට වගකියන්න ඕනි ජනතාව
බුද්දිමතෙක් පත් කරොත් ඒකෙ ක්‍රෙඩිට් එකත් ජනතාවට
බුද්දිමත් අවන්කයෙක් කියලා රැවටිලා කපටි හොරෙක් පත් කරොත් ඒකෙ අවමානයත් ජනතාවට
ඒත් ඔය කියන දේශපාලනේ මම වගේ ඡන්දෙ නොදාන එකෙක්ටවත් කැමති නැති උන් නියෝජනය නොවෙන එකයි ලොකුම වැරැද්ද

මම එක පිට එක තියාපු ශැම්පේන් වයින් බීර වීදුරු කුලුණු 3ක් උස්සගෙන යනගමන් දැක්කේ
කල්බ් එක මැද්දේ දාපු ලොකූ ටීවී එකේ නාකි අගමැතියා දිවුරුම් දෙනවා
උගේ පිටිපසෙන් ඌට පුක දීපු ආධාරකාරයො කැමරාවට මූන ඔබාගන්න හොදම තැනක් බල බල පොරකනවා
අග්මැතියත් කටේ කොනේ නොගෑවී බොරුවට දිවුරනවා
කිසිම වන්චාවක් නැතුව ඉදිරි අවුරුදු පහ රටට සේවය කරනවා කියලා

බොරු නොකිය පයන් නාකියා...අපි දන්නවාඋබලා ඔක්කොගෙම හැටි
ලන්කාවෙ කොයිතරම් කොල්ලෝ කෙල්ලෝ නිකන් ගෙවල් වලට වෙලා ඉන්නවද ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සේ රස්සවක් නැතුව
උන්ගේ ජීවිතේ හොදම කාලෙ නිකන් ගෙදෙට්ට වෙලා ටීවී එකක බල බල ෆෝන් එක්ක ඔබ ඔබ ගෙවිලා යනවා
සමහරු කරන්න දෙයක් නැති කමට බෝක්කුවක් උඩට වෙලා කුඩු ගහන්න හරි බොන්න හරි පුරුදුවෙනවා
ඒ වගේ උන් එකතු කරන් රටේ නිශ්පාදනයට යොදවගන්න තොපි එකෙක්ටවත් හරි හමන් සැලැස්මක් නෑ
බොරුවට මී පැනි වචන කියනවා
මට හිතුනා අතේ තියෙන වීදුරු එකෙන් එක අගැමැතියගේ මූණට ගහනවා කියලා හිතාගෙන ඩිජිටල් තිරේට ගහගෙන ගහගෙන යන්න

කැමරා කාරයා වටේට කැමරාව කරකවද්දි දැකපු දෙයින් තාපොඩ්ඩෙන් මගේ අතේ තිබුන වීදිරු කුලුනු බිම වැටිලා සී සී කඩ යනවා
මම යාන්තන් වීදුරු ටික ලග තිබුන මේසෙ උඩින් තියා ගත්තා
ආයෙ ඇස් ගෙඩි දෙක ලොකු කරලා බැලුවෙ ස්ක්‍රීන් එක දිහා
ඔවු ඒක හරි
ඒ ඌ තමයි
හරියටම හරි
අවුරුදු තුනකට කිට්ටුවෙන්න ඇගේම එල්ලිලා හිටපු එකා මට අදුන ගන්න බැරිද

එක එක පාට ටයිකෝට් පටලවාගෙන තඩි බඩගෙඩි ඉස්සරහට දාගෙන ඉන්න
පක්ශෙට සපෝට් කරපු උගත් බුද්දිමත්තු
අගමැතිගේ ඇගේ එල්ලිලා රටේ ජනතාවගේ ලේ බොන්න එන කිනිතුල්ලෝ
දොල පිදේනි විදියට රාජ්‍ය ආයතනවල සබාපත් අද්‍යක්ෂක් පට්ටන් අරගෙන ඒවයෙ සම්පත් මන්කොල්ලකන බුද්දිමත් වන්චාකාරයෝ
ඡ්න්දෙට නිකන් නිස්කාරනේ නාස්තිකරන්න සල්ලි පොම්ප කරපු පෝසත් බිස්නස් කාරයො
කටපුරා හිනාවීගෙන කොමිස් වලින් බාල බඩුවලින් සන්වර්ධනේ නාමෙන් දුප්පත්තුන්ගේ බදු සල්ලි ගසාකන රීසි මාන්සෙ හූරන් කන පිසාචයෝ
රොත්තක් මැද්දේ නලුවෙක් වගේ ලස්ස්න කොල්ලෙක්
ඌරො රැල අතරෙ ටීවී එකේ බලන ඕනෙ කෙනෙක්ට ඇහැයන ලස්ස්නම ලස්සන කොල්ලෙක්
අඩෝ ඒ සූකිරියා...මූ කැරියා
මොන රෙද්දක් කරනවද මේ නාකි හිවල්ලු මැද්දේ
ආඩම්බර මූනක්...ලවට හොරට හදාගත්ත හිනාව
අපේ ගමේ මඩේ එරීගෙන සන්ගීතෙ බලපු පොඩියට හිටපු කොල්ලද කියල පුදුම හිතෙනවා
කොන්ඩෙ උඩට උස්සලා පීරනවා වෙනුවට පැත්තට පීරපු නිසාද
ලාවට වවපු උඩු රැවුල නිසාද මන්දා අවුරුදු 25ක විතර මිනිහෙක්ගෙ පෙනුමක් තිබුනා

HatharawaramWhere stories live. Discover now