ep 14

1K 161 19
                                    

Episod 14
උපන්දිනේ කියුවාම දැන්නම් උදේ ඉදලාම ෆේස් බුක් එකේ එකදිගට මැසේජ් පෝලිමක්
ඒත් ඒලෙවෙල් කරන කාලේ හරි හමන් ෆෝන් එකක් වත් නැති නිසා ගොඩක් සුබ පැතුම් නම් නෑ
උදේ පාන්දර දොලයි එකට කෝල් එක මම හිටියේ මර නින්දේ
"හ්ලෝ...."
"ම්ම්ම්...මොකෝ....මේ ...රෑ" මම තුන් කාලක් නිදි එක කාලක් ලාවට නැගිටලා
""කතා කරේ දැනගන්න ඔයා දැන් ඉපදිලාද? ....නැත්තම් පැසේජ් එක දිගේ ඇවිත් ලාවට ඔලුව දාලා එනවද නැද්ද කියලා කල්පනා කර කර ඉනවද?"
"මොනවද ඌරෝ උබකියන අසමජ්ජාති කතා"
"ආ බත්ඩේ එකට විශ් කරන්න කතා කරාම ඕමයි නේ අපිට කතා කරන්නේ...කමක් නෑ කමක් නෑ...අපි අඩු කුලේ පර හැත්තෙ නේ"
"ම්ම්. සොරී....තැන්ක්ස්.....සුභපැතුවට....ඉතින් මට මොනවද දෙන්නේ"
"දෙන දේවල් එහෙම කියන්න පුලුවන්ද....එන්නකෝ 9ට ඉස්කෝලෙට හෙට....."
"මට මුකුත් ඕනි නෑ....ඔයා ඉන්නවානේ ඒ ඇති.....මට දෙන තෑග්ග මගේ හැත්තෑවෙනි උපන්දිනේදිත් අපි දෙන්නා එකම ගෙදර එකම ඇදේ ඉදගෙන මට විශ්කරනවා කියලා පොරොන්දු වෙන්න"
"අපෝ...හැත්තෑවෙදි,,,,ඔයා හරි නාකී නේ...මම ආසනෑ නාකියෙක් එක්ක නිදියන්න"
"අනේ....බක්කි ගොනෝ...මම විතරද එතකොට නාකි වෙන්නේ...උබ ඉදී හැමදාම 18 කොල්ලවගේ බැබලි බැබලි බලපන්කෝ උබ මටත් කලින් නාකිපොලොස් කොට්ටරුවෙක් වෙලා ලබ්බත් බිම ගාව ගාව දෙකට නැමිලා යයි....කෝමත් මට තමයි ඒ කාලෙදි උබව වත්තන් කරගෙන යන්න වෙන්නේ"
"ඇත්තටම අපි දෙන්නා නාකිවෙනකන්ම එකට ඉන්නවද?"
"ඇයි ඔයා ආදරේ කරන්නේ මැරෙනකන් එකට ඉන්න බලාගෙන නෙවැයිද?"
"මම එච්චර දුර හිතුවේ නෑ...තව අඩසියවසකින් වෙන්න තියෙන ඒවා ගැන හිතලා මොකටද දුක්වෙන්නේ...අපි තාම තරුණයි අපි මේ දවස් ටික සතුටින් ඉමු...ඉතුරුව ඉබේම කාලය විසදයි"
"ප්‍රශ්න කාලයට විසදන්න ඉඩදීලා උබ බලන් ඉන්නේ මෝඩයෝ....මොලේ තීයෙන මිනිස්සු ප්‍රශ්නෙ එන්න කලින්ම අදුන ගෙන ඒකට ගන්න පුලුවන් විසදුම ගැනත් හිතනවා"
"අනේ මන්ද් බබා...ඔයා මේ ලස්ස්න දවසේ කොහෙවත් නැති විකාර ප්‍රශ්නයක් ඇදලා අරන් කියවන්නේ...අපි මේ අපි ගැන කතා කරමුකෝ"
"මම කතා කරන්නේ අපි ගැන තමයි අපේ අනාගතේ ගැන....දෙන්නම රස්ස්සාවල් කරලා පෙන්ශන් ගියාම කරන දේවල් ගැන....අපිට අපි දෙන්න විතරක් ඉන්න කාලෙක වෙන කාගෙන්වත් උදවු නොලැබෙන කාලෙක අපි ඉන්නේ කොහොමද කියන එක ගැන සුදූ මම කතා කරන්නේ" මට මේ පෙන්ශන් ගියාම කරන්නේ මොකද්ද කියන එක නිතරම ඔලුවට එන්නේ අපේ තාත්තා තව අවුරුදු දෙක තුනකින් පෙන්ශන් යනවා එයා නිතරම ගෙදර කියවන්නේ
පෙන්ශ්න් ගියාම කරන්නේ මොකද්ද කියන එකයි
"මම ගොඩක් දුර හිතන කෙනෙක් නෙමයි එදා එදා දවසේ වෙන දේවල් වලට සක්කයක් ගහලා ජීවිත රෝදේ කරකවාගෙන යන කෙනෙක්....මගේ ජීවිතේ උන දේවල් එක්ක මම බයයි හීනවලට....හීන කියන්නේ බලාපොරොත්තු කියන්නේ මිනිස්සු පිස්සු වට්ටන මිරිගුවක්...ගොඩක් හීන තියෙන අය තමයි ගොඩක් දුකෙන් ඉන්නේ....මගේ ජීවිතේ ලොකු කුනාටු වලට මම මූනදීලා තියෙන්වා ....ඒවයෙන් ජීවිතේ ආයේ හරවන්න බැරි විදියට කනපිට ගැහිලත් තියෙනවා...ඒත් මම ඔරුව පෙරලුන පිට හොදයි කියලා අතීතයට සාප නොකර වර්තමානයේ සතුටින් ඉන්නවා....කාලයට අනුව හැඩ ගැහෙන මිනිස්සු විතරයි දිනන්නේ....නැතුව හනමිටි අදහස් පිරිච්ච බර බලාපොරොතු තියන් දුක් විදින මිනිස්සු නෙමයි"
"මේ තරම් කල් හිටියා...ඔයා මට ඔයාගෙ අතීත කතා මුකුත් කියලා නෑ....අඩුම තරමේ ඔයාගෙ තාත්තා ගැන කලින් ඉස්කෝලෙ ගැන....ඇයි මෙහෙට උඩින් පහත් උනේ කියන එක"
"අනේ බබා ඒක මහ ගදගහන් අතීතයක්...මම ඒක වලදාලා ඉවරයි....මම ඒකෙන් අයින් වෙලා ඉන්නේ... මට ඕනි නෑ ජරාවල ආයේ හාරන්න... ඔයාට මම පොරොන්දුවෙනවා වෙලාව ආවම ඒ ඔක්කොම ඔයාට කියන්න .....තාම ඒවා අපේ පුන්චි හිත් වලට බර වැඩී..."
"හරී...ඔයාට හොදයි කියන දවසක ඒවා කියන්න....මට මේක විතරක් කියන්න...ඔයාගෙ පරන ජීවිතෙන් පැනලා ගියා වගේ ආයේ පාරක් මාව දාලා පැනලා යනවද?"
"බෑ...වස්තුව කවදාවත් ඒක මට කරන්න බෑ...දැන් මම් ඔයාට ඇබ්බැහිවෙලා...ඔයා නැති ලෝකයක් ගැන මට හිතාගන්නවත් බෑ...අපි දෙන්නා...ඒලෙවල් වලින් පස්සේ ජොබ් එකක් හොයාගෙන අපේම තැනක ජීවත් වෙමු...ලොකු ලොකු දේවල් ඕනි නෑ....කාටවත් බරක් නොවී ...අපි දෙන්නා විතරක් සතුටින් ඉමුකෝ"
"මම කැමතී ඔයා ඒවගේ කතා කරනවා අහන්න...ටිකක් වගකීමක් ඇතුව හැසිරෙනවට.....හැමතිස්සේම ආදරෙයි ආදරෙයි කියලා මතුර මතුර ඉන්නේ නැතුව....සෙක්ස්වලට එහා ගිය ජීවිතයක් ගැන හිතන එක ලොකුදෙයක්"
"ඔන්න බලන්කෝ මම අදරේ කරන කෙනත් හිතන් ඉන්නේ මම සෙක්ස් පිස්සෙක් කියලා....හරි හරි කමක් නෑ එහෙනම්....මම ආයෙමත් ඔයාට අත තියන්නේ වත් නෑ....දුරින් ඉද උබ දෙස බලනවා විතරයි...ලගටවත් එන්නේ නෑ"
"ඒයි මෝඩයා ...මම එහෙම කියුවෙ නෑ...මට කියන්න ඕනි උබත් එක්ක මට සෙක්ස් ...ආදරේට ...එහා ගිය ගැබුරු සමනන්දයක් ඕනි"
""වස්තුව මේක හිතට ගන්න හොදට...මම ඔයාව ආශ්‍රය කරන්නේ මගේ කිසිම දෙකයි පනහේ අශාවක් සම්පූර්න කරගන නෙමයි...ඔයා එක්ක දුරගමන්ක් යන්න.....මම අයේමත් කියන්නේ මම උබට ඇබ්බැහිවෙලා...ඔයාගෙන් එහාට ගිහිපු ජීවිතයක් මට නෑ.....දැන් බය නැතුව නිදාගන මගේ චූටි මැනික...හෙට එන්න ඕනි හරිද ?....මම බලන් ඉන්න්නෝ "
සූකිරි ෆෝන් එක තිබ්බා
මට එයා කියපු එක දෙයක් ආයේ අයේ මතක් වෙනවා ...ඒක හරිම මිහිරී
...............මම උබට ඇබ්බැහිවෙලා...........

HatharawaramWhere stories live. Discover now