ep 101

567 101 1
                                    

Ep101
හොටු බේර බේර දිවුරුම් දෙන අගමැති කෙනෙක් දැකලා තියෙද?
මම් හිටියෙ ටිශූ පෙට්ටියක් තියාගෙන දිවුරුම් දෙන පුටුවට පිටිපස්සේ ජනාධිපති තුමාගෙ මූණ දිහා බලගෙන
පවතින ව්‍යව්ස්තාව කඩ නොකොට්..හචි හචිස් හචි
රාජ්‍ය බෙදීම සදහා කිසිම විටෙක අනුබල ...සූස්...සූ..෴ස්ස්ස්
මහජනතවගේ අභිවෘධිය උදෙසා කැප...හචිස් ....
දිවුරා පොරොන් කෑක්කැක්කෑ...
ඒක විකාරයක් කිසිම අගමැති කෙනෙක් නොකරපු විකාරයක්
එහෙම වෙන්න එපැයි වෙන කිසිම අපේකශජයෙක් තමන්ගෙ ප්‍රතිඵ්ල පාරෙ යන අච්චි කෙනෙක් ගෙන් අහගෙන නැතුව ඇති
ඡ්න්දෙ දිනුවට පස්සේ අඩනිරුවති අශ්වයෝ පදින්නෙත් නැතුව ඇති

සෙනග ගොඩේ ඉන්න එක මට එපාවෙන වැඩක් පාක්ශිකයෝ ආධාරකාරයෝ අනික් මැති ඇමතිවරු මැද්දේකැමරා කාච් මගෙයි දුවගෙයි මූනුවලම එල්ලෙනබව දන්න නිසාම දුවයි මමයි දෙන්නා බොරු හිනාවක් මූනේ පැලදගෙන හිටියා...මුලු පැය පුරාම ලස්ස්නට හිටියට වැඩක් නෑ නුහුරට් බලන එක තප්පරය තමයි හෙඩ් ලියුන්වල යන්නේ .....දුවට එයාගෙ පවුලෙන්ම එන ගුණයක්ද් කොහෙද අමුතුවෙන් කියල දෙන්න ඕනි නෑ කොහොමද හැසිරෙන්න ඕනි කියලා කැමරා ඉස්සරහා

ඒක අපේ ජීවිතේ උඩු යටිකුරු කරපු දවසක්
නිදහස අන්තිම බින්දුවටම සීමා වෙලා ගියා
වෙනද සූකිරි තිරය පිටුපස තියෙන වැඩක් කරාට නිතරම එයා සීරුවෙන් ඉන්න ඕනි උනේ නෑ
ඒත් දැන් ජාධි පති තුමා මොකද කරේ කියලා විනාඩි දෙක තුනකුයි
ඊට පස්සේ සූකි මොකද කලේ කියලා තව විනාඩි දෙක තුනකුයි පෙන්වනවා
ඉස්සෙල්ලා සූකිරි නිකන්ම නිකන් ඇමති කෙනෙක් විතරයි ඒ නිසා එයාට ඕනෙ වෙලාවට එයාගෙ ආරක්ශාව අත අරින්න පුලුවන් ...ඒ නිසා අපිට ඕනි වෙලාවට ආරක්ශකයො එක්ක යන්න පුලුවන් එපා වෙලාවට නැතුව යන්න පුලුවන් ඒත් දැන් එහෙම නෑ...සූකිරි ජාතික වස්තුව්ක් වෙලා...රටේ අගමැතිගේ ආරක්ශාව ත්‍රිවිද හමුදවේ අත් හල නොහැකි වගකීමක් ...ඒ නිසා දැන් අපිට ඕනෙ උනත් කිසිම වෙලාවක ආරක්ශාව නැතුව කොහෙවත් යන්න බෑ
ආධිපාද
ඒක ඇහෙන කොට මම නිකන් මධ්‍යතන යුගයේ මද්‍යධරනී රටකින් ආපු ඉඩම් හිමියෙක් වගේදැනෙනවා
ඒත් යන යන තැන මට ඒ වචනේ ඇහෙනවා
මොන බූරුවෙක් ඒක මුලින්ම පටන්ගත්තද මන්දා...දැන් හැම එකාම කියනව
හරියට කැම්පස් එකේ කාඩ් එක වගේ
අගමැති ආර්‍ය කියන වචනෙට ගැලපෙන පුරුශ ලින්ගික වචනයක් හොයාගන්න බැරි වෙලා
අගමැති ආධිපාද කියන වචනෙ දාලා
මීටකලින් කාන්තාවො දෙන්නෙක් ම මේ රටේ අගමැතිනියන් වෙලා හිටියත්
එයාලගෙ ස්වාමිපුරුශයන් එයාලා අගමැතිකම් දරන කාලවලදී මියගිහින් හිටපු නිසා
අගමැති ආර් යාව ගේ පිරිමි සතාට කියන නම රටේ වැඩිය පාවිච්චිවෙලා නෑ

HatharawaramWhere stories live. Discover now