ep 24

714 132 10
                                    

Ep 24
නොහිතපු වෙලාවක නොහිතපු විදියට ආදරේ කරපු දෙන්නෙක් දෙපැත්තට විසිවෙලා යනවා
උන්දෙන්නා වෙනුවෙන් අපිට කරන්න පුලුවන් මොනවද?
මමයි සූකිරී හිනයි මේසෙ වටේ පුටු 3ක් වාඩිවෙලා තේකෝප්ප හීතලවෙනකන් උඩබලන් හිටියා
"ඩස්පි හොයාගන්න එක වැදගත් එත් ඊට කලින් අපි ආච්චිගේ මතක බන තියමු....අපේ තාත්තා හාමුදුරුවන්ට ආරාධනා කරලා තියෙන්නේ....හෙට හවස බන කියලා අනිද්දා දානෙ ගෙනියන්න ඕනි...ඒක අපිට තමයි කරන්න වෙන්නේ"
"කොහොමද අපි සල්ලි හොයාගන්නේ" කවදත් එම්ටිපොකට් හිටපු මට ලොකුම ප්‍රශ්නේ සල්ලි
"ඩස්පි මට මළගෙදර වැඩට උන්ගේ අම්මා එවපු 50,000ක් දුන්නා...ඒවයෙන් එක එක ඒවට වියදන් වෙලා 15,000ක් විතර තියෙනවා...මම හිතන්නේ ඒවා ඇතිවෙයි" මලගෙදර උන දවස් වල ඩස්පියා හිටියේ හොද සිහියෙන් නෙමයි ඒ නිසා ඌ සල්ලි ටික හින්නට දීලා

"අවුලක් නෑ අපි වැඩේ අපිට පුලුවන් තරම් හොදට කරමු...සල්ලි මදිපාඩුවක් උනොත් මම දෙන්නම්" සූකිරි ඒක කියපු එකත් ලොකුදෙයක්. එයත් මගේ යාලුවන්ගේ ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙනවා කියලා මට දැනුනා.
අපි තුන්දෙනාට ආයෙම කලබල කාරී දවස් කීපයක්.
බනට ගොඩක් අය ආවෙ නෑ...මල ගෙදර උන කලබල ගැන ගමේ ආරන්චි ගිහිපු නිසා වෙන්න ඇති
අපේ අම්මා උනත් මට ඇවිත් බැනලා ගියා...කවුරුත් නැති ගෙවල් වල මොන හොදවැඩේ කරත් අන්තිමේ නරකනාමයක් විතරයි ඉතුරුවෙන්නේ
හොදවෙලාවට අපි කාටත් නැති තරම් හොද දෙමවුපියො හින්නට හිටියේ
හින්නගේ නන්ගිනම් පොඩී අවුරුදු 10ක් විතර
අම්මාට ඒතරම් වැඩ කරන්න බෑ...එයාට හොදටම හතිය හැදෙනවා මහන්සි උනගමන්
මහන්සි නූනත් ඇවිල්ලා අපිට කරන්න ඕනදේ එපාදේ කියලා ලගින් හියපු එකත් ලොකු දෙයක්නේ
හාමුදුරුවො බනට දෙමාපියන්ගේ වටින කමත්...අම්මලා රට යන එකෙන් පවුල් විනාශවෙන හැටිත් තමයි බනට කියුවේ
ඒත් මම කල්පනා කරේ ගෙවල්වල අඩු පාඩු දකිනකොට මිනිස්සුන්ට කැමති උනත් අකැමැති උනත් ලන්කාවෙ හරි පිට රට හරි රස්සාවල් කරන්නවෙනවා
ඩස්පිගේ ආච්චි පන්සලේ ඉහලින්ම කැපවෙලා වැඩකරපු උපාසිකාවක්. අපිනම් කියුවේ පින්කන් ඕර්සියල් කියලා...බුද්දපූජා බෝදිපූජා සකස්කරන ඒවා ඔක්කොම උනේ ....ආච්චිට ඕනි විදියට....කවුරු හරි උපාසක අම්මා කෙනෙක් අලුත් දෙයක් පූජාවට එකතු කරන්න හැදුබොත් මලසුන්ගේ දෙවනත් වෙන්න ආච්චිගේ කටේ සද්දේ අහගන්න පුලුවන්
පන්සලේ මල් පූජාවේ මල් අතගස්සන්න පොඩි කොල්ලෝ කුරුට්ටෝ පෝලිමේ පොරකකා ඉන්නවා
ආකර්ශනීය දෙයක් අරගෙන පෙරහැරේ ගියොත් තමයි අතගන්න පේලි හැදිලා ඉන්න අයගේ අවධානය වැඩිපුර යොමුවෙන්නේ

HatharawaramWhere stories live. Discover now