ep 116

542 92 0
                                    

Ep 116
වැඩ කීයක් නම් තියෙද? කරන්න
ඔහොම තියාගෙන රත්කරගෙන ඉන්නවා ඉබේ කෙරෙයි වැඩ
ආයෙනම් මේ ගෙදරට පත්තරගන්නෙ නෑ....ඔන්ලයිනුත් බලල....ටීවී එකෙනෙත් බලලා තව පතතර කාරය්ගෙනුත් අරගෙන බලනවා....ඔය හැම එකේම තියෙන්නෙ එකම විස්තරේ ""
එක අතකින් බලද්දි මමත් වයසට යද්දි අපේ අම්මා වගේ වෙනවාද මන්දා
සූකිරි හරි දුව හරි මම කියන දේ කරේ නැතොත් හොදටම බනින්න හිතෙනවා
අද හින්නලාව ගමෙන් එක්කගෙන යන්න අපි එනවා කියලා පොරොන්දු උනා
අදම හිහින් අදම එන එක හරිම මහන්සි වැඩක්
ඒ නිසා උදෙනම ගෙදර වැඩ ටික ඉවර කරලා යන්න හදන්නේ
කොහෙද සූකිරි පත්තර කාරයා පත්තර මිටිය ගෙනත් දික්කරපු වෙලේ ඉදන් ඒක උලාගෙන කන්න හදනවා

"මේ බලන්නකෝ ඒයි...ලන්කාවේ ඒඩ්ස් හොදටම වැඩි වෙලාලු....ඒකත් අවුරුදු 18යි 25යි අතර කොල්ලො...ගිය අවුරුද්දේ පොසිටිවෙ උන 445න් 380ක්ම පිරිමි....මේ අයගෙනුත් වැඩිම පිරිස සමලින්ගික සම්බන්දතා පවත්වපු අය..."
"ඉතින් මොකද ඇස් උඩ තියන් ඉන්නේ තමුසෙ මට හොරා කොටු පැනලා ..රේන්කෝට් නැතුව ෆන් එකට වැස්සෙ තෙමිලා...දැන් හිතබයයිද?"
""මල විකාර කියවන්න එපා ඒයි...මේ හැම පත්තරයක්ම බැලුවම තියෙන්නේ ගේ නම් ඒඩ්ස් හැදෙනවා වගේනේ...දැන් මිනිස්සු සමරිසි පවුලක් දිහා බලන්නෙ කොලු කාරයො පොන්නයො කියලා නෙමෙයි ඒඩ්ස් කාරයෝ කියලයි""
"අනේ මේ උනට ඕනෙ මගුලක් කියාගත්තදෙන් අපේ ඇගේ වදිනවයි....මට නම් මාව ශුවර් මම කිසිම වැරද්දක් කලේ නෑ මේ අවුරුදු පහ හයටම...අබ කාපු මිනිහගෙනෙ ඔලුව දන්නේ මට හොරෙන් මොනව හරි කරානම් දැන් බය වෙලා වැඩක් නෑ...ඇත්ත කියනවා දෙන්න එක්කම බ්ලඩ් එකක් චෙක් කරගමු"

"තමුසෙගෙ ජරා කට....දවසින් දවස තමුසෙලගෙ අම්මටත් වඩා අන්තවෙනවා.....මාත් මේ අවුරුදු 6ට නෙමෙයිම මුකුත් කරලා නෑ ඔයාගෙන් පිට...ශුවර් නැත්තන් දෙන්නම ගිහින් බ්ල්ඩ් චෙක් කරමු...මම කියන්නෙ ..ලෙඩේ ගැන නෙමෙයි...මේ ප්‍රවෘති වලින් අපේ ඉමේජ් එකට වෙන හානිය...අපි මේතරම් මහන්සි වෙලා මේක නීතිගත කරා...මේවගේ දේවල් නිසා මිනිස්සු ආයෙමත් ගේ අය ගැන සමාජ විරෝධී කියන ආකල්පය ඇති කරගන්නවා..........නීතිගත කර නිසා ටිකක් හරි හොදයි ...මීට කලින් ඔය ප්‍රශන වැඩී....ගේ උන් ඉන්නෙ මාර අසහනේක...ගොඩක් අයට තමන්ට කැමති විදියට හැසිරෙන්න එයාලා ඉන්න සමාජෙ ඉඩදෙන්නේ නෑ...ඒ නිසා බොරුවට ස්ට්‍රෙට් වගේ හැසිරෙනවා....ඒත් ආශාව ඇතුලෙන් බුබුලු දානවා...ගෑනිට දෙමවුපියන්ට ළමයින්ට හොරෙන් වැඩට යනගමන් ගමනක් යනගමන්...පරන ටොයිලට්වල ෆිල්ම් හෝල්වල බීච්වල...අසහනේ නැතිකරගන්න අහුවුන ඕනෙම කුනු ගොඩක් එක්ක කල්බලේට හැමිනෙනවා...කොන්ඩම් එකක්වත් දාන්නෙ නෑ...ඇත්ට්තට්qම ඒවගේ පබ්ලික් ප්ලේස් වල සේෆ්ටි විදියට හැසිරෙන්න බෑ නෙ...බයෙන් බයෙන් හොරෙන් කරන්නේ ...ඊට පසේ ඉතින් ලෙඩ තමයි"

HatharawaramWhere stories live. Discover now