ep 06

1.3K 233 16
                                    

Episod 06
ක්ලෝරීන් ගද
ලෙඩ්ඩුන්ගෙ කෙදිගෑම්
කලබලෙන් එහෙ මෙහෙ දුවන දොස්තරලා හෙදියො
ඇටෙන්ඩට් ලගෙ බැනුම්
වෙන එකෙක් ටනම් ඉස්පිරිතාලෙ දවස් 3ක් කියන්නේ හරිම අප්‍රසන්න අත් දැකීමක්
ඒත් මටනම් ඒ දවස් ටිකේ වෙනම් ලෝකෙක ඉන්නවා වගේ දැනුනේ
මම අපේ ගම ගැන යාලුවො ගැන මම ගැන ගොඩක් දේවල් කියෙවුවා
ඇත්තටම ජීවිතේට මම එක දිගට වැඩියෙන් ම කියවපු දවස් තුන
මම කරන ජෝක් වලට එයා මුලින් තරහ අරන් පස්සේ සැහැල්ලුවෙන් හිනාවෙනවට මම හරි කැමතී
සූකිරිගෙ අම්මාත් හොදකෙනෙක් වගේ තුන් වේලටම මම ජීවිතේට කාපු නැති රස කෑම මටයි සූකිරිටයි අරන් ආවා

පහුවෙනිදා උදේම සූකිරිගෙ වම් අතෙයි දකුනු කකුලෙයි බැන්ඩේජ් ගලවපු නිසා එයාට එයාගෙ වැඩ තරමක් කරගන්න පුලුවන් උනා
ඒනිසා මට එයාව අතපත ගන්න තිබුන චාන්ස් එකනම් නැති උනා
ඒත් එයාව වත්තම් කරන් ඇවිදින එක එයාගෙ ලගට කෑම ටික දීලා කනකන් බලන් ඉන්න එක මට විනෝදාන්ශයක් උනා
මම මොනතරම් විස්තර කියුවත් සූකිරි එයාගැන කියුවෙ බොහොම අඩුවෙන්
මගෙත් පුරුද්දක් තියෙනවා...අනික් එකා කියුවෙ නැත්තන් මම ඒ ගැන අහන්නෙත් නෑ...හොයන්නෙත් නෑ
ඌට අතීතෙ හන්ගන්න මොකක් හරි හේතුවක් ඇති....සමහරවිට මතක් කරනකොට ගොඩක් දුක හිතෙන දෙයක්ද දන්නෙත් නෑ
මටෙ එයාගෙ අතීතෙන් වැඩක් නෑ....මම කැමති උනේ අපි මේ වෙලාවෙ...සතුටින් ඉන්න එකට

ඩස්පියාගෙ ෆෝන් එක වගේ නෙමයි සූකිරිගෙ ෆෝන් එකේ ෆොටෝ මාර පැහදිලී
තව වැඩකෑලි ගොඩක් තියෙනෝ....එයා මට ඕනි තරම් වෙලා ෆෝන් එක තියාගන්න දුන්නා
ඒකෙන් ගේම් හොයාගන්න හැටි ඒවා ෆෝන් එකට දාන හැටි....ඒවා සෙල්ලන් කරන හැටි ඔක්කොම කියලා දුන්නා
ටිකක් විතර මට ඉන්ග්‍රීසිත් පුරුදුකරා
ෆෝන් එකෙන් ගහන් ෆොටෝ වීඩියෝ වෙනස් කරලා හදන විදිය ඉගැන්නුවා
ඒදවස් ටිකට සූකිරියා මට හෙන පොරක් වැඩකාරයෙ...වීරයෙක් උනා
එයා ලන්කාවෙ විතරක් නෙමයි පිටරත් ගිහින් තියෙනෝ
මට ඒ රටවල විස්තර කියලා දීලා....ඒවා යේ ෆොටෝ ඉන්ටනෙට් එකෙන් අරන් පෙන්නුවා
හැබැයි එයා. මට එයාගෙ පරන ෆොටෝනම් මුකුත් පෙන්නුවේ නෑ
පහුගිය කාලෙත් එක්ක බලද්දි මම සතුටින්ම හිටපු දවස් 3ක්
මට ඕනි වෙලා තිබුනෙ හොද යාලුවෙක් මාව තේරුම් ගන්න
මම කැමති විදියට හිතන
අනෙක මට අලුත් දෙයක් කියලා දෙන්න පුලුවන් නවීන පන්නෙකෙනෙක්
මම හිතන්නේ සූකිරි ලග ඒ හැමදේම තිබුනා
සදුදා උදේම මම ගෙදර ගිහින් ඉස්කෝලෙ යන්න ඕනි නිසා ඉ ක්මනින් පිටත් වෙන්න හිතුවා
පහුගිය දවස් තුනේම අම්මා ෆෝන් එකෙන් රතු නිවේදන නිකුත් කරා
ඊයෙ හවස හින්නා අතේ අවසන් නිවේදනය එවලා තිබුනා
තවත් වරෙන්තුව පැහැර හැරියොත් අනිවා අම්මා ඉස්පිරිතාලෙට එන්වා
බෝක්කුව ඇරියාවගේ බැනලා මගේ සායම හෝදනවා
අන්තිමේ මූනකට සමතලා වෙන්න දෙකක් දීලා මේ ඉස්පිරිතාලෙම අයි සී යූ එකට දාලා යන්න බැරිනෑ
ඒ නිසා මම ගෙදර යන්න ඕනි කියලා සූකිරියට කියුවා
ඌට දුකයි...මම නැතුව පාලුයිලු...එයාගෙ අම්මා බලා ගන්න කවුරු හරි සල්ලි දීලා ලගින් තිබ්බත් එයාගෙ හිත තේරුම් ගන්න පිටින් එන කෙනෙක්ට බෑලු.....එයත් කියනවා එයා කාලෙකින් පස්සේ පහුගිය දවස් දෙකේ තමයි සතුටින් හිටියෙ කියලා
සතුට කියන්නේ මහ පුදුම දෙයක් ....සල්ලිවලත් නෙමයි සතුට තියෙන්නේ....නිරෝගී කමෙත් නෙමයි සතුට තියෙන්නේ....මොකද සූකිරියා කියන විදියට ඌට ඉහෙන් බහින ලෙඩක් නැතුව හරකෙක් වගේ හොදට හිටියත් ඉස්සර එයා හිටියෙ හරි දුකෙන්ලු....දැන් අත්පය බැදගෙන තුවාල පිටින් හිටියත් එයා හිටියෙ සතුටින්ලු
ඒත් මගේ හිතේ සතුටට යටින් නිතරම පොඩි දුකක් තිබුනා
මම සූකිරිට ඇත්ත කියුවෙ නෑ...වන්චාවක් කරනවා වෙගේ හැගීමක්....මගේ ජරා සැලැස්ම නිසානෙ එයා තුවාල උනේ
අන්තිමේ එන්න මොහොතකට කලින් මම ඌට ඇත්තම කියුවා
මම කියනකන් ඔක්කොම අහන් හිටියා
සූකිරිගෙ ඇස් වල කදුලු
"ඇයි බන්....උබ මට වයිර කරේ....අපේ පන්තියෙ කොල්ලන්ගෙන් ....ආව දවසෙම සිරා පොරක් කියලා හිතුනෙ උබ ගැන විතරයි....මට ඕනි උනේ නෑ උබත් එක්ක තරග කරන්න ....මට ඕනි උනේ උබ එක්ක යාලුවෙන්න....උබ මගේ හොදම යාලුවා කරගන්න....ඒත් උබත් එක්ක පොඩ්ඩක් වත් තනියෙන් කතා කරන්න බැරි උනා.....කොයිවෙලෙත් උබ ඔරවගත්ත ගමන් ඉන්නේ....අනික් උන් එක්ක හොදට විහිලු කරලා හිටොයත් මම ලන් උනගමන් මූන කලු කරගන්නවා.....නිතරම මම ලග හිටියට මම කියල කෙනෙක් නෑ වගේනෙ උබ වැඩ කරේ....අනික කොයි වෙලෙත් අර කෙට්ටු කොල්ලා....උබලා හින්නා කියන එකා...උබ ගාවමයි....මම උබ කිට්ටුවට එනකොටත් ඌ ගොරවනවා උබේ බලු කුක්කාවගේ....ඉතින් මම කවුරුත් නැට්ගුව තනියෙන් හිටියා"
"ඒත් විනෝද් උබ මට කලේ කැතම කැත වැඩක් බන්....මම හිතුවෙ නෑ උබ ඒතරම් දරුනුයි කියලා...මට මම මැරුනට දුකක් නෑ....ඒත් මගේ අම්මා බලාගන්න කෙනෙක් නැති වෙන්වා....මට මොනවා හරි උනොත්....පහුගිය දවස් ටික එයා ඉන්නේ දුකෙන් මම නිසා....එයා ගොඩක් දුක් විදපු ගෑනියෙක්....මට බලන් ඉන්න බෑ එයා තවත් දුක් විදිනවා....මට ඉවසන්න පුලුවන් මගෙ බෙල කැඩුනත් ...ඒත් එයා මාව බල්ලන එන හැම සෙරේම අඩලා අඩලා යන්නේ....අනික මගෙ අම්මා ගෙදර තනියෙම ඉන්න හරි බයයි....මේ නොදන්න පලාතෙ කවුරුත් නෑ එයාව බලා ගන්න ....පහුගිය දවස් වල අම්මා කොහොම හිටියද මන්දා මම නැතුව....මට උබ කරපු වැරැද්දට සමාව දෙන්න බැරි මගේ අතපය කැඩුව නිසා නෙමයි මගේ අම්මාට තවත් දුකක් දීපු නිසා...පලයන් විනෝද් ....පලයන් මට උබේ මූන ආයෙත් දකින්න ඕනි නෑ..."
මම කරබාගෙන ගෙදර ආවා
අම්මා මගේ ඇගට කඩා පැන්නා...එයා උස්ම නොගෙන බැන්නා
මට අම්මා කියපු එකම වච්නයක් වත් තේරුනේ නෑ
මගේ මූනේ තිබුන හැගී.ම් විරහිත ස්බාවය නිසා අම්මට තේරෙන්න ඇති තවත් බැනලා වැඩක් නෑ කියලා
එයා අන්තිමේ තරහ පිට කරේ අතේ තිබුන ඇලුමිනියන් වලද මහා හයියෙන් පොලොවෙ ගහලා
එදා ඉස්කෝලෙ ගියත් මට පන්තියෙ ඉන්න හිතුනෙම නෑ
ඉකෝන් සර් බලි වගේ ප්‍රස්තාර කලු ලෑල්ල පුරාම ඇන්දා මට ඒ ඉ රිකෑලි මොනවද කියලා තේරුනේම නෑ
සර් උගන්න උගන්න ඉද්දිම මම එක්ස්කියුස් මී වත් කියන්නේ නැතුව බඩ රිදෙන්වා මම යනවා කියලාන්පන්තියෙන් එලියට බැස්සා
අපේ ඒලෙවෙල් පන්තියෙ හොදකම තියෙන්නේ හැම එකාට උගන්වන්න ට්‍රයි කරන්නේ නෑ කැමති එකාට විතරයි උගන්වනේ
ඒ නිසා ඕලෙවෙල් පන්තිවල වගේ පන්ති කට් කරන උන් හොය හොයා සර්ලා මිස්ලා යන්නෙ නෑ
මම යනකොට මගේ පිටිපස්සෙන් හින්නත් එනවා
උබ මොකටද එන්නේ...පලයන් පන්තියට....මට තනියෙම ඉන්න ඕනි පලයන් මට වද නොදී
මම හිත් පිත් නැති විදියට කෑ ගහලා ඌව එලව ගත්තා
මම ගියේ පොඩි කාලෙත් හිතට අවුලක් ආවම යන මගේ අබ ගහ ගාවට
ඒක් තියෙන්නේ ඉස්කෝලේ කොනේම
ලදු කැලෑවට මායිම්ව
එතැන ටිකක් උසත් එක්ක
අබ ගහ මුදුනට නැග්ගම ඉස්කෝලෙම පේනවා ඊට එකා තියෙන කදුත් පේනවා...ඈතින්ම මුහුදත් පේනවා
අතු වැඩිපුර තියෙන ගස් දෙබලක් වාඩි උනාම සුදු ඇදුම ඈතට පේනේ නෑ
පොඩි කාලයක් උනත් සිද්දි ගොඩක් තිබුනා මතක් කරන්න
සූකිරි හිනාවෙන හැටි කතා කරන හැටි මම දිහා බලන් හිටපු හැටි
මම එයාට කවපු හැටි එයාව පිරිසිදු කරපු හැටි හැමදෙයක් ම අයෙ අයෙ සියදහ්ස් වාරයක් මතක් වෙන්වා
මම එයාගෙ බයික් එකේ ඇනබුරුල් කරපු හැටි එයා තැලිලා පොඩිවෙලා බිම වැටිලා හිටපු හැටි
මතක් වෙන කොට මට මම ගැන මාර තරක් එනවා
ඒවගේ වෙලවට එක තැනක ඉන්න බෑ...හිතට වද දෙන ඒ හිතුවිලි අමතක කරන්න කොහේ හරි යන්න හිතෙනවා
එක දිගටම හිස හැරුනු අතේ නවතින්නේ නැතුවම
අනේ මට කාලය හරහා යන්න තියෙන්වානම්
සූකිරි මුනගැහුන මුල් දවසට
මම එදාම එයත් එක්ක හොදටම යාලු වෙන්වා
එයා ලගට වෙලා ඉන්නවා
කාටවත් එයාට කරදරයක් කරන්න දෙන්නේ නෑ
මම ඉන්ටවල් එකෙත් ආවේ නැති නිසා හින්න ආවා මාව හොයාගෙන
කැන්ටිමෙන් කෑම එකකුත් අරගෙන
ඌත් ගහාඋඩට ගොඩවෙන්නෙ ලෑස්තිය
මට ඕනි ඇති කෑමක් නෑ...මම ඌට කෑගහලා බැනලා එලෙව්වා
හින්නා ඈතට ගිහින් කෑම එකත් අතේ තියන් මම දිහාම බලන් ඉන්නවා
මම ඌව දැක්කේ නෑ වගේ ගහ උඩට වෙලා ඈත බලාගෙන කල්පනා කරා
මමයි සූකිරියයි විතරක් ඉන්න ලෝකයක් ගැන...වෙන කිසිම එකෙක් නැති ලෝකයක්
ඉස්කෝලෙ ඇරෙන වෙලාවට හින්නා මගේ බෑග් එක ගෙනත් අබ ගහයටින් තිබ්බා
මම තවත් ටිකක් හවස් වෙනක්න් ඉදලා ගෙදර එන්න පිටත් වෙනකොට
කොහේද ඉදලා හින්න ඇවිත් වෙනදා වගේ මගේ බයික් එකේ එල්ලුනා
මූට පිස්සුද මෙච්චර හවස් වෙනක්න් ඉස්කෝලෙට වෙල ඉන්න
මම මුකුත් කතා නොකර ඌවත් දාගෙන බයික් එක පැද්දා
හරිම අමුතු විදියට සති දෙකක් ම ගෙවිලා ගියා
සමහර දවස් වලට මම පුටාර් එකෙන් යනවා සූකිරිගෙ ගෙවල් පැත්තෙ
ඒක තනි කොලපාට ගෙයක්
වට වෙලා තිබුනෙත් කොලපාට් මිටි තාපෙකින්
අපේ ගෙවල් වලට වඩා ගොඩක් හොදට හදපු තනි තට්ටුවෙ ගෙයක්
කොරියාවෙ ගිහිපු එකෙක් මේ ගේ හැදුවෙ පස්සේ සූකිරිලා ලගදි පදින්චියට ආවේ
මිටි තාප්පේට උඩින් පේන වතු සුද්ද ගස් අස්සෙන් මම එබිලා බැලුවා
කවුරුවත් නෑ ගෙදර පේන්න
ඔක්කොම දොරවල් වහලා
සූකිරිලා යන්න ගිහින්ද නොකියාම
එකපාරට අහසින් පාත් උනා වගේ ඇවිත්
එකපාරට පොලොවෙන් ගිලගත්ත වගේ නොපෙනි ගිහින්
මම් ඉස්පිරිතාලෙටත් ගියා එයා ටිකට් කපන් ගිහින්
මට බැරි උනා ෆෝන් නම්බර් එකක් වත් ඉ ල්ලාගන්න
දවසේ දින චරියාවෙ කොටසක් වගේ හැමදාම මම සූකිරිගෙ ගෙදර ලගින් දහදොලොස් වතාවක් බයිසිකලේ පදිනවා
කොල්ලෝ විහිලු කරා මම සචිනිගෙ ගේ වටේ කැරකෙනවා කියලා
සචිනි නන්ගිගෙ ගෙවලුත් ඒ පැත්තේ
මම හැමදාම එන බ්ව දන්න නිසාද මන්දා සචිනිත් හවසට පාර අයිනට වෙලා මල් වට්ටියකට මල් කඩ කඩ ඉන්නවා
මම බයිකෙ යනකොට බෙල්ල දික්කරලා බලල හිනා වෙනවා
මම අහක බලන් බයිකෙ වේගෙන් පැදගෙන යනවා
රෑට නින්දයන්නේ නෑ මොනවා කරත්
බිත්තියට කකුල් දෙක ගහගෙන ඇදේ ඔලුවෙනුත් ඉන්නවා
සමහර වෙලාවට කොටෙන් බිත්තියට ගහගෙන ගහගෙන ගිහින් කෑ ගහලා අඩන්න හිතෙනවා
කුරුල්ලෙක් වගේ නිදහසේ හිටපු මට....දව්ස් දෙක තුනකින් සූකිරිය කරපු දෙයක්
ඉස්කෝලෙ ගමනනම් මහා බොරුවක්
එකදිගට ගෙදර ඉන්න බැරි නිසාත් අම්මා බනින නිසාත් ටික කට හරි හිතට නිදහසක් දැනෙන්නේ අබ ගහ උඩට වෙලා ඉන්නකොට නිසාත් ඉස්කෝලෙ එනවා
ඩස්පි, සමනලී සැරින් සැරේ ඇවිත් මාත් එක්ක කතා කරනවා...ප්‍රශ්නෙ මොකද්ද අහනවා
ඩස්පියා මට උගේ ෆෝන් එක දුන්නා ඕනි තරම් ගේම් ගහන ඒත් මම එපා කියුවා
සමනලී කොහෙන්ද හොයන් ආපු මෝඩ හිනායන කතා වගයක් කිවුවා මාව හිනා ගස්ස්නන...ඒත් මට පොඩ්ඩ්ඩක්වත් හිනා ගියේ නෑ
පන්තියෙ උන් කතාවෙනවා මට මොක්කක් වෙලාද කියලා...මම කාටවත් මගේ හිතේ තියෙන දුකබ්කියන්න ගියේ නෑ
හින්නා ගේ බාශාව නිහඩ බව....එක අතකින් ඌ ලගට වෙලා ඉන්නකොට හිතට වදයක් නෑ...ඌ ඔහේ ලගට වෙලා ඉන්නවා මගෙන් ප්‍රශ්න අහන්නෙත් නෑ ඌ කියවන්නෙන්ත් නෑ
සතිදෙකට පස්සේ ඉස්කෝලෙ හැරිලා යද්දි හින්නා මාව නවත්ත ගත්තා
මගේ උරහිසෙන් අල්ලන් කවදාවත් නැති විදියට බලන් හිටියා
මම දුකෙන් ඉන්නකොට ඌත් විදවනවා වගේ
සාක්කුවට අත දාලා විස්සෙ කොල මිටියක් අරන් මගේ අතේ තිබ්බා
"මේ මොකටද?"
"තියා ගනින්....ෆෝන් කාඩ් අරන් කතා කරපන් ....නැත්තන් මොනව හරි කාපන්....හිත හැදෙන්න කොහේහරි පලයන්"
"උබට කොහෙන්ද සල්ලි"
"කැන්ටිමෙන් කන්න දීපුවා....මම එකතු කරා"
"එත කොට උබ කෑවෙ...."

HatharawaramWhere stories live. Discover now