ep 84

604 96 0
                                    

Ep 84
මේක කියවන උබලා හිතන්න එපා පාර්ලිමේතුවෙ ඉන්නේ ඔක්කොම නරකයි කියලා . හොදම හොද මිනිස්සුත් ඉන්නවා මෙතැනදි මම කිසිම හොද මහත්මයෙක්ට නෝන කෙනෙක්ට අපහාස කරන්නෙ නෑ. ඒත් මේකෙන් කාට හරි රිදෙනවනම් කාට් හරි අපහාස කරා කියලා හිතෙනවනම් ඒ කෙනා ට මොනවම හරි ජල් බරි තියෙනවා. තමන්ගෙ කිල්ලෝටෙ තියෙන හුනු පිටට පෙනෙන නිසයි එයාලා මේ කතාවට විරුද්ද වෙන්නේ. ඒවගේම පාර්ලිමේන්තුව ලන්කාවෙ උත්තරීතරම ආයතනය ඒකට කිසිම කලු පැල්ලමක් මගේ විස්තර වලින් එල්ල වෙන්නේ නෑ. ව්‍යස්තාවටවත් හොද මත්‍රීවරුන්ටවත් අපහාසයක් වෙන්නෙ නෑ. සම්පූර්නයෙන්ම වැරදි කරන ජරා මිනිස්සුන්ට විතරයි මේකෙන් අපහාසයක් වෙන්නේ. )

මරණ තුනක් මැද පැණි කනවා දැකලාතියෙද
ආආ..දැකලා නැත්ද?
දැකලා නැති කෙනෙක් ඉන්නවනම් අපි තුන්දෙනා පෙන්නපල්ලා
නැව ගිලුනත් බෑන් චූන් කියලා අපි මොන විදියට කෙලවුනත් නටා ගයාගෙන අතල් එකේ ඉන්වා
අපිටම හරියන කෙලි පොඩිත්තක් දෙවියෝ අපිට දීලා තියෙන්නේ
ඒ කී මික් කියන්නේ නැතුව අපි කරන ඕනෙ මගුලක් එන්ජෝයි කරනවා
නාගෙන් චුරු චුරු ගගා අඩන පොඩි එකෙක් නෙමෙයි එයා
මුලදි මමත් හිතුවා අපිට කෙල්ලෙක් නැතුව කොල්ලෙක් හිටියනම් හොදයි කියලා
දැන් නම් හිතෙනවා පින් මද පුතුන් සීයකට වැඩිය මගේ පුන් සදවගේ බබලන කෙලි පොඩිත්ත දාස් ගානක් වටිනවා කියලා

අපිට කෙලවෙන්න කරුණු 3ක්ම තිබුනා

1. අපි තාම හරියටම කවුද කියලා දැන්නේ නැති මිනීමරුවෙක් අපේ පස්සෙන් පන්නන්වා...ඒ රොශාන් ද නිර්වානිගෙ මිනිස්සුද වෙන කෙනෙක්ද කියලා අපි හරියට දනෙන් නෑ

2. පාර්ලිමේන්තුවෙ නාකි අගමැතියගෙ අදුරු සෙවනැලි තාම හොල්මන් කරනවා. පිටින් පේන්නේ ආනඩුව හරිම ස්ටේබල් කියලයි.. ඒත් ඒක හොදටම ෆ්‍රැජයිල් ඕනෙම වෙලාවක කඩා වැටෙන්න පුලුවන්. සූකිරි මූලික වෙලා අලුත් අගැමැති කෙනෙක් පත් කරලා ජනාධිපති එක්ක කතාකරලා අන්ඩුවෙ කාලය තවත් අවුරුද්දකින් දික් කරගත්තා. ඒත් ආන්ඩුවෙ ඉටපු අගමැතිට පක්ශ මන්ත්‍රීලා බොහොම කල කිරිලා ඉන්නේ දැන් එයාලට ඉස්සරවගේ සෙල්ලම් දාන්න බැරි නිසා....එයාල කොයිවෙලේ හරි අන්ඩුව කඩන් විපක්ශෙට පනිනවා..ඒත් සූකිරිට් තිබුන ප්‍රශ්නේ ඒ කීදෙනෙක්ද කියලා හරියටම දන්නේ නැති එකයි. ඒවගේම එයාලත් විපක්ශෙ පොඩි පක්ශ එක්ක සාකච්චා තියනවා කවුරු හරි අර පැත්ත්ට පැනොත් මේ පැත්තට ගන්න්. ඒත් බොහොමයක් අයගෙ ඉ ල්ලීම් සැර වැඩී..ඒවා රටට විශාල ලෙස අහිත කරයි...ඒ නිස ඒක හරියයිද කියලා ශුවර් නෑ

HatharawaramWhere stories live. Discover now